සිංගල් ත්‍රී කඳුවැටියේ අනවසර වගාකිරීම් නිසා 1992 දී මුළුමනින්ම සිඳී ගිය ග්ලෙන් දියඇල්ල ඉන්පසු නියම ජීවය ලැබූයේ 2015 වප් පුන් පොහෝදාය.
අනවසර වගාවදී නතර වී කැලෑවද වැවී වැසිද ලැබීමත් සමග ග්ලෙන් ඇල්ල අද නව ජීවයක් ලැබීය.
ග්ලෙන් ඇල්ලෙන් පෝෂණය වනුයේ නුවරඑළියේ ග්‍රෙගරි වැවයි. අද පෙරවරුවේ සිට පැය තුන හතරක් නුවරඑළියට තද වැසි ලැබුණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් අලංකාර දසුනක් (ම)
වසන්තගේ අදහස ඉතාම හොඳ වැදගත් එකක්.ඇත්තටම මේවා බලධාරීන්ගේ අවධානයට යොමුවිය යුතු කරුණුයි. ඉස්සර සුද්දා තේ වවනකොට භුමිය ගැන නිරතුරුවම අවධානයෙන් හිටියා. නමුත් 1970 දී බලයට පත්වුණ රජය තේ වතු ජනසතු කළා. සුරාකෑම කෙසේවෙතත් නියම ප්‍රමිතියට වගාව කළ සුද්දා අපේ රට හැරදා යන්න ගියා. එදා තමයි අපේ තේ වගාවට කණකොකා හඬන්න පටන්ගත්තේ. අපි විසින් අපිව නැතිකර ගත්තා. (නි)
ස්වභාව ධර්මයේ නිර්මාණ හරිම සුන්දරයි. ඒ වගේම වටිනාකමකින් යුක්තයි (නි)
සමස්ත පෘතුවි තලයම එකම වැලි කතරක් කර එම ගිනියම් වූ වැලි තලාවේ විසකුරු සතෙක් වී සැඟව ඇවිද යන මිනිසකුගේම පාදය දෂ්ට කරන්නට බලා සිටින මිනිසුනේ , බලපල්ලා ග්ලෙන් ඇල්ලේ සුන්දරත්වය.සියටෙල්ගේ ලෝකයේ මල් පිපෙන්නට ඉඩ දී බලා සිටින්න.(ම)
වන සංරක්ෂණ නිලදරුවනට ආචාරය ඔබලා මෙය කළා නම් සහ මෙම තැනට ග්ලෙන් ඇල්ල සියවස් තුන් කාලක් තුළ ගෙන ආවාට...! වසන්ත ,විජිත් ,ඔබගේ අදහස් හරි. සුද්දා 1974 ජනසතුවට පෙර මැනවින් නිරීක්ෂණය කළා ජල පෝෂක ප්‍රදේශ ගැන ,ඒවාට අත තිබ්බේ නැහැ ...! ඔවුන් මොනතරම් රට සුරා කෑවත්,නැති ප්‍රශ්න අපිට ඇති කළත් ,සුද්දා වතු වගාව පිළිවෙලට කළා .ජනසතුවත් විය යුතුයි. නමුත් දේශපාලන වතු පත්වීම් නිසාත්,හරි හැටි නඩත්තුවක් නොවන නිසාත් වතු වගාව පිරිහුණා.අපේ මිනිසුන් තමයි ජල පොෂක පෙදෙස් වල අල වවන්නේ. බලන්න ඒ -5 මාර්ගයේ කි.මි.63-65 කණු අතර මහනුවර සිට යන විට වම් පැත්තේ , (පුඩලුඔය ,කොත්මලේ කොට්ටාශය දෙසින්) රක්ෂිත කඳු මුදුන් දිහා....! හීනියට ඉහල වනස්පතිය හෙළි පෙහෙළි කර අල වගාකරන හැටි...! (බ)
වසන්තගේ අදහස් අපුරුයි. මේවා තමයි ඇත්තටම කළ යුතු වැඩ. (බ)
ස්වාභාවික වනාන්තරයක් රැක ගැනීම අපි කාගේත් වගකීමක් අපිට තිබෙන ලොකුම සම්පත තව වසර 50-75 කින් ආසියාවේ පිරිසිදු ජලය තිබෙන එකම රට ශ්‍රී ලංකාව මොකද අපගේ ස්වාභාවික වනාන්තර හින්දා දැන් ඉදලම රැකගන්න ඕනි එක ජාතික වගකීමක් රට රකිනවා මෙන්ම වනාන්තර පද්ධතියත් රැක ගන්න. (බ)
ගොඩක් ලස්සනයි.(හේ)
අපුරුයි .....සුන්දරයි. ...දිය ඇළි රටේ ජීවයයි . කඳු රට වන සම්පත ආරක්ෂා කරමු .(හේ)
ජයවේවා (බ)
මේ අදහස ඇතිවෙලා, අදහස ක‍්‍රියාත්මක කළ පිරිසටයි මේකෙ ගෞරවය හිමිවිය යුත්තෙ. එයාලගෙ බලාපොරොත්තුව ඉටුවුණා. ඒ කියන්නෙ එයාලගෙන් රටට සේවයක් වුණා. සොබාදහමට හෝ නොපෙනෙන පාර්ශ්ව වලට වගකීම් දිදී ඉන්නෙ නැතුව ඔහොම හැමෝම වැඩකළා නම් රට නිකම්ම ගොඩ. (නි)
හරිම ලස්සනයි...(රේ)
මොනතරම් ලස්සනද?
හැම දෙයක්ම විනාශවෙන හැටි අහන්න ලැබෙන මේ වගේ කාලෙක, මෙය ඉතාම සතුටු හිතෙන පුවතක්. (නි)
මගේ රටට දළදා හිමි සරණයි. (ර)
ස්තුතියි ලංකාදීප! කාලෙකට පස්සේ අහන්න ලැබුණු සතුටුදායක ආරංචියක්. හැමදාමත් මෙහෙම දේවල් අහන්න ලැබේවා.....! (නි)
හරිම ලස්සනයි. (ර)
මම මේ කතාව සහ ඇල්ල ගැන ඇහුවේ අදමයි. මේ වගේ දෙයක් වෙලා තිබුන බවවත් දැනගෙන හිටියේ නෑ. මේ ඇල්ල ගැන තව විස්තර දැනගන්නේ කොහොමද? (ර)
අපි මේ සොදුරැ බව විදගමු. පරිසරය රැකීම අප හැමගේ වගකීමක්. (ර)
මිහිකත මවගේ කඩාහැළෙන දිය දහරා ඇයව තවත් ශෝභමාන කරයි. ඇය සුරැකීම අපේ වගකීමකි. (නි)
හැම කෙනෙක්ම එක පලය මේ අවුරුද්ද අවසාන වීමට පෙර සිදුවමු. රජය නීති මගින් මීටර් 1000 වැඩි කදු මුදුන් එලි පෙහෙලි කිරීම නැවත විය යුතුයි. සැම තේ වත්තකම මුදුනේ අක්කර 5-15 ක ස්වාභාවික වනාන්තරයක් හදමු. අතීත සෞභාග්‍යය නැවත ගොඩ නගමු. (බ)