IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වසරේ කප්පාදුවට එරෙහිව අදත් වීදී බසී

සම සෞඛ්‍ය උපාධි පාඨමාලාව නැවත වසර හතර දක්වා දීර්ඝ  කරන්නැයි ඉල්ලමින්  සිව් අවුරුදු  සම සෞඛ්‍ය  උපාධි සුරැකීමේ  එකමුතුව සංවිධානය  කළ විරෝධතා  උද්ඝෝෂණයක්  අද (06) කොළඹ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව  ඉදිරිපිටදී  පැවැත්විණි.

 



අදහස් (0)

වසරේ කප්පාදුවට එරෙහිව අදත් වීදී බසී

වර්නන් Wednesday, 07 May 2014 07:54 AM

දේශපාලකයන්ගේ මතයන් මම තකන්නේ නැත. රැකියවකට සුදානම් කරන්න අවශ්‍ය වසර ගණන තීරණය කල යුත්තේ එය ගැන දැනුමක් ඇති අය විය යුතුය. කලින් වසර 4 තිබු කමටම එය 4 විම අවශය නැත. කාලයට අනුව වෙනස්කම් කල යුතුව ඇත. එවැනි කොතෙක් දේ වෙනස්වී ඇද්ද. (නදී)

:       0       0

වර්නන් Tuesday, 06 May 2014 07:17 PM

මොවුන්ගේ මෙම ඉල්ලීමෙහි කිසි සාධාරණකමක් නැති බව මහජන අපට වැටහේ. රටට අවශ්‍ය සම සෞඛ්‍ය උපාධි කාල සීමාව තීරණය කළයුත්තේ අදාල අය මිස ශිෂ්‍යයන් නොවේ. වැඩිවන වසරකට මුදල් දරන්නේ මහජන අපිය. රටට අවශ්‍ය පශ්චාත් උපාධි ලැබූ අය බිහි කිරීම නොව, සම සෞඛ්‍ය නිලධාරීන් ලෙස රටට සේවය ලබාගැනීමය. (නි)

:       0       0

සුරානි Tuesday, 06 May 2014 08:21 PM

අනේ වර්නන්, ඔය කොහොමද සාධාරණ ඉල්ලීමක් නෙමෙයි කියන්නේ. ඒකත් පැත්තකින් තියමු. සිවු අවුරුදු උපාධියක් මීට කලින් තිබුණේ.ඒ එහෙම ඕනෑ හින්දනේ. එතකොට ඔය කියන විදිහට ශිෂ්‍යයන්ට අදාල වැඩක් නෙමෙයි උපාධි කාලය තීරණය කරන්න. ඒක තීරණය කරන්න වෛද්‍යවරුන්ගේ සංගමයට තිබෙන අයිතිය මොකක්ද? (නි)

:       0       0

සිසිර Tuesday, 06 May 2014 09:17 PM

මේ ගොල්ලෝ වසරක් අඩු කළාට දගලන්නේ ඒගොල්ලන්ට වර්ජනය ක‍රන්න කාලය මදි හින්දාද? (නි)

:       0       0

වර්නන් Tuesday, 06 May 2014 10:01 PM

සුරානි, වෛද්‍යවරුන්ගේ සංගමයට පමණක් අයිතියක් නොමැති බව ඇත්ත. අදාල වෙනත් කොටස්ද තිබේ. මෙම පාඨමාලාවට වෛද්‍යවරුන්ගේ විශාල දායකත්වයක් ඇති බව සළකන්න. සම සෞඛ්‍ය නිලධාරීන් අවශ්‍ය වනුයේ වෛද්‍යවරුන්ගේ වෛද්‍ය තීරණ ක්‍රියාත්මක කිරීම සඳහාය. අවුරුදු 3 හෝ 4 උපාධියෙන් ලැබෙනුයේ එකම රැකියාවකි. පශ්චාත් උපාධි ලබාගැනිම සඳහා පමණක් යම් බලපෑමක් තිබිය හැකිද යන්න මම නොදනිමි. එසේ වුවත්, දැන් රටට අවශ්‍ය සම සෞඛ්‍ය නිලධාරීන් ලෙස රටට සේවය ලබාගැනීමය. මම වෛද්‍යවරයෙක් නොවෙමි. (නි)

:       0       0

හිරුජ Wednesday, 07 May 2014 12:41 AM

වර්නන් මහත්තයෝ . මොවුන්ගේ ඉල්ලීම් සාධාරණ බව එස් බී ඇමතිතුමාත් පිලිගත්තා. අවුරුදු 3 දැනුමයි 4 දැනුමයි අතර ලොකු වෙනසක් තියෙනවා. පාසලේ වුවත් ශ්‍රේණි 13 ක් තියෙන්නේ ඇයි. එහනෙම් එයින් දෙක තුනක් අඩු කලොත් ඔබතුමා කියන රැකියාවට සුදුකම් සපුරන්න පුළුවන් වෙයිද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 257 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1053 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site