කොළඹ නගරයේ ජීවත්වන දුගී පවුල් 64000 කට අධික පිරිස යළි පදිංචිකරවීම සඳහා පසුගිය රජය සමයේ ඇරැඹූ පුනර්ජීවන නගර ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් අසාර්ථක යැයි මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් ප්‍රධාන කාර්යාලයේදී එම සංගම් නියෝජිතයන් සමග සාකච්ඡාවකදී පැවසීය.
ඔවුන්ගේ සංස්කෘතිය, අධ්‍යාපනය ඇතුළු ජීවන රටාව වෙනස් නොකර තට්ටු ගෙවල්වල ගාල් කිරීමෙන් මේ අසාර්ථක බව ඇතිවූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
බස්නාහිර පළාතේ ලක්ෂයකට අධික දුගී පවුල් ජීවත්වන බවද පැවසූ අමාත්‍යවරයා පුනර්ජීව නගර ව්‍යාපෘතියට වඩා වෙනස් ක්‍රමයක් මෙම ජනතාවට සාධාරණයක් ඉටුවන අන්දමින් ක්‍රියාත්මක කරන බවද කීවේය.
බස්නාහිර පළාතේ සිටින 58 ලක්ෂයක් වූ ජනගහණය 2030 වන විට අසූ ලක්ෂයක් පමණ වේ යැයි ගණන් බලා ඇතැියද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න කරනවා නම් වැඩ! (නි)
පැල්පත් වාසීන්ගේ ජීවන රටාව වෙනස් නොකර නිකංම තට්‍ටු නිවාස වලට ගාල් කරා කියලා විසඳුමක් නෑ. තිත්ත ඇත්ත තමයි සමහර මිනිස්සු තමන්ට ලබා දීපු නිවාස කුලියට දීලා ආයිමත් අර පැල්පත් වලටම එනවා,මොකද ඒ හා බැඳුනු වෙනත් හේතු නිසා.ඒක ඉතින් දන්නෝ දනිති. (අ)
පසුගිය රජයේ ඔබතුමා සිටියේ නැද්ද කියලා හිතෙනවා මේ කතා ඇහුවහම (නි)
පෙර වැරදි නොසොයමි. වැඩ පෙන්වන්න. (ම)
දැන්ද මහත්තයෝ මේවා කියන්නේ? (නි)
ඔබතුමාට වැඩක් කළහැකියි. අවුරුද්දක් ඇතුළත සැළසුම් සදා වැඩ පටන්ගතහොත් විවේචන නවතීවි. උමං දුම්රිය හොඳ වැඩ පිළිවෙලක්. (නි)
මෙම ප්‍රශ්නයට විසදුම ජනතාවට තමන්ගේ අවශ්‍යතාවයන් තමන්ගේ පළාත් තුළදී ඉෂ්ට කරගැනීමට අවශ්‍ය පහසුකම් සලසන්න. (ම)
කමණිත් එක්ක මමත් එකඟවෙනවා මේ වෙලාවේ (නි)
කතාව නම් නියමයි (නි)
මෙයා මැරිලා ඉපදුනේ කවදද?(රේ)
මිනිස්සු වැඩිවුණාට භූමිය වැඩිවෙන්නේ නැහැනේ (නි)
පසුගිය දේවල් ගැන විවේචන එපා මහත්තයෝ. ඔබ තුමාගේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන්න. (ත)
කරුණාකරලා ලංකාවේ ජනගහනය පාලනය කරන්න . (රේ)
ප්‍රේමදාස ජනාධිපති කොළඹ තට්ටු නිවාස හැදුව. ඒවා එතකොට හරි.මහින්ද ජනපති තට්ටු නිවස හැදුව එ්ක අසාර්ථකයි. මේවා අහන්න ඉන්න ජනතාවකුත් රටේ ඉන්නවා.කමනි කියන කතාව හරි. මෙතන චම්පික කරන්න යනදේ කියල නැහැ. කොළඹ තවත් තට්ටු නිවාස ගෙවල තියෙනවා .වෙනස තියෙන්නේ ගෙවන්න ඕනේ එක විතරයි (බ)
ඔය කියන අධ්‍යාපනය සහ අනෙක් සියල්ල අවුරුද්දෙන් කරන්න පුළුවන් කමක් නැ. කල යුත්තේ එම වැඩපිළිවෙල ඉදිරියට ගෙනයන එකයි. (ර)
මෙම ව්‍යපෘතිය භාරව සිටි කෙනාගේ අපමණ වැරදි තිබුණත් මෙතෙක් කිසිවකුට කරන්න බැරි වුන දේ බොහොමයක් ඔහු ශූර ලෙස කළා. ඔහු මේවා අරඹන්න කලින් කොළඹ කියන්නේ බලන්න අප්‍රසන්න පැල්පත් පිරුණු කුණු ගොඩක්. එයින් දහයෙන් එකක්වත් ඔබට කර ගන්න බැහැ. පුළුවන් නම් පාරම්බාලා නැවතත් කොළඹ කසල නගරයක් කරන්න.(රේ)
ලංකාවේම ජනගහන පාලනයක් කරන්ඩ. ඔබ කොළඹ නිවාස ප්‍රශ්නය සහා තදබදයට විසදුමක් දුන්නොත් වීරයෙක්. මෙතෙක් එය කළේ දිවංගත ප්‍රේමදාස මහාතා පමණයි. (බ)
මෙය එ් ආණ්ඩුවේ හිටපු නැති කෙනෙක්ද? නැත්නම් මැරිලා ඉපදීලද?(රේ)
හොඳ දෙයට හොඳයි කියන්න බැරි ඇයි මහත්තයෝ? (ර)
හිමල් කියන දේ මමත් පිළිගන්නවා (නි)
මීගමුව, කටුනායක, හෝමාගම, මහරගම, නිට්ටඹුව, මොරටුව, සිට උමං දුම්රිය මාර්ග ඇති කරන්න. තදබදය ඉතා උග්‍රයි. (ර)
කටුනායක , මීගමුව කටාන ආශ්‍රිතව මෙගා නගරයක් අලුතෙන් ඉදි කරන්න. කොළඹ තදබදයට පිළියමක් වෙයි. (ත)
අපිට ඔබ විස්වාසයි.ඉක්මනින් ඔබේ වැඩ පෙන්වන්න. (ත)
කමනිලා වගේ අය මොන දේ කළත් වැරැද්දක් කියන්න තමයි බලාගෙන ඉන්නේ (නි)
මෙතුමා දරපු එක අමාත්‍යංශක් ගොඩගත්‍තෙ නැහ නේද?(රේ)
,විදිලිබල ඇමැතිවෙලා හිටපු කාලේ කයිවාරු ගහල ගහල හදපු ගල් අඟුරු බලාගාරය හදපු දවසේ ඉඳලා කැඩුනා .දැන් නිකන් සැලසුම් හදනවා කියල කොළ පුරවලා අපේ කනින් ආයෙත් රින්ගන්නයි හදන්නේ .අපරාදේ මෙයාට දුන්නු එජාප අපේ චන්දෙ .(රේ)
ඔව් ඉතින්. පවුලක අඩුම වශයෙන් ළමයි තුනක්වත් ඉන්නවානේ. මේ ප්‍රශ්නයට විසඳුමක් අවශ්‍යයි (නි)