තම සභාපතිත්වයෙන් යුත් කෝප් කමිටුවේ සාමාජිකයකු වූ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මුලු නිල කාලයටම සහභාගී වුණේ එකම රැස්වීම්කට පමණක් යැයි ඩිව් ගුණසේකර මහතා චෝදනා කරයි.
මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට හිටපු කතානායකවරයාට හිටපු අගමැතිවරයාට හා හිටපු විපක්ෂ නායකවරයාට ද පැමිණිලි කළ ද කිසිවෙකුත් කිසිදු පියවරක් නොගත්තේ යැයි ද හෙතෙම පැවැසීය.
පාර්ලිමේන්තුවේ වැදගත්ම කමිටුවක් වන කෝප් (පොදු ව්‍යාපාර කාරක සභාව) ට පත්කළ හැකි දැනුමැති මන්ත්‍රීවරුන් සිටිය ද නායකයන් ඊට උනන්දුවක් නොදැක්වීම කණගාටුවට කරුණක් යැයි ද ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අනාගත බලාපොරොත්තුවට ඔහොම කියනවට අපි කැමති නැහැ (නි)
ආවා කියලත් වැඩක් නැහැනේ ඉතින් (නි)
ගුණසේකර මහත්තයෝ, ඔබ එදා ඉදන් කළ දේශපාලනයක් නැහැ...කටු කන එක කළේ...... ඔබේ වයසට ඔබ දැන් ඉන්න ඕනේ ගෙදර..... එ්ක හින්ද වෙන්න ඇති මේක කියන්න මෙතරම් පමා වුනේ...(බ)
නාමල් කියන්නේ දේශපාලනයට සුදුසු කෙනෙක් නොවේ. ආරම්භයේ පටන් හොරකමට සහ දුෂණයට නම් දරපු අයෙක්ගෙන් අපිට හොඳ දෙයක් බලාපොරොත්තු විය නොහැකිය (නි)
ගුණසේකර මහත්තයෝ, එයා කවුද කියලා අපි මුල ඉඳලම දැනගෙන හිටියා පමණක් නොව අපේ පිළිකුලද අප ලියන හා කරන කියන දේවලින් කල්තියාම දැන්වුවා. (නි)
ඒක තමයි වෙනස.(හේ)
කෝප් එන්නේ කොහොමද කරපු වැඩ වල හැටියට (හේ)
බලය තියෙනකොට කවුරුත් එහෙම තමයි.(හේ)
මේ අදහස් දැක්කහම රටේ මිනිසුන්ගේ ආකල්ප ඉතා හොඳින් තේරුම්ගන්න පුලුවන් (නි)
ආරම්භයේ පටන් හොරකමට සහ දුෂණයට නම් දරපු අයෙක්ගෙන් අපිට හොඳ දෙයක් බලාපොරොත්තු විය නොහැකිය (නි)
නාමල්ට ඔය කෝප් වගේ දේවල් තේරෙන්නේ නැහැ. දේශපාලනයක් කරන්න තරම් පැසුණු බුද්ධියක් නැති අයට මොන කෝප්ද? (නි)
දැනුම දෙන්න පුළුවන් වුණාට මොලේ දෙන්න බැහැනේ මහත්තයෝ (බ)
හොරුන්ගෙත් හොරු කම්බා හොරු කියනවනේ. ඉතින් කම්බා හොරු කොහොමද හොරු අල්ලන තැනකට එන්නේ. (අ)
ඔය පනින්නේ මල්ලෙන් එලියට (අ)
ගොඩක් අයට බලය තියෙද්දී මොළේ නැහැ. මොළය තියෙද්දී බලය නැහැ. නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි. බලය තියෙද්දී මොළය නැහැ. බලය නැතිවෙද්දී මොළය ඇත්තෙම නැහැ (නි)
නිල් බලකායේ වැඩ නිසා එන්න වෙලාවක් තියෙන්න නැතුව ඇති. අනික ආවා වුණත් මොකද්ද ඇති වැඩේ? (නි)
ඕක කියන්න මෙච්චර කල් ගත්තේ ඇයි? (නි)
අශ්වයා පැනල ගියාට පස්සේ ඉස්තාලේ වහල වැඩක් නැහැ. ඕව කියන්න තිබුනේ ඒ කාලේ. අනෙක එයා ඔය කමිටුවට අවා කියල තියනවා ද? එකයි නෑවිත් ඉන්න ඇත්තේ. අවා නම් ඔබතුමාලට කරන්න කෝප් කමිටුවකුත් නැහැ. (අ)
කෝප් කියන එකේ තේරුමක් දන්නේ නැතුව ඕවට සහභාගි වෙන එක වැඩක් නැතුව ඇති (නි)
ඇන්ජලෝ ඔබ හරි , කවදත් එජාපෙ තමයි උගත් සහ දක්ෂයන් හිටියේ . දැන් බලන්නකෝ ශ්‍රීලනිපේ ඉන්න අයගෙන් කීයෙන් කීදෙනේක්වද ජාත්‍යන්තර සමුළුවකට යවන්න පුළුවන් ඈයෝ ඉන්නේ . එක්කෝ ඉංග්‍රීසි බැහැ නැතිනම් අදාළ විෂය ගැන දන්නේ නැහැ . සමහරවිට මේ දෙකම බැහැ . මේක තමයි ඇත්ත.(අ)
මහින්ද ජනාධිපති නොවෙන්න නාමල් තවත් රස්තියාදු කාරයෙක් විතරයි , කෝප් කමිටුවෙන් ඉතිහාසයේ පළමු වතාවට රාජ්‍ය ආයතනයක වැරද්දක් පෙන්නුවා, සභාපති තුමාටත් රජයටත් අපේ ප්‍රණාමය (අ)
ඔය කියන ඒවා එදා කිව්වේ නැත්තේ බයටනේ. (අ)
මේගොල්ලෝ කියන්නේ බලපෙරෙතයන් පමණයි.. (අ)
එයා කොහොමද කෝප් එන්නේ. ඒ කාලේ මහාජනතාවට වද දිදී පාරවල් වහාගෙන ආරක්ෂකයන් පිරිවරාගෙන පාරවල්දෙවනත් කරමින් ඉගිල්ලුනාමිසක්. (අ)
මොළයක් නැති අය පාර්ලිමේන්තු යවපු මොළ නැති මිනිස්සු තමයි මේවට වගකියන්න ඕනෑ. (නි)
දැන් හරි. ඔබතුමාලටත් හරි වැරදි ටික ටික හරි පෙනෙන එක ලොකු දෙයක් (නි)
දැනුයි මෙයාට මතක්වුණේ (නි)
නාමල් සුදුසුකමක් අැති දේශපාලකයෙක් නොවෙයිනේ. තාත්තාගේ බලපුළුවන්කාරකමට පත්වුණ ඔහූ නාවාට අපිට කමක් නැහැ. (නි)
ඒ දශකයේදී සිදුවූ සිදුවීම් අමතක කරමු අපි (නි)
ගරු මහින්ද රාජපක්ෂ මැතිඳුනි, වසර 10 ක් පුරාවට කෝප් කමිටුවට ගෙනා චෝදනා 30 කින් එකක්වත් විභාග කිරීමට එදා ආණ්ඩුව අසමත් විය. කෝප් කමිටුව බලාත්මක කිරීමට නොහැකි විය. දේශපාලනය පැත්තකින් තිබ්බොත් රනිල් එය වසරකින් කර පෙන්නුවේය. රනිල් සැබෑ දක්ෂයෙකි. මහත්මා දේශපාලනය යනු මෙයයි. අපට පක්ෂ බේද අවශ්‍ය නැත. මහින්ද රාජපක්ෂ මැතිඳුනි, වරද පිළිගෙන දේශපාලනයෙන් ඉවත්වෙන්න. (නි)
ගරු මහින්ද හිටපු ජනාධිපතිතුමනි, එදා ඔබ කෝප් කමිටු වැනි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යුහයන් අඩපණ කළේය. මෙවැනි ආයතනත් සමඟ රට පාලනය කිරීමට නොහැකි බව විශ්වාස කළේය. අද ඔබතුමා වැරදි බව ඔප්පු වී අවසානය. එදා ඔබතුමා සිතුවේ ආණ්ඩුවට සම්බන්ධ සියලු ජඩයන් රැකීමෙන් ජනතාව ආණ්ඩුව කියන සියලු දේ පිළිගන්නා බවය. අද එය පුස්සක් වී හමාරය. රජයේ වේවා විපක්ෂයේ වේවා හොරු අල්ලන්න අල්ලන්න රනිල් මෛත්‍රී රජය තව තවත් ජනතාව අතර ජනප්‍රිය විය. මහින්ද මැතිතුමා වැරදි බව දැන් ඔප්පු වී හමාරය.මහින්ද මැතිතුමනි, දැන්වත් දේශපාලනයෙන් ඉවත්වන්න. (නි)
එදා ජනතාවට දුන් පොරොන්දුවක් වන ස්වාධීන කොමිෂන් සභා බලාත්මක කර දුන් අයට ජාතියේ ප්‍රණාමය! (නි)
ඒ වනවිටත් හොඳට වැඩ පටන් අරන් තිබුන නිසා වෙන්න ඇති, කෝප් වැඩ වලට ආවේ නැත්තේ. කොහොම වුණත් ඒකෙ සාමාජිකයෙක් හැටියට එයාගේ වැටුප නම් හරියට ගන්න ඇති. (නි)
එයා ඇවිල්ලා මෙතන මොනවා කරන්නද. නාපු එක බොහොම හොඳයි. සිටියා නම් කෝප් වාර්තාවත් බාල වෙනවා. (නි)
අනේ ඉතින් මේක ශ්‍රී ලංකාවනේ! (නි)
එක දවසක්වත් ආපු නැති අය වගේම දවසක් දෙකක් ආපු අයත් ගොඩක් ඇති. කෝටි 2 ක ජනතාවක් විසින් 225 ක් හා ඔවුන්ගේ පවුල් පෝෂණය කරන රටක් මේක. (නි)
ඕකේ වරද එතුමාගේ නොවේ. අපේ. (නි)
මේ කතා අපි නම් එච්චර ගණන්ගන්නේ නැහැ (නි)
එතුමාට නම් කොච්චර වැඩ තිබුනද? කාර්-රේස් යන්න තිබුනා. රට රටවල ඇවිදින්න තිබුණා. පාර්ලිමේන්තුවේදී වුණත් අනික් (ජ්‍යෙෂ්ඨ) මන්ත්‍රීවරු වුණත් දුක්-ගැනවිලි කිවුවේ නාමල් මන්ත්‍රීතුමාට. ඉතින් ඔය ජරමර අස්සේ කෝප් රැස්වීම් වලට යන්න එතුමාට නිදහසක් තිබුනද? (නි)
එයාට ඊටවඩා කරන්න වැදගත් වැඩ ඇති (නි)
එයා ආවා කියලා වැඩක් නැති බව එයාට තේරෙන්න ඇති (නි)
ඇත්තටම යූඑන්පී එක සමඟ එස්එල්එෆ්පී එකේ මන්ත්‍රීවරු සැසඳුවහම එස්එල්එෆ්පී එකේ මන්ත්‍රීවරු අධ්‍යාපන මට්ටම අතින් ඉතා පහළයි කියායි අපිට නම් දැනෙන්නේ (නි)
කෝප් එකට මෙහෙම අය දාන්නේ ඇයි කියලා අපි දන්නවා (නි)
තමන් කරලා තියෙන වැඩ වලට හිතට එකඟව එන්න බැරි බව තේරුම් ගන්න ඇති (නි)
කරුණාකරලා එකාබද්ධ විපක්ෂය මෙයට උත්තර දෙන්න (නි)
අතීතයක් යනු අතීතයක් පමණක් යැයි අතීතයටම තල්ලු කර දමා, නැති වර්තමානයක් ඔස්සේ අනාගතයක් ගැන සිහින මැවිය හැක්කේ මන්දබුද්ධික පරාජිත දේශපාලකයින්ට පමණි. (නි)
දැන් තමයි එතුමාටත් කට ඇරෙන්නේ. (නි)
මෙහි තිබෙන තේජක සහ ජයතු දෙපලගේ අදහසට මම එකහෙළාම එකඟයි. ඒ කාලේ කරපු කෙළි එක්කෙනෙක්වත් කතාකළේ නැහැ. මොකද සුදු වෑන් එකට බයේ. දැන් කටමැත දොඩවන්න ලැජ්ජා නැද්ද මේ සමහරුන්ට. (නි)
අනික අපේ සමහර මෝඩ මිනිස්සු හිතාගෙන ඉන්නේ රාජපක්ෂ පවුල විතරයි මේ රටට ඉන්න එකම පවුල කියලා. එයාලගේ කෙනෙක්ම මේ රටේ හැමදාම රජවෙලා ඉන්න මේ රට එයාලගේ පවුලේ අයගේ බූදලයක්ද? කිසිම කෙනෙක් දෙවතාවකට වඩා මුල් පුටුවේ සිටියයුතු නැහැ. අනික ගෙයක් හැදුවම, හදපු බාස් උන්නැහේ ගෙදර නවත්වා ගන්නේ නැහැනේ. වැඩේ කරලා ඉවර වුණාම එයාලා එතනින් යන්න ඕනෑ (නි)
දී කිරට බළල්ලුත් සාක්කිලුනේ... (නි)
නාමල් ගැන මේ වෙලාවේ අදින්නේ අර්ජුන් මහේන්ද්‍රන් සහ බැඳුම්කර වංචාව ගැන ඇතිවෙලා තිබෙන අවධානය නැති කරන්නද කියලා හිතුනා. (නි)
නිලූගේ උදාහරණය නම් නියමයි (නි)
ගුණසේකර මහතා ගේ විතරක් නෙමයි තවත් අයගේත් කට ඇරෙයි ඉස්සරහට. දැන් ඇත්ත කියන්න බයවෙන්න එපා. (අ)
පුහුල් හොරා කරෙන් දැනේ කියලා අපේ පොතේ තිබුනා (නි)
එයා දන්නවා ඇති ඕක බොරු වැඩක්, අප්පච්චි ඔය කමිටු වාර්තා ගණන් ගන්නේ නැහැ කියලා. (නි)
ගුණසේකර මහත්තයෝ, එයා කවුද කියලා අපි මුල ඉඳලම දැනගෙන හිටියා පමණක් නොව අපේ පිළිකුලද අප ලියන හා කරන කියන දේවලින් කල්තියාම දැන්වුවා. නමුත් තාත්තලා පුතාලා පාර්ලිමේන්තු කෝප් වලදී කළාට වඩා ගෙවල්වලදී රහසිගතව පමණක් නොව ප්‍රසිද්ධියේත් රඟදැක්වූ බයිස්කෝප් වල අන්තර්ගතය තමයි ජනතාව මේ දිනවල නරඹන්නේ. (නි)
දැන්ද මේවා කියන්නේ? (නි)
අතීතය යනු අතීතයකි. අපි කතාකළ යුත්තේ අනාගතය ගැනයි (නි)
නාමල් කෝප් කමිටු සාමාජිකයකු ලෙස 2015 කලින් රැස්වීම් වලට ආවේ නැති එකයි පිට දාලා අර්ජුන් මහේන්ද්‍රන් කෝප් එකෙන් වැරදිකාරයකු වුණ බව යටපත් කරන්න වගේ හදන්නේ. (නි)