IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


වාසනාවන්තම නිළිය අනුෂ්කාලු

2016-07-28-ent-45

ඉහළම ආදායම් ලැබූ චිත්‍රපට කිහිපයක දායක වෙන්නට ලැබීම පිළිබඳව තමා දැඩි ලෙස සතුටට පත්වන බවත්, ඒ නිසාම බොලිවුඩ් සිනමාවේ වාසනාවන්තම නිළිය වන්නට තමාට හැකිවූ බවත් අනුෂ්කා ෂර්මා "සන්ටා බන්ටා" වෙබ් අඩවිය සමග පවසා තිබෙනවා.

මේ දිනවල අතිසාර්ථකව තිරගත වෙන සල්මාන්ගේ "සුල්තාන්" චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පොවන අනුෂ්කා එවැනි විශාල ආදායමක් උපයාගත් චිත්‍රපටයක සාහිකාවක් වීමට ලැබීම පිළිබඳව ඇත්තේ කිව නොහැකි සතුටක් බව එම වෙබ් අඩවියට ඇය පවසා තිබෙනවා. එමෙන්ම මීට වසර 2කට පෙරදී තිරගත වූ අමීර් ඛාන්ගේ "පීකේ" චිත්‍රපටය මේ වනවිට බොලිවුඩයේ ඉහළම ආදායමක් උපයාගත් චිත්‍රපටය වීමත් ඒ සඳහාද තමාට යම් දායකත්වයක් සැපයීමට අවස්ථාවක් ලැබීමත් පිළිබඳව තමා තුළ විශාල සතුටක් පවතින බවද ඇය මෙහිදි වැඩිදුරටත් පවසා තිබුණා.

එමෙන්ම අනුෂ්කා, ෂාරුක් ඛාන් සමගින් රංගනයෙන් දායක වූ "ජබ්තක් හේ ජාන්" හා "රබ් නේ බානා ඩී ජෝඩි" චිත්‍රපට සඳහාද දායක වූ අතර, ඒවාද ඉහළ ආදායමක් උපයාගත් චිත්‍රපට අතරද තිබෙනවා.

 

2016-07-28-ent-46



අදහස් (0)

වාසනාවන්තම නිළිය අනුෂ්කාලු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 212 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 404 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 170 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site