පිරිසිදු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ රතුපස්වල ගම්වාසීන්ගෙන් මල්වතුහිරිපිටිය පොලිසිය දිගින් දිගටම පළිගන්නා බව රතුපස්වල පරිසර සංවිධානයේ කැඳවුම්කරු සුරේෂ් පෙරේරා මහතා කියයි.
මීට වසර දෙකකට පෙර උද්ඝෝෂණ කරද්දී නිවසකට පහර දුන් බව කියමින් අද උදේද ගම්වැසියන් දෙදෙනකු පොලිසියෙන් අත්අඩංගුවට ගත් බවත්, ඔවුනට එරෙහිව නඩුවක් ඇති බව පැමිණිල්ල දැමූ බව කියන පුද්ගලයා ද නොදන්නා බවත්, දිගින් දිගටම පොලිසියෙන් එල්ලවන බලපෑම්වලට එරෙහිව නැවතත් පාරට බසින්නට සිදුවන බවත් ඔහු පවසයි.
මේ ගැන කළ විමසීමක දී මල්වතුහිරිපිටිය පොලිසියේ ප්‍රධානියකු පැවසුවේ හිතා මතා එවැන්නක් නොකළ බවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ ඒ ගැන සොයා බලන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසර 2 ක් එතරම් කාලයක්ද? හිටපු සමහරු දේශපාලඥයින් අවුරුදු 17 කට පෙර කළා කියන වැරදි වලට සැකපිට අත්අඩංගුවට අරගෙන රිමාන්ඩ් කරලාත් තියෙන්නේ. (නි)
අවුරුදු දෙකක් ගියා කියලා නීතිය වෙනස් වෙන්නේ නෑනේ . (ර)
පොලිස් කොමිසම මේවා විසඳුවොත් හොඳයි. (ර)