2009 අගෝස්තු මාසයේදී මාලඹේ තොරතුරු තාක්ෂණ ආයතනයේ නිපුණ රාමනායක සිසුවාට පහර දුන්නැයි කියන සිද්ධියේ සැකකරුවකු වන හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට ඇප ඉල්ලීමේ පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා ජනවාරී 9 වැනිදා කොළඹ මහාධිකරණයේ පෙනී සිටින්නැයි අයිරාංගනී පෙරේරා විනිසුරුවරිය නීතීපතිට හා කොළඹ අපරාධ කොට්ඨාශ ස්ථානාධිපතිට නොතීසි නිකුත් කළාය.
ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනීසිටි තුසිත ගුණවර්ධන මහතා පැවසුයේ මෙම සිද්ධිය ගැන වසර පහකට පසුව ගුණවර්ධන, ඔහුගේ බිරිය හා පුත් රවිඳුට නඩු පවරා ඇති බවයි.
ඔවුන් විසින් කරන ළදැයි කියන වරදට ඇප දිය හැකියිද ඔහු කරුණු දැක්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්න, දෙන්න කවුරුත් විරුද්ධ වෙන එකක් නෑ. ඔයිට වැඩිය ලොකු ඒවටත් ඇප දීල තියෙන්නේ.(නදී)
බිරිඳට නඩු පවරපු එකට මම ඉතාම කැමතියි (අ)