IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


වාසනාව කුලුමුල්ලේ

රන්කොත්ගෙදර රුපවතී (62) සිංගප්පූරුවේ ස්වාමි දුවටත් හාම්පුතාටත් වසර 22ක් තිස්සේ සේවය කරන්නීය. වසර දහයකට පෙර ඇගේ ගර්භාෂ්‍ය ඉවත් කිරීමේ සැත්කමට හාම්පුතා සිංගප්පූරු ඩොලර් 7000ක් රුපියල් (700000) බිල ගෙවිය. ඇය සතියක්ම රෝහලේ ද ගත කළාය. ”මා හාම්පුතා ළඟම සේවය කරන්නේ මගේ ලෙඬේදී දුකේදී පිහිට වූ නිසයි” රූපා, රමෝනා ලීන් මහත්මියගේ මහල් නිවසේ සේවයට ගියේ 1990 දීය. ඇගේ වැටුප ඩොලර් 620කි. (රුපියල් 62000කි. එහි සම්මත වැටුප ඩොලර් 450කි) හැටහතර හැවිරිදි ඇගේ ස්වාමිදුව ලීන් පවසනුයේ ”රූපා අපේම පවුලේ කෙනෙක්. ඇය රැක බලාගන්න  ඕනෑ” යනුවෙනි.



අදහස් (0)

වාසනාව කුලුමුල්ලේ

කැකුලා Monday, 25 June 2012 04:20 PM

නදීක පොරමොලා....ඔයත් නිකන් සිවුපාවෙක් වගේනේ...

:       0       0

සිසිර Monday, 25 June 2012 03:58 PM

මෙවැනි මිනිසුන් සිටීමද සතුටකි......

:       0       0

බත් කන්නා Monday, 25 June 2012 11:48 PM

මේ වගේ දේකට පොඩි විහිළුවක් කරල හිනා වෙලා සතුටු වෙන එකේ මට නම් වැරැද්දක් පේන්නෙ නෑ. හැමදෙයක් ගැනම ඕනවට වඩා මනස්ගාත හිතන අයගෙ හිත් තමයි හොඳ නැත්තෙ, ඒව ඊර්ෂ්‍යාවෙන්, කුහකකමින්,වෛරයෙන් පිරිච්ච හිත්. හිනාවෙන්න ඕන තැනදී හිනාවෙලා, කාටහරි අපෙන් උදව්වක් උවමනා උන වෙලාවට තමන්ගෙ හිතට එකඟව(ප්‍රසිද්ධිය බලාගෙන නෙමෙයි) ඒ දේ කරන එක තමයි වැදගත්.

:       0       0

හිමාලි මහේෂිකා අමරසිංහ Monday, 25 June 2012 04:38 PM

මෙච්චර වැදගත් ප්‍රවෘත්තියකට ඇත්තටම ඔයිට වඩා දෙයක් කියන්නම නැද්ද ඔයාලාට ඇයි බැරි තමන්ගේ නමින් වැදගත් විදියකට අදහස් ලියන්න එදා සුනිල් ආරියරත්න සර් පවන ගිතාවලියේ අබුඩාබියේදිය....කියන ගිතය ලිව්වේ මේ වගේ අය එදා වින්ද දුක ගැනයි අද මේවාගේ පුවතක් දැක්කම කියන්න තියෙන්නේ මේවගේ මෝඩ කතාද යාළුවනේ ටිකක් හිතන්න මේ බොල් මනස්කාර සමාජයෙන් ඈත්වෙලා ප්‍රගතිශීලිව සිතන්න

:       0       0

MR Monday, 25 June 2012 11:59 PM

හිමාලි ඇන්ටි ඔයත් නිකන් සිවුපාවෙක් වගේනේ...

:       0       0

ප්‍රේම්-korea Monday, 25 June 2012 04:33 PM

හිල්මි, ඔබ හරි.අපේ අය බලන්නෙම වැරදි විදියට තමයි

:       0       0

ජීවක Monday, 25 June 2012 04:42 PM

අවුරුදු 10ක්??? අනේ මටත් යන්න ඕනේ

:       0       0

galle koluwa Monday, 25 June 2012 04:47 PM

හිමාලි ඔයාගේ සම්පූර්ණ නම දාගෙන අනිත් අයට බනින එකනේ කරන්නේ. මොන නමින් ලිව්වත් අර්ථවත් නම් අපි ගරු කරනවා. අනික මේ ඔයගේ නියම නම නෙමේනේ අපිට කොලේ වහන්න බෑ හරිද

:       0       0

සමන් Monday, 25 June 2012 04:47 PM

හිල්මි හරි

:       0       0

සුරංග Tuesday, 26 June 2012 01:58 AM

සෞදි හම්පුතල සලකන්නේ ඇන කිලෝ ගණනින්

:       0       0

බබා Thursday, 28 June 2012 07:33 PM

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-25 19:35:13 "හිමාලි මහේෂිකා අමරසිංහ දුවණිය ලියා ඇති අදහසට මමත් එකඟයි.මේ ළඟදී වෛද්‍ය පරීක්ෂණයකට ගියාම ඩොස්තර කිව්වා පෙනීම අඩුවේගන එනවා කියලාත්" ආචාර්යතුමාගේ අදහසට මමත් එකගයි

:       0       0

අසේල Monday, 25 June 2012 05:23 PM

හිමාලි , අපේ ජාතිය එක එකාගෙ ඉඳුල් කන තැනට ගෙනාවෙ ඔය වගේ අදහස් නිසා තමයි.එක ගෑණියෙකුට ඔහොම සැලකුවට බහුතරයකට වෙලා තියෙන දේවල් පේනවනෙ.ඔය දේවල් ඔයාගෙ ඉදිරි පරම්පරාවට දෙන්න එපා.

:       0       0

කෙනත්(USA) Tuesday, 26 June 2012 02:50 AM

පිටරට මිනිස්සුන්ගෙන් අපට ඉගෙනගන්න හොද පාඩම් බොහොමයක් තිබෙනවා. ඒ බොහෝ රටවල බුදු දහම ගැන දැනුමක් නැතත් ඒ අය ඉතා හොද ගතිගුණ පෙන්වනවා. මට උණ හොද අත්දැකීමක් බෙදා හදා ගන්න මම කැමතියි. මම දැනට ඇමෙරිකාවේ වාස්තු විද්‍යාඥයෙක් ලෙස මෙහෙ සමාගමක වැඩ කරනවා, තාම නවකයෙක්. ඉගෙනගන්න බොහෝ දේ තිබෙනවා. මගේ මෝටර් රථයේ ඉදිරිපස ලාම්පුවල සුදුපාට පටලයක් ඇවිත් තිබුනා, අධික අව් රශ්මියේ ඇති විකිරණ නිසා සිදුවෙන දෙයක්. මම දවසක් මගේ ප්‍රධානියා හා උපදෙස් දෙන්නා සමග කතා කරමින් සිටින විට මෙයට කරන්නේ කුමක්ද කියල ඇහුව, ඔහු වසර 20 ක පමණ පළපුරුදු ඇති ප්‍රවීන හා ජනප්‍රිය අමෙරිකන් ජාතික වාස්තු විද්‍යාඥයෙක් , ආචාර්යවරයෙක් සහ එම සමාගමේ හිමිකරු. "හා ඕකට මන් ගාව හොද රසායනයක් තිබෙනවා, මන් ඒක ඔයාට හෙට ගෙනත් දෙන්නම්' කියල කිව්වා. ඉතින් පහුවදා උදේ 9.00 ට පමණ ඔහු මගේ කාමරයට ආව, ග්‍රීෂ්ම කාලේ නිසා, ටිකක් දහදියත් දමල, මහන්සි පාටයි. ඉතින් කතාවට වැටුන. කතාවේදී මම ඇහුව "ඔබ අර කිව්වා එක ගෙනාවද " කියල, ඔහු මා සමග සිනාසුනා, " ඔව්, මම උදේ පැය භාගයක් පරක්කු උනේ, එළියේ ඔබේ කාරය ලග හිටපු නිසා, අව්ව සැර නිසා පොඩි ඔලුවේ කැක්කුමක් ආව, ඔන්න මම ලයිට් දෙකම සුද්ද කලා, දැන් අලුත් ඒවා වගේ,", මට අදහ ගන්න බැරි උනා, "මෙන්න ඒ රසායනය, ඔබ තියාගන්න" කියල මට දුන්න. මම අදහගන්න බැරිව ටිකක් වෙලා බලන් හිටිය. ඔහුගේ දෑත කලුපාට වෙලා තිබුන, කමිස අත ඉහලට නමා තිබුන ! බලන්න මෙච්චර උසස් , උගත්, ධනවත් කෙනෙක් මම වගේ නවකයෙකුට මෙහෙම සලකනවද කියල! අදහන්න බෑ, ලංකාවේ මේ වගේ අය යන්නේ පොළොවට අඩියක් විතර උඩින්, පුදුම අහංකාර කමක්, කුහක කමක් තිබෙනවා.එයින් පස්සේ මම පඩිය ගැන හිතමින් එතන වැඩ කිරීම නවත්වල, අසාවෙන් වැඩ කරන්න ගත්ත. ධර්මය නොලැබී මෙහෙමනම් , එය හොදින් ලැබෙන අපි කොහොම නිහතමානී විය යුතුද? මට මේ මිනිස්සු ගැන පුදුම පැහැදීමක් ඇති උනා. ඉතින් මේ වගේ උතුම් අය අපේ රටෙත් වැඩි වැඩියෙන් බිහි වේවා කියල පතනවා.

:       0       0

තිසා හාමි Monday, 25 June 2012 06:06 PM

බොහෝම පින් උපදේසයට හිමාලි ඇන්ටි

:       0       0

අමිල Monday, 25 June 2012 06:15 PM

ඔබතුමී වැනි කාන්තාවන් ගැන ආඩම්බරයි

:       0       0

ඇතීනා Tuesday, 26 June 2012 04:46 AM

රුප ආන්ටි. මම හිතන්නේ ඔයා අවංක විශ්වාසවන්ත ගුණගරුක සේවිකාවක් වෙන්නට ඕන හැමදේටම ඉස්සරවෙලා. මෙතැන රහස ඒකයි. කෙසේ වෙතත් ඔයා පින්වන්තියක්.ස්වාමීදුවටත් දිගාසිරි. ඔයාටත් නිරෝගී සැප.ඔබත් ඒ අයට හැමදාම ඒ තැබූ විශ්වාසය සදාකල් රැකගන්න ආශීර්වාදයක් කරගන්න මෙයත්.

:       0       0

ප්‍රසන්න වීරසිංහ Monday, 25 June 2012 06:21 PM

හිමාලිගේ ඔවදන හරියට හරි. ඇයි අපි හැම දෙයක්ම විහිලුවට ගන්නේ මහත්වරුනි?

:       0       0

දිසා Tuesday, 26 June 2012 06:12 AM

කහ හොද නම් අඹරන ගල මක්වේද කියන්නත් පුලුවන් මේවට

:       0       0

සමන් Monday, 25 June 2012 07:16 PM

අපි මේ රටට කොපමණ ණයද?

:       0       0

හීන් මැණිකා Monday, 25 June 2012 06:51 PM

හිල්මි, ඔයා ඔයාගේ අදහස් විතරක් ප්‍රකාශ කරන්න.අනුන්ව විවේචනය කරන්න අවශ්‍ය නෑ.

:       0       0

අන්තෝනියෝ Monday, 25 June 2012 07:39 PM

ඒකටත් එක්ක අරාබිකරයේ ඉන්න කට්ටිය....

:       0       0

මාරි Monday, 25 June 2012 07:00 PM

ඒකට අරාබිකරයේ ඉන්න සමහරු .ගියොත් මළ මිනියවත් එවාවිද කියල හිතා ගන්න බැහැ.

:       0       0

තිසා හාමි Tuesday, 26 June 2012 09:09 AM

ආචාර්ය ඇත්තෝ ඔබ තුමාගේ ඇස් පෙනීමනම් ගොඩාක් දුර්වල බව පෙනවා. මොකද ඔයාට හිමාලිව දුවෙක් වගේ පේන්නෙ ඒකයි. හිමාලිත් ඔබතුමාගෙම වයසෙ කෙනෙක්.....

:       0       0

විජය Tuesday, 26 June 2012 08:37 AM

කෙනත්, ඔබ නුවර කෙනෙක්ද? ඔබ කියන දේවල් ඉතා අගෙයි.ඔබට ස්තූතියි

:       0       0

මධූ Monday, 25 June 2012 07:05 PM

තව වයසට යනකොට ලංකාවට එවයිද දන්නේ නෑ... ඒ නිසා ඉන්න හිටින්න පිළිවලක් හදා ගන්න ලංකාවෙත් .හැමදේකටම ඒක හොඳයිනේ......

:       0       0

කුමාරි Tuesday, 26 June 2012 08:42 AM

මේ වගේ ප්‍රවෘත්ති තමා පත්තර වල වැඩියෙන් දාන්න ඕන. එතකොට මිනිස්සුන්ගේ හිත වෛරයෙන්, ක්‍රෝධයෙන් ටික ටික දුරස් වෙනවා. ඒත් පත්තරයක් ගත්තොත් මේකේ අනිත් පැත්තම තමා උදේ පාන්දර ඉදල කියවන්න තියෙන්නේ. ලංකාදීප හොද වැඩක් මේ ප්‍රතිචාර ක්‍රමය. මිනිස්සුන්ගේ සිතුම් පැතුම් ඕනදේටයි එපාදේටයි ඔක්කොටම හාස්‍යය හොද නෑ තමයි. ඒත් කෙනෙක් තමන්ගේ තියෙන පීඩනය මෙහෙම හරි ලියල නිදහස් වෙන එකත් ලොකු දෙයක්.

:       0       0

අභිමන් Tuesday, 26 June 2012 09:02 AM

දෙවියන් වෙන්නේත් මිනිස්සු...ඒ වගේම මතක තියාගන්න තිරිසන්නු වෙන්නේත් මිනිස්සු....

:       0       0

කරනේරිස් ගොයියා Tuesday, 26 June 2012 09:07 AM

වාසනාව තියෙන්නේ ගූණ යහපත් කම් දන්න මිනිස් හදවත් තුළයි

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 25 June 2012 07:35 PM

හිමාලි මහේෂිකා අමරසිංහ දුවණිය ලියා ඇති අදහසට මමත් එකඟයි.මේක කියවලා කියන්න එපා මම ඇය නමින් ප්‍රතිචාර පළ කරනවා කියලා.මට ඕවගේ වැඩ කරන්න වෙලාවක් නැහැ.මම නාකි උගත් අයෙක්.සමහරු මගේ නම තරුණ නිසා හිතතවා ඇති මම කොල්ලෙක් කියලා.ඒක වැරදියි. මම ඔයගොල්ලන්ගේ තාත්තගේ වයස අංකල් කෙනෙක්.මොකද මම එහෙම කිව්වේ මේ ඊයේ පෙරෙදා කවුද මන්ද හාදයෙක් මට කියලා තිබ්බා මම කවුද ගෑනූ කෙනෙකුගේ නමින් ප්‍රතිචාර පළ කරනවා කියලා.මම එහෙම කලේ නැහැ.මට ඕවගේ අසත්‍ය දේවලට පිළිතුරු ලියන්න වත් කාලයක් නැහැ.මම වගේ පරීක්ෂණයක වැඩ කරන අතර තමයි මේවා ටික ටික ලියන්නේ මනස සැහැල්ලු වෙන්න.මම පර්යේෂණ පොත්පත් ලියලා දැන් ඒවා ප්‍රකාශ වෙලා ඒවයේ හරි වැරදි හරි ගස්සනවා.දැන් මගේ ඇස්වල පෙනීමත් ටිකින් ටික අඩුවේගන එන්නේ. හුඟ කලකින් ඇස් කණ්ණාඩි මාරුකරගන්න යන්නත් බැරිවුනා.මේ ළඟදී වෛද්‍ය පරීක්ෂණයකට ගියාම ඩොස්තර කිව්වා පෙනීම අඩුවේගන එනවා කියලාත්

:       0       0

නිශාඩ් පෙරේරා Tuesday, 26 June 2012 09:15 AM

අනේ වාසනාවන් !! හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී

:       0       0

ඇලෙක්ස් Tuesday, 26 June 2012 09:33 AM

අදාල නැති කමෙන්ට්සු නිසා වෙන්නේ කෙනෙකුට පුවතකට අදාලව අනිත් අයගේ අදහස් දන ගැනීමේ ඉඩ කඩ නැති වෙන එකයි.

:       0       0

ෂෙරීෆ් Monday, 25 June 2012 08:20 PM

අද පිටරට ගෘහ සේවයට යන අපේ රටේ කාන්තාවන් කොතරම් නරක වැඩ වල යෙදෙනවද?

:       0       0

බන්දුල Tuesday, 26 June 2012 11:03 AM

අනුන්ගේ දුක තේරෙන මිනිස්සු මැද පෙරදිග රට වලත් ඕන තරම් ඉන්නවා

:       0       0

සරත් Thursday, 28 June 2012 11:31 AM

පිට රැටියන්ට වැඩ කරන එක වාසනාවක්ද ????

:       0       0

කැලුම් Tuesday, 26 June 2012 11:09 AM

කෙනෙක් වැදගත් දෙයක් කිවුවම ඒක අපහාසයට ලක් කරන කට්ටිය ඉන්නකල් මේ රට කවදාවත් හැදෙන්නේ නෑ

:       0       0

සේනානායක Monday, 25 June 2012 09:58 PM

දෙවියන් වන්නේත් මිසුන්මයි.

:       0       0

කෙනත් (යු එස් ඒ ) Tuesday, 26 June 2012 11:32 AM

විජය , ඔබේ අනුමානය හරියටම හරි, මම නුවර තමයි (අනිවත්ත), මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහලේ ආදී සිසුවෙක්. කොහොමද හරියටම කිව්වේ? හැබැයි ගොඩක් අය අහන දෙයක් තමයි ඕක.

:       0       0

ලොකු අක්කා Thursday, 28 June 2012 05:03 PM

සරත් මල්ලී අනෙක් කතා ගැන සසඳන විට මෙය වාසනාවක් නොවේද ????

:       0       0

අමිල Monday, 25 June 2012 10:07 PM

මම ඇටිකිච්චාට මුකුත් කිවුවේ නෑ.මම දැම්මේ ඔබතුමී වැනි කාන්තාව්න ගැන ආඩම්බරයි කියලා විතරයි

:       0       0

කුමුදුමලි Thursday, 28 June 2012 04:31 PM

තමන්ගෙම දරුවෝ දෙමවුපියන්ට නොසළකන කාලේ මෙවැනි අය අගය කළ යුතුයි

:       0       0

රංග Monday, 25 June 2012 10:17 PM

සුජිත් නිශාන්ත ආචාර්ය තුමා ඔයාට තියෙන්නේ අර පහුගිය කාලේ නිකං දීපු ආචාර්ය පට්ටමක්ද? තාම පොතක් ලිවුවේ නැද්ද? එහෙනම් පොඩි ළමා කතන්දර පොතක්වත් ලියන්න.

:       0       0

අමර Monday, 25 June 2012 09:57 PM

උතුම් මිනිසුන් සඳා වාසනාවන් !!!!

:       0       0

ගල්බනිස් Tuesday, 26 June 2012 01:10 PM

මේ වගේ පුවත් දානවට මම නම් විරුද්දයි .ලංකාවේ ගොඩක් කට්ටිය සිහින මවාවී ගෙවල් වල වැඩ කරන්න , අපි ජාතියක් වශයෙන් ලජ්ජා වෙන්න ඕන මේ වගේ අම්මලාව ගෙවල් වල වැඩට ඇරලා විකුණන් කන එක ගැන

:       0       0

හර්ෂි Monday, 25 June 2012 10:26 PM

හිමාලි ඇන්ටි හරියටම හරි "ප්‍රගතිශීලී" කියන්නේ කන දෙයක්ද ????

:       0       0

පොරමොලා Monday, 25 June 2012 04:13 PM

වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවවතාවුන් වැනි මිනිසුන් ඇත. මෙහෙම සලකන්නේ දියුනු රටවල් වල. මේ ස්වාමි දුවට කැන්දන් යන වයසෙ කැකුලියක් එහෙම නැතෑ මට සහේට ගන්ට....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 93 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2230 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 691 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site