කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට ඉන්දියාවේ සිට තැපෑලෙන් එවූ හෂීස් තොගයක් සම්බන්ධයෙන් වසර එකහමාරක් තිස්සේ රිමාන්ඩ් භාරයේ සිටි බ්‍රිතාන්‍ය ජාතික ජොෂ් කර් විල්ටන් ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.
රුපියල් දස ලක්ෂයක මුදල් ඇපයක් හා ලක්ෂ 25 බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හළ මහේස්ත්‍රාත් ඔහුගේ ගමන් බලපත්‍රය ද තහනම් කළේය.
ඩී ආර් විජයවර්ධන මාවතේ තැපැල් හුවමාරුවේ දී පාර්සල් දෙක ගැනීමට ගිය විල්ටන් ද, බ්‍රට්න් සාවුල් ෆීලික්ස් ද එම පාර්සල් රැගෙන පැන දිවූ නමුත් බ්‍රට්න් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය උසාවියට දැන්වීය.
බ්‍රට්න් හා උදේශ් හෙට්ටිආරච්චි යන සැකකරුවෝ දෙදෙනා දැනට ඇප මත සිටිති.
උදේශ් අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම කුඩු පාර්සල් සම්බන්ධ ලියැවිලි සකස් කිරීම වෙනුවෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර සුද්දොත් දැන් පකිස්තානු සහ ඉන්දියානු කාරයන් කරනා දේවල් කරනවා. අපේ රටට සංචාරක විසා වලින් පැමිණෙන සියලු දෙනා ගැන විමසිල්ලක් තිබිය යුතු කාලයක් එළඹ තිය්න්නේ. නැතිනම් අපේ රට මත් කුඩු ජාවාරම් කරුවන්ගේ තිප්පලක් සහ ත්‍රස්වාදීන්ගේ මධයස්ථානයක් වෙනවා නොඅනුමානය.(නදී)
වෙන රටක නම් කුඩුත් එක්ක අහු වුණහම කෙලින්ම හිරේ. නඩු ඇහිල්ල පස්සේ. (නි)
අයියෝ සුද්දා
පොඩි දේටත් පැනල එන එම්බසිය අය දසන් මොකද වැඩ නැත්තේ? එංගලන්තය අයට ඒඅය එපා වෙලාද? (දී)
සුද්ද උනත් උපරිම දඩුවම දීම ගොඩක් නිවැරදි (අ)
ලංකාවේ කුඩු ගැන පුවතක් නැති දවසක් (දී)
හිතවත් වත්සලා, ඔබ හිතන්නේ "අපේ රට මත් කුඩු ජාවාරම්කරුවන්ගේ තිප්පලක් සහ ත්‍රස්වාදීන්ගේ මධ්‍යස්ථානයක් වෙනවා නොඅනුමානය" කියලාද? නොඅනුමානයි නොවෙයි වෙලා ඉවරයි කියලා ලියන්න අමතක වුනාද? නැත්නම් තව ටිකක් බලා ඉඳලම ලියන්න හිතුනද? (නි)
මෙයාට තියෙන්නේ ලඟම එන පළාත් සභා ඡන්දෙකට ඉදිරිපත් වෙන්න.(නදී)
මෙය කොහෙද දැන් ඉන්නේ,පාරේද,තානාපති කාර්යාලයේද (අ)
දැන් සුද්දාට යන්න එන්න තැනක්වත් නැතුව ඇති.හැබැයි සුද්ද වුණත් කරපු වැඩේ කැතයි (නි)
කාලේ යන ඉක්මන. මට අද ඊයේ වුනා වගේ මතකයක් තියෙන්නේ.(නදී)
ඔය කියන්නේ ඇන්ජලා සෙනෙවිරත්න එහෙම ගෑවුන සිද්දියද? ඒක වෙලා අවුරුදු එකහමාරකුත් වෙලාද? (දී)
මත් ද්‍රව්‍ය වැරදි වලට සුද්දා කියලා විශේෂයක් හෙම කරනවා නෙමෙයි ඔන්න.(නදී)