IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


වාසුයි පුතයි යළි රිමාන්ඩ්

මාළඹේ තාක්ෂණ ආයතනයේ නිපුණ රාමනායක ශිෂ්‍යයාට පහර දුන්නැයි සැකපිට හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන හා ඔහුගේ පුත් නිපුනට අදත් චෝදනා ගොනු නොකැරිණි.

චෝදනා ගොනු කරන ලෙස නීතිපි උපදෙස් ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.

ගුණවර්ධන මහත්වරුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු ඊට එරෙහිව කරුණු දැක්වූහ.

සැකකරුවන් ලබන 14 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස මහේස්ත්‍රාත් කමල් විජේසිරි මහතා නියෝග කළේය.

 



අදහස් (0)

වාසුයි පුතයි යළි රිමාන්ඩ්

ටිකිරි මැණිකේ Thursday, 07 November 2013 03:47 PM

දැන් ඔය වැරදි වලට සම්මබන්ධ ඔය දෙන්න විතරමද, ඔය ලොකු ලොකු පුටු වල ඉන්න අනික් කට්ටිය වැරදි කරලම නැද්ද? අපේ කට්ටිය කොහොමත් දන්නේ වැටුන මිනිහටම ගහන්න තමා. (ස)

:       0       0

අමිල - කටුනායක Thursday, 07 November 2013 12:55 PM

කකුළුවො නැටුවෙ හැලිය රත්වෙන තුරු. (ස)

:       0       0

සිල්වා Thursday, 07 November 2013 01:01 PM

මොනවා කරන්නද ඉතින් කරුමේ (දී)

:       0       0

ජගත් Thursday, 07 November 2013 04:47 PM

මැරෙනකම්ම හිරේ තමා. (ස)

:       0       0

ආටඃණාආආආ Friday, 08 November 2013 12:17 AM

ඔහොම තමයි මොනවා කරන්නද (දී)

:       0       0

ටත්නායක Friday, 08 November 2013 12:19 AM

ජයවේවා නියමයි (දී)

:       0       0

මනෝජ් Thursday, 07 November 2013 01:14 PM

චෝදනාවක් තියේ නම් ගොනු කරලා ඉක්මනට ව්භාග කරලා දඩුවම් කරන්න ඕනේ. හැමදාම රිමාන්ඩ් කරලා වැඩක් නෑ නීතීඥවරුනට තමි හොදයි ඉතින් දුප්පත් අපේ බදු සල්ලි තමා නිකරුනේ වියදම් වෙන්නේ (නදී)

:       0       0

යු. එස්. ඒ Thursday, 07 November 2013 05:43 PM

වාස් වීරයකු මෙන් සිටියේ අහිංසකයන් අල්ලා ඔවුන් වැරදිකරුවන් කරමින්. වාස්ගේ අඩම්තේට්ටම් වලට වැරදි නොකරපු මිනිහත් වැරදි කළා කියලා බාර ගන්නවා කියලා කියනවා. අද හිරේ සිටින බොහෝ දෙනෙක් වැරදි කළ අය නොවේ. දුප්පත්කමත් අහිංසකකමත් නිසා නිකරුනේ වැරදිකරුවන් වෙලා. සැබෑ වැරදිකරුවන්ට එළියේ රජ සැප. සල්ලි තිබේ නම් නීතියත් අතේ. දැක්කේ නැද්ද ඔලුව පලා ගත් මේජර්ලත් එයාම ඔලුව පලා ගත්තා කිව්වා. සමහරු තමන්ම ගස් බැඳ ගත්තා කිව්වා (නි)

:       0       0

පද්මිණි Thursday, 07 November 2013 05:56 PM

ගිම්හානි,ගජ මෑන් දෙන්නා කියන දේ මමත් අනුමත කරනවා. ඔබට මේ සියල්ල විදදරා ගැනීමට ශක්තිය ලැබේවා! (නි)

:       0       0

උපාලි Thursday, 07 November 2013 01:52 PM

"නපුරු කලට සත හට පැමිණෙන වෙහෙස - ඒ දුරු නොවෙයි කල කම් පල දෙවා මිස". ඔහොම වෙයි කියල අපිවත් හීනෙකින්වත් හිතුවද හිටපු හැටියට? (ස)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 07 November 2013 01:53 PM

ඔව් ඔව් වැරදි කලාම දඬුවමකුත් තියෙන්න ඕනිනේ ! (ස)

:       0       0

කරාපිටිය ජයලත් Friday, 08 November 2013 01:48 PM

ලංකාවේ මිනිසුන් මහා පුදුම කොටසක්. වාස් සහ ඔහුගේ පුතා කල වැරදී වලට ඔවුන් නීතියෙන් දඬුවම් ලැබෙන තුරු නඩුවක් යනවා. මෙහෙන් අපේ කට්ටිය තීන්දුවත් දීලා ඉවරයි. වාස් හොඳ මිනිහ කියලා. ඒත් මෙයාලගෙ පවුලම කරපු වැඩ මුළු රටම දන්නවා. (ස)

:       0       0

ස්වර්ණ Friday, 08 November 2013 03:07 AM

ලංකාවේ ඉන්න මිනිසුන්ට හරි දේ කරන මිනිසා පෙනෙන්නේ වැරදියට. මිස්ටර් වාස් කියන්නේ ලංකාවට ඉතාමත් ආදරය කළ කෙනෙක්. මේවා දරාගෙන ඉන්න බැරි අය මේ මහත්තයාව හිරේ දාන්න දගලනවා (නි)

:       0       0

යසවතී Friday, 08 November 2013 02:03 PM

අර නිපුනට ගහපු කෙනාට මොකුත් කරදරයක් නෑ නේද ?? නිපුන බේරුනේ තම මාමා බලගතු දේශපාලකලෙක් නිසා. (ස)

:       0       0

නුවන් Thursday, 07 November 2013 02:12 PM

දාන්න එපා එලියට.දැම්මොත් ලෝක ලෙඩක් .මතකනේ මෙයා කියපුවා. (ස)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Thursday, 07 November 2013 02:38 PM

"රජකම් කලත් කළකම් පලදේ" අහිංසකයින්ට අඩත්තේට්ටම් කිරීම තුලින් ඔවුන් කායික හා මානසිකව මොනතරම් වේදනාවක් විදින්නට ඇත්ද? එම වේදනාව අපේ විනාශයට මුල් වෙනවාට කිසිම සැකයක් නැහැ. සමහරු තමන්ට ලැබෙන බලය අයුතු ලෙස පාවිච්චි කරලා මොනතරම් අපරාධ කරනවාද? ඒ මදිවට අපරාධ කරුවන් ආරක්ෂා කරන්න කීදෙනෙක් ඉදිරිපත් වෙනවාද? මේ සියලුදෙනා අනිවාර්යයෙන් දඩුවම් විඳීම වැඩි ඈතක නොවේ. ඔවුන් කවුරු වුනත් දඩුවම් ලැබිය යුතුය. විධායක හෝ ව්‍යවස්ථා වෙන් සිදුනොවුනත් ස්වාභාවික විපත් වලින් හරි දඩුවම් විදින්න සිදුවේවි. යම් කෙනෙකුගේ සිත රිදෙන ආකාරයට හෝ වචන භාවිත නොකිරීමට අපි වග බලාගතයුත්ය. එවැනි උසස් මානසිකත්වයක් තිබිය යුතු මිනිස් වර්ගයා අද තිරිසන් ලෙස හැසිරීම කනගාටු දායකය. (නදී)

:       0       0

ආරියසේන Friday, 08 November 2013 06:02 AM

පිය පුතු දෙදෙනාටම වුණේ එකම ‍දේ (නි)

:       0       0

මංජු Thursday, 07 November 2013 02:42 PM

මෙතුමා කරපු හොඳ දේවල් බුක්ති විදින ජනතාව ලංකාවේ නැද්ද? (ස)

:       0       0

චතුරංග Friday, 08 November 2013 06:42 AM

වාසුයි පුතයි කියලා කියනකොට මම ඒත් හිතුවෙ වෙන දෙයක් (නි)

:       0       0

අමිල් Thursday, 07 November 2013 02:52 PM

මංජු පිළිතුර නැ යන්නයි. (ස)

:       0       0

රෝස් Friday, 08 November 2013 03:54 PM

ගිම්හානි ඔබ හරි මොකද සත්‍ය ජයගන්නවා බොරුව ,අපරාද හැමදාම කරන්න බැහැ. ඒකනේ වාස් අහු උනේ ටිකක් ඉවසල බලාගෙන ඉන්න කරපු පව් ගෙවන හැටි.(නදී)

:       0       0

ගිම්හානි Thursday, 07 November 2013 03:04 PM

නැහැ මංජු කතාවක් තියෙනවා පැරදුන කුකුලට කිකිලියොත් කොටනවා කියලා .අපේ සිංහල උන්ට මතක තියෙන්නේ කරන තුරු පමණයි .මොනවා උනත් වාස් මහතාණනි, ඔබ දිනකදී වීරයෙක් වෙලා හිටියා.ඔබ තුමා කවුද කියල දන්නෝ දන්නවා.සියල්ල විසදේවි. ශක්තිමත්ව ඉන්න.ඔබට දෙවි පිහිට පතනවා. සමහරු ඔබ ගැන දන්නේ පත්තර වලින්.කවදම හෝ සත්‍ය ජය ගන්නවා. (ස)

:       0       0

ගජ මෑන් Thursday, 07 November 2013 03:04 PM

කල හොඳ අපේ නම් හිතේ තියෙනවා. අපි උදේ හවා ප්‍රර්ථනා කරන්නේ මෙතුමාට මේ චෝදනා වලින් නිදහස ලැබේවා කියලා. (ස)

:       0       0

ප්‍රිය Friday, 08 November 2013 08:25 AM

නිපුනට ගහනකොට හිතුවේ නැහැ නේද තමුන්ගේ ළමයටත් මේ වගේ වුණොත් කොහොමද කියලා? දැන් පුතා අපා දුක් විදිනවා. දැන් තමුන්ගේ පුතාට පොලීසියෙන් සළකනවා. බලය තියෙනකොට නිහතමානී වෙන්න ඕනෑ (නි)

:       0       0

කමල් Thursday, 07 November 2013 03:17 PM

හොද ලක්ෂයක් කළත් නරක එක වැඩ කළත් නරක දෙය නරකමයි. ස්වභාවිකව හෝ දඩුවම් ලැබනවාමයි. ෆස්රුල් ගෆූර් - කටාර්, ඔබගේ අදහස අගෙයි (නි)

:       0       0

දොඩන්ගොඩ Friday, 08 November 2013 04:12 PM

වාස්ගේ පුතත් වැඩ කරලා තියන්නේ හැසිරිලා තියෙන්නේ අර අහවල් ඇමතිගෙ පුතා වගේ. (ස)

:       0       0

නිහාල් අතපත්තු Thursday, 07 November 2013 03:35 PM

ගිමිහානිටත් එහෙනම් වාසු මහත්තයා හොඳට සලකලා තියෙනවා වගේ. හොඳා හොඳා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 623 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site