2020 සිට දුම්කොළ වගාව තහනම් කිරීමට බලාපොරොත්තු වන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ප්‍රකාශ කළේය.
මහවැලි අමාත්‍යංශයේ වන ක්ෂේත්‍ර සහකරුවනට පත්වීම් ප්‍රදානය කරමින් ජනපති එසේ කීවේය.
දුම්වැටියෙන් සිදුවන පිළිකා හානි වැලැක්වීම රජයේ අරමුණ බව ද ජනපති සඳහන් කළේය.
දැනට සියයට 29ක් වන වන වැස්ම සියයට 32 දක්වා වැඩි කිරීමට රජය ක්‍රියා කරන බවත්, විල්පත්තු වනය එළි පෙහෙලි කිරීම ඇරඹුනේ ගිය රජයේ අන්තර් ඇමැති කමිටුවකින් බවත්, දැන් එය මේ රජය පිට පවරීමේ උත්සාහයක් ඇති බවත් කී ජනපති තමා එම කමිටුවේ පවා සේවය නොකළ බවත් කීවේය.
2025 දෙසැම්බර් මස 18
558
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘වසර හතරකින් දුම්කොළ වගාව තහනම්‘
නිමල් ලලිත Monday, 04 January 2016 04:43 PM
දැනට වනය විනාශ කරමින් ඉදිවෙන ජනපද නවත්වන්න බැරිද? (නි)
වසන්ජය Monday, 04 January 2016 07:40 PM
දුම්කොළ, සිගරැට් නැවැත්වුවත් හෙරොයින් නම් නවත්වන්න අමාරුයි (නි)
විජිත් Monday, 04 January 2016 10:39 AM
දුම්කොළ මාෆියාව හිතනවාට වැඩිය ලෝකයේ ඉතාමත්ම ප්‍රභලයි ප්‍රවේශමෙන්. (ර)
අමල් Monday, 04 January 2016 10:53 AM
හොඳ වැඩක්. (ර)
රනිල් වික්‍රම Monday, 04 January 2016 10:54 AM
ඉතින් මහත්තයෝ ගිය ආණ්ඩුවේ වැරදි හරිගස්සන්න තමයි පත් කලේ, දැන් කාටද මේක කියන්නේ? (ර)
සිසිර Monday, 04 January 2016 11:06 AM
කරන්න පුලුවන්නම් හොඳ වැඩක්. (ර)
මනෝජ් Monday, 04 January 2016 11:20 PM
දිගුකාලීනව දුම්කොළ වගාව නතර කරනවා නම් ඉතා හොඳයි. අවුරුදු 4 ඇතුළත ගොවියන් වෙනත් වගාවලට යොමුකරන්න ඕනෑ. (නි)
රාධා Tuesday, 05 January 2016 12:44 AM
දුම්කොළ වැවු පසු වෙන කිසිම දෙයක් වවන්න බැරිතරම් පස නිසරු වෙනවා (නි)
චාමර Monday, 04 January 2016 11:36 AM
දැන් ඉතින් මේවා තමා ජනාධිපති කෙනෙක්ගේ ජාතික ප්‍රශ්න. තාම අරය මෙයා කරපුව ගැන කතාව. ආර්ථිකේ හිර වෙන එක, ඩොලර් එක වාර්තාගතව ඉහළ ගිය ඒවා කතා නැහැ. (බ)
ඉදුනිල් Monday, 04 January 2016 12:10 PM
කටින් බතල හිටවනවා (ම)
දිනේෂ් Monday, 04 January 2016 12:40 PM
දැන් ඊට පස්සේ බුලත් විට කන්නත් දුම්කොළ පිට රටින් ගෙන්නන්න පටන්ගනී. ඔය දේවල් කර කර ඉනේ නැතිව කෙලින්ම දුම්වැටි තහනම් කරාම ඉවරනේ. (ර)
සමන්ත Monday, 04 January 2016 01:13 PM
දැන්නම් මේ නිදහසට කරුණු කීම අහල ඇති වෙලා තියෙන්නේ. ගිය ආණ්ඩුව තිබුනේ මීට අවුරුද්දකට කලින්. එතකොට පටන් ගත් වැරදි ක්‍රියාවක් හරිගස්සන්න කාලේ හොඳටම ඇති. (ර)
ආරියපාල හේවගේ Monday, 04 January 2016 01:15 PM
මෙය ලෝක මෆියාවකි. හිතන තරම් ලෙහෙසි නැහැ . එම නිසා පරිස්සමෙන් මෙය ක්‍රියාවට නැගිය යුතුය. (ර)