(නිමන්ති රණසිංහ)
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් ගෙන් ප්‍රකාශ ලබාගැනීම සදහා කොම්පඤ්ඤවීදිය පොලීසියට අවසර ලබා දෙන ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට අද (16) නියෝගයක් නිකුත් කළේය.
පොලිස් අණට කීකරු නොවී අයුතු ජන රාශියක සාමාජිකයන් වෙමින් ඉකුත් අගෝස්තු මස 18 වැනිදා කැළණීය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ සිට කොළඹ කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ විරෝධතාවක් දැක්වීමේ සිද්ධියට අදාළව මෙම සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගත යුතුව ඇති බැවින් ඒ සදහා අවසර ලබා දෙන ලෙසට කොම්පඤ්ඤවීදිය පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
මේ වන විට මෙම සැකකරුවන් දෙදෙනා ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ තංගල්ල පැරණී බන්ධනාගාර ගොඩනැගිල්ලේ රදවා තබාගෙන ඇති බවත් මෙම සිද්ධියට අදාළව ප්‍රකාශ ලබා ගැනීමට එහි අධ්‍යක්ෂවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසත් කොම්පඤ්ඤවිදිය පොලීසිය අධිකරණයෙන් ඉල්ලීය.
COMMENTS
අලි හොරුන්ගෙන් සදාරනයක් බලාපොරොත්තු වීම විහිලුවක්.
වසන්තයේ හැදෙන නියඟලා අලවල වටිනාකම කියා නිමකල නොහැක!
මානව හිමිකම් කොමිසම ??
රනිල් රාජපක්ශගෙ බටලන්දෙ කරපු වැඩේ තාම අමතක වෙලා නෑ වගෙ..