පිළියන්දල මණ්ඩාවල දී ව්‍යාපාරිකයකු බැංකුවෙන් මාරු කර ගත් රුපියල් හාර ලක්ෂ හැට දහසක් පැහැරගත් කොල්ලකරුවන් දෙදෙනකු ගමන් කළ යතුරු පැදිය පාරේ පෙරළී අනතුරට පත්වීමෙන් පසුව ද ඔවුහු බේරී පැන ගියහ.
ව්‍යාපාරිකයා බැංකුවෙන් මුදල් ගෙන යතුරු පැදියෙන් එද්දී මේ කොල්ලය සිදුවී ඇත.
අවියකින් පහර දී මුදල් පැහැරගෙන යතුරු පැදියෙන් යද්දී පාර කාපට් කරන තැනකදී ඔවුන් දෙදෙනා සමග යතුරු පැදිය බිම ඇද වැටුණු බවත්, එහි සිටි සේවකයෝ පැමිණ ඔවුන් නැගිටුවා ඇති බවත්, එලෙස නැගිටි කොල්ලකරුවන් පළා ගිය බවත් පොලිසිය කියයි.
සේවකයන් ඔවුනට උදව් කර ඇත්තේ හොරුන් බව නොදැනය.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
වාසනාව කොල්ලකරුවන්ට අතපායි
මාගලී Thursday, 08 May 2014 01:27 PM
ඔව් ඔව්. සුනාමියට ගහගෙන යන කෙල්ලෙක්ව කොන්ඩෙන් අල්ලාගෙන මාලේ කඩාගෙන ආයේ වතුරට තල්ලු කරන හොඳ ගතිගුණ තියෙන අය තමයි ලංකාවේ ඉන්නේ.ඒ ගැන මොනවට කියනවද අනේ! (නි)
කුමාර් Thursday, 08 May 2014 01:58 PM
මාගලී, ඔයාගේ කටේ රත්තරන් දාන්න ඕන ඇත්ත කීවට, මාල විතරක් නොවෙයි සමහර ලමයිව වතුරට තල්ලුකලේ ඔවුන්ව අපචාරයටත් පත්කරළලු.(නදී)
රත්න Thursday, 08 May 2014 03:15 PM
ඔය කියන අය එක වගේ නොවන බව හිතට ගත්තොත් නේද හොඳ ?? (ස)
නිශාර්ඩ් ප්‍රීනා Thursday, 08 May 2014 08:55 AM
මංකොල්ලකරයොත් ඉතින් බෝඩ් එල්ලගෙන ඉන්නේ නැති නිසා හොඳයි. කොහොමත් මහා මගදී වැටුණු කෙනෙකුට නැගිටින්න අත දෙන එක අපේ සාමාන්‍ය ජනතාවගේ හොඳ ගතියක්නෙ.(නදී)
ප්‍රියන්ත Thursday, 08 May 2014 04:49 PM
අයියෝ සල්ලි කිව්වලු.(නදී)
හර්ෂක Wednesday, 07 May 2014 09:13 PM
ඒත් හොරුන්ව අල්ලාගන්න බැරි උනාද (දී)
සත්‍යපාල Thursday, 08 May 2014 11:21 AM
දැන් ලකාවේ පහසුම රක්ෂා දෙක තමයි හිඟාකන එකයි.මංකොල්ලකන එකයි (නි)