අමාත්‍ය මර්වින් සිල්වාගේ හිටපු ලේකම්වරයකු වන සරත් කුමාර එදිරිසිංහ හෙවත් සිංගප්පූරු සරත්ට මරණ තර්ජන කර රුපියල් තිස් ලක්ෂයක කප්පමක් ඉල්ලා ඉන් ලක්ෂ 15ක් ලබා ගත්තැයි කියන සිද්ධියේ විමර්ශන කටයුතු අවසන් නැති නිසා හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන නැවත රිමාන්ඩ් කරන ලෙස රහස් පොලිසිය කළ ඉල්ලීම ඉවත දැමූ මහර මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය හිටපු නියෝජ්‍ය පොලිස්පති ඇපමත මුදා හරින ලෙස නියෝග කළාය.
රුපියල් පන් ලක්ෂය බැගින්වූ ශරීර ඇප තුනක් නියම කළ මහේස්ත්‍රාත්වරිය ඇපකරුවන් පවුලේ ඥාතීන් බවට සහතික කරමින් පොලිස් හා ග්‍රාම නිලධාරී සහතික දෙකක් ඉදිරිපත් කරන ලෙස ද දැන්වූවාය.
නීතිපති උපදෙස් සඳහා ඔක්තෝබර 21 නැවත නඩුව කැඳවීමට නියමිතය.
බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතන සිද්ධියේ ද සැකකරුවකු වන වාස් ගුණවර්ධන මහතාට එම නඩුවෙන් මෙතෙක් ඇප ලැබී නැති හෙයින් නැවත බන්ධනාගාරය වෙත ගෙන ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල් 1000 ඇප තියන්න බැරිව හෝ දඩ ගෙවන්න බැරිව ඉන්න සුළු වැරදිකාරයො අවුරුදු 10-20 හිරේ යනවා.පෝලිමේ මිනිමරුවත් බලය ඇති නම් ගෙදර එනවා.ලංකාවේ අරාබි වසන්තය ඇති කරගන්නේ ඉල්ලගෙන.පස්සේ කනවෝ කනවෝ කියන්න එපා. (ස)
මොකද්ද එකතාව ඇප දුන්නාට තවම හිරේ (දී)
සත්‍යපාල දකින හීනේ හැබෑ වෙන්නේ කවදද අම්මපා..මේ අරාබි වසන්තේ එනකම් සත්‍යපාල නින්දෙන් නැගිටින පාටක් නැහැ..රුපියල් 1000 දඩේට අවරුදු 10ක් 20ක් හිරේ යනවා කියලා ඇහුවමයි..ඒත් ඉතින් සත්‍යපාල කියන නිසා සත්‍ය වෙන්න ඇති.. (ස)
මටත් තිබෙන ගැටලුව එකපාරටම මේ පුද්ගලයා මිනිමරුවෙක් සහ කප්පම්කාරයෙක් වූ එක. කොටකෙතන සිද්ධියේදී ගරු බුහුමන් ලැබුව කෙනා මිනිමරුවෙක් වෙනවා අහන්න අපේ හිත් ඉඩදෙන්නේ නැහැ. (නි)
රුචිර, මේ නඩුව ගැන මොකුත් දන්නේ නැහැ වගේ. (ස)
වාස් මහත්තයෝ කවද හරිම සත්ත්‍ය ජය ගන්නවා .ඉවසන්න .සැනසීම ලැබේවි ,දන මට සමහරක් හොදටම බනීවි .කව්රු බැන්නත් කවද හරි දවසක ඇත්ත එලි උනාම එයාල තේරුම් ගනීවි
මර්වින් සිල්වාට බය කරලා සල්ලි ගත්තනම් අපි මෙයට සපෝර්ට් (අ).
තව මාසෙකින් විතර මෙයත් එළියේ. ලංකාවේ අපරාද කාරයෝ ගොඩක් අය එලියෙනේ ඉන්නේ (දී)
සිංගපුරු සරත් කියන පුද්ගලයා දැන් කරන ප්‍රකාශ පිළිගන්න අමාරුයි. සිංගපුරු සරත් කියන පුද්ගලයට සැලකිය යුතු දේසපාලන බලයක් තිබෙනවා. වාස් එහෙම තර්ජනයක් කලා නම් සරත් ඒ දවස්වල නිහඩව ඉඳි කියලා හිතන්න අමාරුයි. මම මේ කාගෙවත් පැත්ත ගන්න හදනවා නෙමේ. මේක මගේ හිතට ආපු තර්කයක් පමණි. (ස)
ගිම්හානි ගොඩක් දුකින් වගේ ඉන්නේ අනේ පාළුයිද. ඇත්ත තමයි ඔය ටිකටික ජය ගන්නේ. බලමු අවසාන මොහොත. අපරාද කරන අය පන පිටින්ම මැරි මැරී මැරෙනවා (දී)
ගිම්හානි ඔච්චර කඩේ යන්නේ මොකටද තමන්ගේ කෙනෙක් මරුවනම් කොහමට හිටෙවිද...නිකම් සතුටු කොමෙන්ට්ස් ගන්න එපා..බුදුන් වදින්නේ දෑත ඔසවල නේද උදේට පන්සිල් සමාදන් වෙන්නැතුව ඇති.. (දී)
මට පෙනෙන විදියට වාස් කරපු ලොකුම වරද තමයි කැලණිය සමග පැටළීම... (නි)
පළමු පිම්ම පන්නා බලමුකෝ ඉස්සරහාට (දී)
වාස් අපි ඉන්නවා ඔබ සමග
කව්ද ඔය රට හොයා ගත් පුද්ගලයා හැබෑටම (දී)
ඕනෑම වැඩකට ඇප දෙනවා ඉතා හොදය් (දී)
නහයට අහන්නැති පොලිස් කාරයෙක් තමා වාස් කියන්නේ. හොඳ වැඩ වලට වැඩ කරලා තියෙන්නේ බලු වැඩ . ටිකක් විඳවන්න වන්න ඔනී (දී)
නොදැන කල පවුත් සමාකරගත හැකියි වරක් වැන්දොත් කැළණියේ කියලා පරණ කථාවක් තියනවානේ. නරකද වාස් මහත්තයෝ කැළණිය පැත්තේ ගියොත් (දී)
බන්දුල පෙරේරා, එකක් මතක තියාගන්න.මම රට වෙනුවෙන් මැරෙන්න ඕනෑම වෙලාවක සුදානම්.මගේ රත්තරන් ලංකාවට එරෙහිව එන ඕනෑම බලවතකුට එරෙහිව සටන්කර මගේ රත්තරන් රටේ පොළවට පොහොර වීමට ලැබීම නිවනින් මෙහා මට ලැබෙන එකම සතුටයි.1980 ගණන්වල යුධ හමුදාවේ දෙවන ලුතිනන් කෙනෙකු ලෙස බැදීමට සුදුසු වුවද එවකට පළාතේ සිටි දේශපාලන බලවතාට මගේ පියා (එකම පක්ෂයේ ) එරෙහිව සිටීම නිසා මගේ නම බලවතා විසින් කපාහරිනු ලැබුවා.මම මගේ රටේ අරාබි වසන්ත මගින් විදෙස් රටවල රුකඩ ආණ්ඩු බිහිකිරීමට එරෙහිව දිවි හිමියෙන් සටන් කරමි.එහෙත් විදේශිකයන්ට අත පෙවීමට හැකි ලෙස රටේ අමන සිදුවීම් නොවියයුතු බවයි මම නැවත නැවත කියන්නේ. අරාබි වසන්ත හෝ බලවතුන්ගේ බලපෑම් වලට යට නොවන්නට මගේ රට යහපත්, සැමට සාධාරණ නීති ගරුක යහපාලනයක් වෙත ගෙනයන්නට කැපවීම වෙනුවෙන් මිස පක්ෂ දේශපාලනය වෙනුවෙන් කඩේ නොයමි. දැනට පවතින රජය වෙනුවෙන් පෙනීසිටිමි. (නි)
ආනන්ද නිමල් ඔය දෙන්නම හරි
ලොකු මිනිහට ලැබෙයි ඇපේ... පොඩි මිනිහගේ බෙල්ල කැපේ... (නි)
මොකද චානක මිනී මරන්නද.ගිම්හානිට වැරදිලා සත්‍ය එළිවෙලා ඉවරයි.මේ වගේ මිනීමරුවන්ට එල්ලුම් ගහ නියම කරන්න ඕනි. (ස)
ඔව් ගිම්හානි සත්‍ය ජයගන්නවා ඔයත් ඒ දවස් වල වාස්ට කඩේ ගියද
ඔව් ගිම්හානි සත්‍ය ජයගන්නවා ඔයත් ඒ දවස් වල වාස්ට කඩේ ගියද (දී)
මහජන මුදල් නාස්ති නොකර බැරිද? ඉක්මන්ට නඩු අහලා දෙන තීන්දුවක් ඉක්මන් කර දෙනවනම්.... (ස)