රුපියල් විසිනව ලක්ෂ අසුඅටදහසක් වටිනා රත්තරන් කූරු හතරක් මලු දෙකක දාරයේ සඟවාගෙන ඉන්දියාවේ මදුරෙයි බලා පිටත් වීමට පැමිණි ශ්‍රී ලාංකිකයකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බවරේගු මාධ්‍ය ප්‍රකාශක සහ රේගු නීතී අංශයේ අධ්‍යක්ෂ ලෙස්ලි ගාමිණි මහතා කියයි.අත්අඩංගුවට ගත් රන් කූරූ හතරේ බර ග්‍රෑම් 664 කි.
හතලිස් හැවිරිදි සැකකරු නිතර ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර යන එන අයකු බව බවද රේගුව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකඩෝ! දැන්නේ අපට තේරෙන්නේ අපේ රටේ රත්තරන් ඉල්ලන් තියෙන විත්තිය. දවස ගානේ පිටරටවලට අදින්න තරම් රත්තරන් කොහෙන්ද අප්පේ. ලස්සන වැඩේ කියන්නේ කොච්චර පිටට ඇද්දත් ඉවර වෙන පාටකුත් නැහැ. යහපත් රජවරුන් පාලනයේ ඉන්න කොට රටවල් කිරියෙන් පැණියෙන් ඉතිරෙනවා කියන්නේ ඔන්න ඕකට තමා. (අ)
රත්තරන් ආකාර තියෙන ඕස්ට්‍රේලියාවෙත් නැතුව ඇති ලංකාවේ තරම් රත්තරන්.(නදී)