වස්ගමුව ජාතික වනෝද්‍යානයට අයත් අක්කර 3ක භූමි ප්‍රදේශයක කංසා හේනක් පත්වාගෙන ගියැයි සැකපිට පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය මගින් ඉදිරිපත් කළ බුත්තල තරුණයෝ තිදෙනෙක් ලබන 28 වැනි දා තෙක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නාඋල වැඩ බලන මහේස්ත්‍රාත් වසන්ත ආරියරත්න මහතා පොලිසියට අවසර දුන්නේය.
ඩබ්ලිව් එම් සනත් වීරසිංහ (18), ජී බී සුමිත් කුමාර (17) සහ ආර් එම් චමිල බුද්ධික (20) යන සැකකරුවන් ළඟ තිබී ගංජා කිලෝ 54ක් අත්අඩංගුවට ගත් බවත්, වගා කළ කංසා පැළ 6500ක් විනාශ කළ බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.
ගංජා වගාව පිටුපස ප්‍රබලයන් සිටින බවට තොරතුරු ඇති හෙයින් සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවශ්‍ය බව පොලිසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පොළොවේ සරුවට වැවෙන දෙයින් නිසි ප්‍රයෝජන ගන්න අපට වාසනාවක් නෑ. (නදී)
මේ වයසට අපි මොනවද කලේ. මෙන්න වැඩකාරයෝ.(නදී)