2020 සිට  දුම්කොළ වගාව තහනම් කිරීමට බලාපොරොත්තු වන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ප්‍රකාශ කළේය.

මහවැලි අමාත්‍යංශයේ වන ක්ෂේත්‍ර සහකරුවනට පත්වීම් ප්‍රදානය කරමින් ජනපති එසේ කීවේය.

දුම්වැටියෙන් සිදුවන පිළිකා හානි වැලැක්වීම රජයේ අරමුණ බව ද ජනපති සඳහන් කළේය.

දැනට සියයට 29ක් වන වන වැස්ම සියයට 32 දක්වා වැඩි කිරීමට රජය ක්‍රියා කරන බවත්, විල්පත්තු වනය එළි පෙහෙලි කිරීම ඇරඹුනේ ගිය රජයේ අන්තර් ඇමැති කමිටුවකින් බවත්, දැන් එය මේ රජය පිට පවරීමේ උත්සාහයක් ඇති බවත් කී ජනපති තමා එම කමිටුවේ පවා සේවය නොකළ බවත් කීවේය.

DSC_9660 DSC_9610 DSC_9615 DSC_9630 DSC_9643