ජාතික පාසල් 101ක විදුහල්පති පුරප්පාඩු පිරවීමට අයඳුම් පත් කැඳවා පුවත්පත් දැන්වීම් පළ කර වසරක් ඉක්ම ගොස් ඇතත් මේ වන තෙක් සමූඛ පරීක්ෂණවලින් කිසිවකු පත් කර නැතැයි ලංකා ගුරු සංගමය කියයි.
ශ්‍රී ලංකාවේ ජාතික පාසල් 335ක් පමණ ඇතැයි ද, ඉන් 101ක විදුල්පති පුරප්පාඩු ඇතැයි ද, එම විදුහල්වල මේ වන විට කටයුතු කරන්නේ වැඩ අවාරණය කරන විදුහල්පතිවරුන්යැයි ද එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කරයි.
මේ පාසල් අතර කොළඹ ප්‍රසිද්ධ පාසල් කිහිපයක්ම ඇති බවත්, මීට වසරකට පෙර විදුහල්පතිවරුන් පත්කිරීමට සම්මූඛ පරීක්ෂණ පැවැත්වීම සඳහා පුවත්පත් දැන්වීමක් පළ කළ බවත්, එලෙස පුවත්පත් දැන්වීම් පළ කළත් තවම විදුහල්පතිවරුන් පත් කර නැති බවත්, මේ නිසා බොහෝ පාසල්හි පරිපාලනය කඩා වැටී ඇති බවත් ස්ටාලින් මහතා පවසයි.
වසරකට 101 ක් වූ විදුහල්පති පුරප්පාඩු සහති පාසල් ගණන දැන් ඊට වඩා වැඩි වී ඇති බව ද හෙතෙම සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාල්ල පැත්තේ ඇති බාලිකාවකටත් හොද විදුහල්පතිනියක් ලබා දෙන්න. (නි)
පාසල් සිසුන් නැතුව ඇති . පාසල් තිබ්බට සිසුන් නැතිනම් මොන විදුහල්පති වරුන්ද ?(නදී)
අපේ මේ ලොකු කට්ටිය මොකද මෙච්චර පරක්කු. ඉක්මනට ඔය නම් ලැයිස්තු ටික එවන්නකො, මේ පුටු පුරවල දාන්න තියෙනවා. (නි)
ළමයින් නේද අමාරුවේ වැටෙන්නේ (දී)
මතුගමත් ජාතික පාසලක් තියෙනවා, හොඳ විදුහල්පති කෙනෙක් ලබා දෙන්න. නැත්නම් පාසලේ දරුවන්ට දෙවියන්ගේ පිහිට තමා. (ස)
කාටද අපි මේ දුක කියන්නේ (දී)
බලාගෙන ගියාම වැඩ බලන විදුහල්පතිවරු සමහර ස්ථිර අයට වඩා හොද බවය් පෙනෙන්නේ! (අ)