පිළියන්දල මණ්ඩාවල දී ව්‍යාපාරිකයකු බැංකුවෙන් මාරු කර ගත් රුපියල් හාර ලක්ෂ හැට දහසක් පැහැරගත් කොල්ලකරුවන් දෙදෙනකු ගමන් කළ යතුරු පැදිය පාරේ පෙරළී අනතුරට පත්වීමෙන් පසුව ද ඔවුහු බේරී පැන ගියහ.
ව්‍යාපාරිකයා බැංකුවෙන් මුදල් ගෙන යතුරු පැදියෙන් එද්දී මේ කොල්ලය සිදුවී ඇත.
අවියකින් පහර දී මුදල් පැහැරගෙන යතුරු පැදියෙන් යද්දී පාර කාපට් කරන තැනකදී ඔවුන් දෙදෙනා සමග යතුරු පැදිය බිම ඇද වැටුණු බවත්, එහි සිටි සේවකයෝ පැමිණ ඔවුන් නැගිටුවා ඇති බවත්, එලෙස නැගිටි කොල්ලකරුවන් පළා ගිය බවත් පොලිසිය කියයි.
සේවකයන් ඔවුනට උදව් කර ඇත්තේ හොරුන් බව නොදැනය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව්. සුනාමියට ගහගෙන යන කෙල්ලෙක්ව කොන්ඩෙන් අල්ලාගෙන මාලේ කඩාගෙන ආයේ වතුරට තල්ලු කරන හොඳ ගතිගුණ තියෙන අය තමයි ලංකාවේ ඉන්නේ.ඒ ගැන මොනවට කියනවද අනේ! (නි)
මාගලී, ඔයාගේ කටේ රත්තරන් දාන්න ඕන ඇත්ත කීවට, මාල විතරක් නොවෙයි සමහර ලමයිව වතුරට තල්ලුකලේ ඔවුන්ව අපචාරයටත් පත්කරළලු.(නදී)
ඔය කියන අය එක වගේ නොවන බව හිතට ගත්තොත් නේද හොඳ ?? (ස)
මංකොල්ලකරයොත් ඉතින් බෝඩ් එල්ලගෙන ඉන්නේ නැති නිසා හොඳයි. කොහොමත් මහා මගදී වැටුණු කෙනෙකුට නැගිටින්න අත දෙන එක අපේ සාමාන්‍ය ජනතාවගේ හොඳ ගතියක්නෙ.(නදී)
අයියෝ සල්ලි කිව්වලු.(නදී)
ඒත් හොරුන්ව අල්ලාගන්න බැරි උනාද (දී)
දැන් ලකාවේ පහසුම රක්ෂා දෙක තමයි හිඟාකන එකයි.මංකොල්ලකන එකයි (නි)