
(සුජිත් හේවාජුලිගේ )
රාජ්‍ය නායකයන් රැසක් සිය නිල නිවාසය හැටියට පාවිච්චි කරන ලද විසුම්පාය ගොඩනැගිල්ල සංචාරක ව්‍යාපෘතියක් වෙනුවෙන් බදු දීමට රජය තීරණය කර ඇත.
ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු කරගෙන යන බව නිවාස ඉදිකිරීම් සහ නාගරික සංවර්ධන අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පැවසීය.
යටත් විජිත සමයට අයත් වූ විසුම්පාය ව්‍යාපාර පවරා ගැනීමේ පනතේ 35 වැනි වගන්තිය යටතේ 1971 වර්ෂයේදී රජය සතු දේපළක් ලෙස රජයට පවරා ගනු ලැබීය.
මෙම සුවිසල් ගොඩනැගිල්ල තමන්ගේ නිල නිවාසය බවට පත්කරගත් දේශපාලනඥයෝ රැසක් වෙති. ඒ පිරිසට සිරිමාවෝ බණ්ඩාරනායක, දි.මු. ජයරත්න, අනුරුද්ධ රත්වත්තේ, ලක්ෂ්මන් කදිරගාමර්, මංගල සමරවීර, මහාචාර්ය ජී, එල්. පීරිස් යන අය ඇතුළත්ය.
විසුම්පාය කොළඹ පිහිටා ඇති සුන්දර ගොඩනැගිල්ලකි. ඉන්දීය හිටපු අගමැතිනි ඉන්දිරා ගාන්ධි, ලංකාවට පැමිණි අවස්ථාවේදී ඇයගේ නවාතැන වූයේද විසුම්පායයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්ලා මේවා කරන්න හදද්දී මෙන්නෝ රජයේ දේපල විකුණනෝ කියලා බෙරිහන් දුන්නු හැත්ත ඒ දේම කරනවා... බරසාර වචන දාලා මේක ආයෝජනයක් විකිණිල්ලක් නොවෙයි කියලා. මාලිමා බයියෝ ටික අලි ගොන්නු නිසා උනුත් කරන්නේ ඔලු වනන එක තමයි...
ඉතාම හොඳයි... නැතිනම් ආණ්ඩු වෙනස් වුණොත් කවුරුහරි ඕකෙ ගිහින් නිකන් පදිංචි වෙයි.