ගාල්ලේ සිට කිලෝමීටර් 65ක් දුරින් වූ මුහුදු තීරයට වැටෙනු ඇතැයි අපේක්‍ෂා කළ අභ්‍යාවකාශ සුන්බුන් කොටස තංගල්ලට ඉහළ අහසේ දී ගිනිගෙන විනාශ වූ බව උඩුගුවනේ රැදී සිටි ගල්ෆ් නිරීක්‍ෂණ කණ්ඩායම විසින් තහවුරු කෙරුණු බව ශ්‍රී ලංකා ග‍්‍රහලෝකාගාරය පවසයි.
එම කණ්ඩායම විසින් ආතර් ශ්‍රී ක්ලාක් මධ්‍යස්ථානයට මේ බව දැනුම් දී ඇති අතර අදාළ නිරීක්‍ෂණ කණ්ඩායම රැදී සිටි ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළට ගොඩ බැස්සවීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව එම අභ්‍යාවකාශ වස්තුව මුහුදට නොවැටුණු බවට එම නිරීක්‍ෂණ කණ්ඩායම තහවුරු කර තිබේ.
මෙම අපද්‍රව්‍ය කොටසේ ගමන් මඟ පිළිබඳව ඩී බී එ්ත් වොච් ආයතනය වීඩියෝ පටයක් නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වෙලාවට වස්තුව තංගල්ලේ උඩ අහසේදී විනාශ වෙලා . වැරදිලාවත් ;වස්තුව තංගල්ලේ කාල්ටන් එකට අවා නම් කොහොමට හිටීද ? (අ)
එක අතකට එහෙම වුණ එක හොඳයි (නි)
හෙට අනිද්දම එෆසීඅයිඩි එකෙන් දැනුම් දෙයි රාජපක්ෂ මහත්තයාට කට උත්තරයක් දෙන්න කියල වස්තුව අහසේදීම නැති කරපු එක ගැන. (අ)
මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. (නි)
කමක් නැහැ. මොන දේ වෙන්නෙත් හොඳට කියනවනේ (නි)
මේක මෙහෙම වුණ එක හොඳයි (නි)
එක උඩදී ගිනිගෙන විනාශවෙන බව විද්‍යාඥයෝ කලින් දන්නේ නැද්ද එතකොට? (නි)
හෙට වහිනවලු. (ස)
එ්කවත් මත්තලට බාන්න කියන්න. (ස)
ලංකාවේ අයට එහෙම දෙයක්වත් දැකගන්න වාසනාව නැහැ. (ස)
ඇයි ප්‍රසාද් ඕක කලින් කියල තිබුනේ උඩදී ගිනිගෙන විනාශ වෙයි කියල. (ස)
අපරාදෙ නිරීක්‍ෂණ කන්ඩායම හිටපු ගුවන් යානය මත්තලට ගොඩබාන්ඩ තිබුන. (ස)
ෂුවර් එකටම අපේ එකෙක් ඕක උඩදීම උස්සන්න ඇති. අර යකඩ කොමිස් කරයවත් ඔය පැත්තේ ගියාවත්ද? (ස)
වැරදි තැනකට වැටෙන්න ගියේ. වැටෙන්න කලින් ඉස්සුවද මන්දා. (ස)
ඇයි වස්තුවේ අපිට මෙහෙම කලේ වස්තුවේ! (ස)
මන් හිතුව වස්තුව ආව තමයි කියල. බැලින්නං වස්තුව වැනසිලා. කොහොමද වස්තුවේ වැනසුනේ.... කොහොම උනත් එහෙම වෙච්ච එක හොදයි. නැත්තන් එකෙනුත් අපේ රටේ අහිංසකයෙකු ගේ ජීවිතයක් නැති උනොත් එහෙම....(ස)
කොහොමත් අපේ අය යමක් උඩින් නිකම්ම බිමට වැටෙන කම් බලන් ඉන්න ප්‍රසිද්ධ නිසා, එයට අවස්ථාවක් ලබා දෙන්න ඇති..ඇවන්ට් ගාඩ් එක නාවික හමුදාව යටතට ගත් නිසා, මෙම යානාව සෝමාලියානු මුහුදු කොල්ල කරුවන් ශ්‍රී ලංකා මුහුදු සිමාවට වැටෙන්න කලින් පැහැර ගත්තා යයි කියයිද දන්නේ නැහැ අපේ අයියලා. එහෙම පණ්ඩිත අයියලා ඉන්න රටක් මේක? (ස)
මේක වැරදි පැත්තකට වැටුනේ. මටනම් සැකයි මේ පැත්තේ කව්රුහරි මේක ඉස්සුවද කියල. යකඩ රත්තරන් පෙන්නන්න බෑ. (ස)
ගාල්ලෙ කොල්ලන්ට එ් වස්තුවත් බය උනා නෙ.......එහෙනම්. (ස)
අගමැතිතුමනි! කුමන්ත්‍රණයක්!! වහාම කමිටුවක් පත්කර වාර්තාවක් ගන්න. (ස)
ඇයි දෙයියනේ මටම මෙහෙම වෙන්නේ මගේ නමට අගෟරව කරන්න එපා ඔයාලට දාන්න වෙන නමක් තිබ්බේ නැද්ද? දැන්මම මේ නම ඉවත් කරන්න. මේ පිළිබදව නිතිය අතට ගන්න කළීන්. (ස)
අනේ අපරාදේ! හොඳ වැඩේ කට අරගෙන බලාගෙන හිටිය කට්ටියට. (ස)
අපිවම හොයාගෙන ආපු මේ වස්තුව රාවණ රජ්ජුරුවන්ගේ දඬු මොණරේ ගැජට් එකක් වෙන්න බැරිද ? (ස)
ප්‍රසාද් එ්ක විනාස වෙන්න පුළුවන් කියල තිබුණ. ඔය ඉංග්‍රීසි ලිපිය කියෙව්ව නම්. සමහර විට වැටෙන්නත් ඉඩ තිබුණ. එකේ සැකැස්ම දන්නේ නෑනේ. සමහර උල්කාෂ්ම වගේ ඒවා පොළවටම එනවනේ. (ස)
11.51 ට විතර ගාල්ල අවට ප්‍රදේශ වලට විශාල ගෙරවීමක් වැනි ශබ්දයක් ඇහිලා තියෙනවා. නමුත් අකුණු ගැසීමක් කියලා බොහෝ අය එය විශ්වාස කරන්නේ නැත්තේ ශබ්දයේ ඇතිවුණු දෝංකාරාමය ස්වරුපය නිසා. (ස)
අය අරය රජවෙයි කියල හිතෙන යටත් ඕකම තමයි (ම)
ඇයි අනුර කුමාර දිසානායක එක ගැන මොනවත් කිව්වේ නැත්තේ ? පස්සේ වත් මොනා හරි කියයි ද දන්නේ නැහැ .. අපි බලා ගෙන ඉන්නවා . (ස)
ලංකාව කියන්නේ එසේ මෙසේ රටක් නෙමෙයි උඩුගුවනට චන්ද්‍රිකා ඇරපු කොල්ලෙක් ඉන්න රටක්.කොහොම උගත් කමක් තියෙන්න ඕනෙද චන්ද්‍රිකාවක් අරින්න. (බ)
ලෝකයේ වෙනත් රටවල කොන්ඩේ පැහෙනකම් පරීක්ෂණය කරලා උඩු ගුවනට යවන චන්ද්‍රිකාව අපේ රටේ කොල්ලෙක් යවනවා කියල කියද්දී මටනම් පුදුම සතුටක් දැනුනේ. (බ)
අපේ කවුරුහරි ඒකත් උස්සලාද දන්නෙ නැහැ (නි)