බලන්ගොඩ වැලිගෙපොල ඉලුක්කුඹුර ලුනුගල්ලෙනේ කැණීමක දී සොයා ගත් ධාන්‍යවර්ග වසර 6350ක් පැරණි බව ඇමෙරිකාවේ ෆ්ලොරිඩා විශ්ව විද්‍යාලයය දන්වා ඇතැයි පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව මහතා කීවේය.
දඩයම් හා කෘෂිකර්මාන්තය අතර සංක්‍රාන්තිය සිදුවූ ප්‍රදේශයක් ලෙස ඉලුක්කුඹුර ලුනුගල්ලෙන සහ අවට කලාපය දැක්විය හැකි බව ද ඒ මහතා පැවසීය.
ඌරු වී, අමු, කරවී ආදී වනසර වී වර්ග එම ප්‍රදේශයෙන් හමු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්‍යපාලට සත්‍ය වැටහේවා! මෝඩ ගති ඉවත් වේවා! ලැජ්ජයි මහත්තයෝ (නි)
මේ ආශ්‍රයෙන් තවත් වැදගත් කරුණු රැසක්ම ඉදිරියේදී හෙළිවේවි (නි)
හොඳ සොයාගැනීමක් (නි)
අද අගමැතිඳුන්ගේ මඟපෙන්වීම යටතේ විශාල ජාතික ප්‍රබෝධයක්, සිංහල උරුමය පිළිබද කතිකාවතක් ඇතිව ඇත. සිංහල ජාතිකත්වය වෙනුවෙන් කැපවුණ අගමැතිඳුන්ටත්, ජනපතිඳුන්ටත් බොහෝ පින්! (නි)
හොඳ සොයාගැනීමක් (නි)
මොනවා කළත් සිංහලයාගේ ඉතිහාසය යටගහන්න බැහැ. (නි)
නමුත් අද අපි " පරිප්පු "කනවා. කනවා නොවෙයි පරිප්පු බලෙන් " කවනවා ". (බ)
නිර්මල මොනවා කියනවද මම දන්නේ නැහැ. (නි)
අවුරුදු 5000 ට කලින් රාවණා රජතුමා හිටියා කියන එක බොරුවක් නෙමෙයි කියලා මේ කතාවෙන් ඔප්පු වෙනවනේ. (නි)
සමහරුන්ට අමුකැවිල (බ)
මේ වූකලී අප විසින් අබිමන් පත්වනු නිසි විදුහුරු පුවතෙකි.මෙ පුවත හෙළිකරන්නේ ආදි සිංහලයා ගේ සැබියාව වසර සයදහස තෙක් පසුපසට දිවෙන වගයි. වසර සය දහසකට කලින් දඩයම දුරැලා ගොවිකම ඇරැඹු සතුනට අබය දානය කළ සබිහේළයෝ අපි වෙමුයි නිසැක ව උදන් අනන හැකියාව මතු ලබමු. (බ)
සෝමදේව මහතාවත් ළගදීම අත්අඩංගුවට ගන්නට ඉඩ ඇත.සිංහල කියා ජාතියක් නැත, අපි ඉන්දියාවෙන් ආපු අය කියමින් "සිංහල" කියන වචනය පවා තහනම් වචනයක් ලෙස හදුන්වන්නට හදන කාලයක මේවා ඔප්පුකරන්නට ගොස් අමාරුවේ වැටේවිද කියල බයයි. ඕව කරන්නට මේක සුදුසු කාලයක් නොවේ. (බ)
නිර්මල, රාජ් සෝමදේව මහතා මේ පර්යේෂණ කරන්නේ අද ඊයේ නෙවෙයි.. මේවට දේශපාලනේ ගාව ගන්න එපා. (බ)
මේ පුවත දිහා බලන්න ඕනේ එ්කට අවශ්‍ය කරන පරිනත දැක්මකින් මිසක් බොළඳ දේශපාලනයෙන් නොවේ. හැමදේටම දේශපාලනය ගා ගැනීම අපේ සිංහලයාගේ පිරිහීම පෙන්වන්නකි.එය ජාතියේ ඉදිරි පැවැත්මට හේතු නොවේ. දේශපාලනය කරන පිරිසට එය කරන්න ඉඩ දී අප අපේ රාජකාරිය නිසි ලෙස කරමු. (බ)
මහාචාර්ය සොමදෙවයන් සමග කැනීම් ක්ෂේත්‍රයේදී පැවැත්වූ රුපවාහිනී සම්මුඛ සඛච්ඡාව නැරඹීමෙන් පසු මට සිතුනේ බුදු දහම සහ වී වගාව ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නායයි කියන කාල වකවානු නැවත විමර්ශනය කලයුතු බවයි. මාදුරු ඔය අසල පිහිටි කන්දේගම ප්‍රදේශයේ බුදු දහම මෙරටට පැමිණීමට පෙර පැවති බෞද්ධ සිද්ධස්ථාන වල නටබුන් හමුවීමෙන් පැහැදිලිවන්නේ මිහිඳු හිමියන් ලංකාද්වීපයට පැමිණීමට පෙර බුදු දහම මෙරටේ ස්ථාපිතව තිබු බව. එසේනම් ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආගම ලෙස බුදු දහම ව්‍යවස්ථාවට ඇතුලත් කිරීමේ කිසිදු වරදක් නොමැත. ඒ මක්නිසාදයත් කිතුනු, හින්දු සහ ඉස්ලාම් දහම් මෙරටට පැමිණියේ රාජ්‍ය අනුග්‍රහයෙන් නොවීම නිසා. (අ)
ඉන්දික ගාලේවත්ත, ඔයා කණ්ණාඩිය ඉදිරියට ගිහින් ඇඟිල්ල දික්කරගෙන කියන්න " සත්‍ය වැටහේවා! මෝඩ ගති ඉවත් වේවා!" කියලා. එහෙම නැත්නම් නම වෙනස්කරගන්න " ඉන්දික හත්පොලේ ගාගත්ත" කියලා. (නි)
අපේ කමට ගරහන අපේ මිනිසුන් ඉන්න කාලයේ මහාචාර්ය සොමදෙවයන් කටත් ආදර්ශයක්. (අ)
නිර්මල හරියටම හරි (නි)
ගමගේ, අපේ සෑම වටිනාකමක්ම ඉන්දියාවට පවරමින් අපේකමට අඩු අගයක් දී ඇතත් අපි සත්‍යය සොයා යා යුතුයි (නි)
ලංකාවේ වර්තමාන බහුබූත දේශපාලන ඕපාදුප වලට වඩා ජීවයක් වටිනාකමක් සහ අමිල මෙහෙවරකට අතගසා ඇති මේ පුවත සිංහලයාගේ අභිමානයේ නිම්වළලු ප්‍රසාරණය කෙරෙන්නකි. (නි)
ඒ කාලෙත් මිනිස්සු මොනතරම් දියුණුද? (නි)