වසර හතකට පෙර අඩි 75ක් පමණ ගැඹුරු ළිඳකට වැටීමෙන් ආබාධිත වූ අංකුඹුර වැල්ගාලේ එක් දරු මවක් (33) නිවසක් ඉදිකරගැනීමට නොහැකිව අසරණව සිටී.
2009 වසරේදී මීමැස්මොරය වැළඳී ළිඳට වැටුණු ඇය බරපතල තුවාල ලබා මාස හයක් පමණ සිහි නොලබා රෝහලේ සිටි අතර වසර දෙක හමාරක පමණ කාලයක් රෝහලේ නැවතී ප්‍රතිකාර ලැබුවාය.
දැනට 13 වැනි වියේ පසුවන සිය දියණිය සමග ජීවත්වන ඇය දැනට තම පියාගේ රැකවරණය මැද ජීවත්වන බවත් කිසිම ආදායම් මාර්ගයක් නැති බවත් කියන්නීය. සැමියා ද ඇය හැර ගොස් සිටින අතර නිවසක් ඉදිකරගැනීමට පරිත්‍යාගශීලීන්ගේ ආධාර පතයි.
ඇය සම්බන්ධ විස්තර ලබාගැනීමට 072 5274232 අංකය ඇමතිය හැකිය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහාම රන්ජන් ඇමති තුමා හම්බ වෙන්න. ඔබේ ගෙදර ලැබෙයි ඔබට.(බ)
නීති ආධාර කොමිසම හරහා සැමියාගෙන් නඩත්තු මුදල් ඉල්ලා නඩුවක් ගොනු කරන්න පුළුවන්නේ. (නි)
මේවගේ අයට උපකාර කරන්න කැමති අය ගොඩක් ඉන්නවා. කරුණාකර ඇයගේ ලිපිනයත් සඳහන් කරන්න. (නි)
මේ අසරණ කාන්තාව වෙනුවෙන් වගකීමකින් කවුරුන් හෝ පිළිගත් කෙනෙක් ඉදිරිපත් වේ නම් ඒ කාන්තාවට කාමර දෙකක් මුළුතැන්ගෙය ඇතුළුව නිවසක් සාදාගැනීමට මා ඒ මුදල පරිත්‍යාග කරන්න කැමැත්තෙමි. (නි)
කරුණාකර මේ මවට උදව් කරන්න (බ)
රූපවතී, ඔබ ඔබ වැනි පහන් සිත් ඇති හෙළ දූවරු තවමත් සිටීම ගැන හරි ආඩම්බරයි. නමුත් නඟේ, ඔබේ ඉල්ලීම ගැන තව දෙවරක් හිතන්න. අපි අද ජීවත්වන්නේ අම්මා අප්පාවත් විශ්වාස නැති ලෝකෙක. සමහරවිට මේ වනවිටත් ඔබට අතදෙන්න දහස් ගණනක් ඉදිරිපත්ව ඇති. (නි)