ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර 2011 වසරේ ලෝක ටෙස්ට් ක‍්‍රිකට් පිලේ නායකයත්වය සඳහා තෝරාගනු ලැබ ඇත. වසරේ ටෙස්ට් පිලට ඇතුළත්ව සිටින එකම ශ්‍රී ලංකා කී‍්‍රඩකයා වන සංගක්කාර එහිදී කඩුලූ රකින්නා ද වේ. අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව (අයි.සී.සී.) විසින් ක‍්‍රීඩකයන් 12 දෙනකුගෙන් සමන්විත වසරේ ටෙස්ට් ක‍්‍රිකට් පිල අද (26) නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කරන ලදී. එහිදී නායකත්වයට පත් වු සංගක්කාර වසරේ ටෙස්ට් පිලට ඇතුළත් වු දෙවැනි අවස්ථාව ද මෙයවේ. අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ වාර්ෂික සම්මාන උළෙලට නිර්දේශවී සිටින එකම ශ්‍රී ලංකා ක‍්‍රීඩකයා වන්නේ ද කුමාර් සංගක්කාරය. ඔහු එහිදී වසරේ හොඳම එක්දින කී‍්‍රඩකයා සහ වසරේ ක‍්‍රිකට් ජනපි‍්‍රයම ක‍්‍රීඩකයා සම්මානය සඳහාද නිර්දේශවී සිටියි.
අන්තර්ජාතික ක‍්‍රිකට් සම්මේලන වසරේ ටෙස්ට් පිල (පිතිකරු පිළිවෙලට):
ඇලිස්ටෙයාර් කුක් (එංගලන්තය), හසීම් අම්ලා (ද.අප‍්‍රිකාව), ජොනතන් ටූට් (එංගලන්තය), සචින් තෙන්ඩුල්කාර් (ඉන්දියාව), කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව, නායකයා සහ කඩුලූ රකින්නා), ඒ.බී. ඩිවිලියර්ස් (ද.අප‍්‍රිකාව), ජැක් කලිස් (ද.අප‍්‍රිකාව), ස්ටුවට් බ්‍රෙඞ් (එංගලන්තය), ගේ‍්‍රම් ස්වාන් (එංගලන්තය), ඬේල් ස්ටේන් (ද.අප‍්‍රිකාව), ජෙම්ස් ඇන්ඩර්සන් (එංගලන්තය) සහ සහීර් ඛාන් (ඉන්දියාව)
1
කුලී ගෙවල් අලුත් පනතින් ගෙහිමියන්ට පදිංචිකරුවන්ට වෙන්න පුළුවන් දේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සංග එළ කොල්ලෙක්. එහෙම තමයි ලංකාවේ කොල්ලන්ගේ වැඩ.