තීරු බදු රහිත වාහන බලපත් අයිතිය ඇති රජයේ නිලධාරීන්ට වසර 10කට වරක් බලපත් නිකුත් කරන බව රනිල් වික්‍රමසිංහ අගමැති පාර්ලිමේන්තුවේදී පැවසීය.
එක් අයකුට ලබාගත හැකි උපරිම බලපත් ගණන දෙකකි.
තීරු බදු රහිත වාහන බලපත් අයිතිය ඇති රජයේ නිලධාරීන්ට වසර 10කට වරක් බලපත් නිකුත් කරන බව රනිල් වික්‍රමසිංහ අගමැති පාර්ලිමේන්තුවේදී පැවසීය.
එක් අයකුට ලබාගත හැකි උපරිම බලපත් ගණන දෙකකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුන්සලේ ඉන්න කට්ටියට නම් අවුරුදු පහෙන් පහට දෙනවා නේද? ඒ පර්මිට් එකෙන් ගෙන්වන්න පුලුවන් වාහනේට නම් කිසිම සීමාවක් නෑ නේද? සමහර කවුන්සිල් සාමාජිකයෝ මේ පර්මිට් ලක්ෂ 150 වගේ ගණන් වලට විකුනනවා නේද? පර්මිට් නැති කරනවා නම් ඔක්කොටම ඒවා නැතිකරන එක නේද හොඳ? (බ)
අපි ලංකාවට බරක් නොවී එහෙ ඉන්න අපේ අසරණ පවුල් වලටත් හැකි විදියට උපකාර කරමින් ඉන්නකොට ඉපදුනු රටේ පුරවැසිබව ලබන්නත් ලක්ෂ 3 ක් දෙන්ට වෙලා. (ර)
අයවැය යෝජනා කියක් විතර ඉතුරු වෙලා තියෙයිද දන්නේ නැහැ අයවැයට තුන්වැනි පාර ඡන්දෙ තියෙනකොට. (ර)
කුමාර, ඔබ හරියටම හරි කිසිම සහනයක් නැති පිරිසක් තමයි අපි. (ර)
මේ ප්‍රශ්නය හොද විදියකට විසදාගනිමු. (ර)
ඔහොම යමුකෝ! (නි)
රාජ්‍ය සේවකයා මෙවර තමා නියමෙට ඉල්ලන් කෑවේ. ජය වේවා! (නි)
නියමයි (ම)
විදේශ රැකියා කරන අපිට අඩුම තරමින් බැංකු ණයක්වත් දෙන්නේ නෑ. අපි නේද ලංකාවට සල්ලි එවන්නේ. අඩුම බැංකු ණයක්වත් දෙන්න ගෙයක් දොරක් හදාගන්න හෝ මිලදී ගන්න බැංකු වලට ගියාම පිට රට ඉන්න අයට ණය දෙන්නේ නෑ කියනවා වාහනයක් ගන්න බලාගෙන හිටිය දැන් එකත් නෑ. (ම)
බලපත්‍ර වලට කෑදරකමින් ස්ට්‍රයික් කළ අය ගොඩ. හැබැයි හැම රාජ්‍ය සේවකයාටම බලපත්‍ර ලැබෙන්නේ නැහැ. ප්‍රබලයින්ට විතරයි. ඉතින් ග්‍රාම නිලධාරී ඇතුළු අයට දුන් මෝටර් සයිකලය, රු.10000 මූලික පඩියට එකතු කිරීම වගේ සාමාන්‍ය අහිංසකයින්ගේ බලාපොරොත්තු වලට මොකද වෙන්නේ? කවදත් ප්‍රබලයින් ගොඩ, දුබලයින් හබක්. (නි)
පෞද්ගලික අංශයේ පඩිය තාම රුපියල් 10000.00 නිවාඩු 14 යි කවුද අපි ගැන බලන්නේ
මේක හොඳ තීරණයක් (නි)
ඉතාමත් හොඳ ප්‍රායෝගික වැඩපිළිවෙලක්. බලපත්‍ර ගණන එකකට සිමාකළා නම් තවත් හොඳයි. (නි)
හැමෝම බදු ගෙවිය යුතුයි. ඇයි කාටවත් අමතර වරප්‍රසාද? (නි)
බලපත්‍රයෙන් දෙන වාහනය කාරයකට පමණක් සීමා කරන්න. කාරයේ උපරිම අගය සහිතව.එතකොට රජයට අහිමි වන බදු ප්‍රමාණයවත් අඩු වෙයි . මම මගේ කාර් එක ගත්තේ බදු ගෙවල .එකත් එක්කම තවමත් හැම දෙයකටම බදු ගෙවනවා.ලීස් කරනකොට එතනත් ගානක් කපාගන්නවා (ම)
මේක හොඳ තීරණයක් මම හිතන්නේ. වාහනයක් අවුරුදු 10ක් කැඩෙන්නේ නැතුව දුවන්න පුළුවන්.එහෙම නැතුව පර්මිට් එක මුදල් උපයන මාර්ගයක් වෙන එක වැරදි.ජය වේවා රනිල් මහතාණනි (ම)
කොහොමත් මේ අය උද්ගෝෂණ කරලා හරි මේවා ලබාගන්නවා. පොඩි මිනුස්සු ගන්න ත්‍රීවිල් වලටයි පොදු වාහන වලටයි විතරයි බදු (බ)
දහයක් ඉන්නද කල්පනාව (බ)
රට රැකගත් රණවිරුවන්ට තීරු බදු නැතුව ත්‍රීරෝද රථයක්වත් දුන්නොත් හොඳ නැද්ද? එයාලත් ගොඩක් දුක් වින්ඳනේ (නි)
රජයේ සේවකයන්ට උපරිම සහන ලැබෙනවා පුද්ගලික අංශයට මොනවත් නැහැ මම නම් මේ අසාධාරණයට විරුද්ධයි (ම)
මුදල් ඇමති බදු අඩුකරන කොට ජනපති වැඩි කරනවා . එයා කපන කොට අගමැති දෙනවා . මේ වගේ මුදල් ඇමති කෙනෙක් ලෝකයේම නැහැ (බ)
ඡන්ද පොරොන්දු අකුරට ඉටුකිරීමක්ද (බ)
මන්ත්‍රී වරුන්ටත් අවුරුදු 10 කට එක පර්මිට් එකක් දුන්නනම් ඇති. එයත් රුපියල් මිලියන දෙකකට අඩු පර්මිට් එකක් දුන්නනම් හොඳය. මන්ත්‍රී වරුන්ටත් සාමාන්‍ය මිනිසුන් විඳින දුක තේරෙන්න ඕන. (බ)
විදේශ රැකියා වල ඉන්න මිනිසුන්ට කිසිම දෙයක් දීල නෑ මේ අයවැයෙන්. ඒ රටට බරක් වෙලා නෑ .කිසිම ආණ්ඩුවක් ඒ ගැන හිතල නෑ. (ම)