වසර හතකට පෙර අඩි 75ක් පමණ ගැඹුරු ළිඳකට වැටීමෙන් ආබාධිත වූ අංකුඹුර වැල්ගාලේ එක් දරු මවක් (33) නිවසක් ඉදිකරගැනීමට නොහැකිව අසරණව සිටී.
2009 වසරේදී මීමැස්මොරය වැළඳී ළිඳට වැටුණු ඇය බරපතල තුවාල ලබා මාස හයක් පමණ සිහි නොලබා රෝහලේ සිටි අතර වසර දෙක හමාරක පමණ කාලයක් රෝහලේ නැවතී ප්‍රතිකාර ලැබුවාය.
දැනට 13 වැනි වියේ පසුවන සිය දියණිය සමග ජීවත්වන ඇය දැනට තම පියාගේ රැකවරණය මැද ජීවත්වන බවත් කිසිම ආදායම් මාර්ගයක් නැති බවත් කියන්නීය. සැමියා ද ඇය හැර ගොස් සිටින අතර නිවසක් ඉදිකරගැනීමට පරිත්‍යාගශීලීන්ගේ ආධාර පතයි.
ඇය සම්බන්ධ විස්තර ලබාගැනීමට 072 5274232 අංකය ඇමතිය හැකිය.
2025 දෙසැම්බර් මස 18
644
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘වසර දෙක හමාරක් රෝහලේ : දැන් යන්න තැනක් නෑ‘
ඉමේෂ් Wednesday, 09 March 2016 04:38 AM
වහාම රන්ජන් ඇමති තුමා හම්බ වෙන්න. ඔබේ ගෙදර ලැබෙයි ඔබට.(බ)
පෙරේරා Tuesday, 08 March 2016 08:17 PM
නීති ආධාර කොමිසම හරහා සැමියාගෙන් නඩත්තු මුදල් ඉල්ලා නඩුවක් ගොනු කරන්න පුළුවන්නේ. (නි)
ගීතිකා Tuesday, 08 March 2016 09:54 PM
මේවගේ අයට උපකාර කරන්න කැමති අය ගොඩක් ඉන්නවා. කරුණාකර ඇයගේ ලිපිනයත් සඳහන් කරන්න. (නි)
රූපවතී Tuesday, 08 March 2016 10:23 PM
මේ අසරණ කාන්තාව වෙනුවෙන් වගකීමකින් කවුරුන් හෝ පිළිගත් කෙනෙක් ඉදිරිපත් වේ නම් ඒ කාන්තාවට කාමර දෙකක් මුළුතැන්ගෙය ඇතුළුව නිවසක් සාදාගැනීමට මා ඒ මුදල පරිත්‍යාග කරන්න කැමැත්තෙමි. (නි)
සුරවීර Tuesday, 08 March 2016 12:22 PM
කරුණාකර මේ මවට උදව් කරන්න (බ)
ටෙනිසන් Wednesday, 09 March 2016 02:55 AM
රූපවතී, ඔබ ඔබ වැනි පහන් සිත් ඇති හෙළ දූවරු තවමත් සිටීම ගැන හරි ආඩම්බරයි. නමුත් නඟේ, ඔබේ ඉල්ලීම ගැන තව දෙවරක් හිතන්න. අපි අද ජීවත්වන්නේ අම්මා අප්පාවත් විශ්වාස නැති ලෝකෙක. සමහරවිට මේ වනවිටත් ඔබට අතදෙන්න දහස් ගණනක් ඉදිරිපත්ව ඇති. (නි)