IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වසර දහයට වැඩ වර්ජන 386ක්:රටට පාඩුව කෝටි 300ක්



(සුජිත් හේවාජුලිගේ)

රට පුරා කෙරුණු වැඩවර්ජන වලින් පසුගිය වසර දහයක කාලයේදී රුපියල් කෝටි 300කට වැඩි පාඩුවක් සිදුව ඇතැයි අලුත්ම සංඛ්‍යා ලේඛනවලින්  පෙනී යන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය.

එම කාල සීමාවේදී වැඩ වර්ජන 386ක් සිදුවී ඇති බවත් ඒ වැඩ වර්ජන වලින් ශ්‍රම දින හය ලක්ෂ හැට දෙදහස්  තුන්සිය  අසූඅටක් රටට අහිමිව ගොස් ඇති බවත්  ඔහු සඳහන් කළේය.

එම වැඩ වර්ජන වලට සම්බන්ධ වී ඇති සේවකයන් සංඛ්‍යාව එක් ලක්ෂ පහළොස්  දහස් තුන්සිය පනස් හයක් බව පවසන වසන්ත අතු කෝරළ මහතා වැඩිම වැඩ වර්ජන සංඛ්‍යාවක් සිදුවී ඇත්තේ 2018 වර්ෂයේදී බවද  ප්‍රකාශ කළේය.

එම වර්ෂයේදී සිදුවී ඇති වැඩ වර්ජන ගණන 51 ක් බව හෙතෙම  සඳහන් කළේය. අධ්‍යාපනය සෞඛ්‍ය වතු ප්‍රවාහන ඇඟලුම් යනාදී ක්ෂේත්‍රවල වැඩිම වැඩ වර්ජන ප්‍රමාණයක් සිදුව ඇති බවද ඔහු පෙන්වා දුන්නේය. ලංකාවේ දැනට ක්‍රියාත්මක වන වෘත්තීය සමිති සංඛ්‍යාව 2122කි.



අදහස් (6)

වසර දහයට වැඩ වර්ජන 386ක්:රටට පාඩුව කෝටි 300ක්

ගුණරත්න Sunday, 04 May 2025 01:21 PM

මම හිතන්නේ පාඩුව ඊට වැඩියි. මොකද මේ අවුරුදු 10ක, කලින් ඒවා අද කාලෙට ගැලපෙන්න පාඩුව පරිවර්තනය කරන්න ඕන, සාමාන්‍යෙයන් අවුරුදු 8න් අගය දෙගුණ වෙනවා කියනවා. අනික මුළු රටම වහගෙන කරපු වර්ජන, ගිය අවුරුද්දේ මාස 3ක් එක ගියාට විශ්ව විද්‍යාල වහගෙන හිටියා, ඒවායේ පාඩුව...

:       0       2

රම්බොඩ Sunday, 04 May 2025 01:33 PM

දැන් වර්ජන නෑ. මොකද එයාලා දැන් ආණ්ඩුවේ...

:       0       3

Jagath Sunday, 04 May 2025 03:35 PM

දැන් එතකොට අපි තමයි වැඩ වර්ජනය කළේ...

:       1       6

Aruna Monday, 05 May 2025 07:09 AM

76 වසරක ශාපයේ කොටස් කරුවෝ.. මේවා පිටුපස හිටපු අය කව්ද කියලා දන්නෝ දනිති. දැන් ඉතින් එහෙම නැහැනේ.. සියල්ල හම්බවෙලානේ තියෙන්නේ...

:       1       6

Janitha Monday, 05 May 2025 03:26 PM

පිරිසිදු ජෙප්පන්ගේ වැඩ...

:       1       5

NPP Monday, 05 May 2025 03:37 PM

වැඩ වර්ජනය නැති රටක් කියන්න බලන්න. වර්ජනය නොකර ඉල්ලීම් දිනා ගන්න අමාරුයි. ලංකාව වගේ රටක...

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site