හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අයථා ලෙස පාවිච්චි කළැයි කියන සිද්ධියේ පරීක්ෂණ අවසන් කර නීතිපතිට වාර්තාව ඉදිරිපත් කළ බව රහස් පොලිසිය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වීය.
පසුගිය මැයි 11දා සජින් වාස් අත්අඩංගුවට ගත්තේය. මාස හතරකට පසු ඔහු කොළඹ මහාධිකරණයෙන් ඇප ලැබිණි. තම වත්කම් හෙළි නොකලැයි ඔහුට විරුද්ධව අල්ලස් කොමිසමෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ තවත් නඩුවක් පවරා ඇත.
නඩුව ලබන මැයි 04 දිනට කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමුකෝ... (නි)
යල් පැනපු නඩු , පැමිණිල්ල විභාග වෙන්න අවුරුද්දක් යනවා, ඒ වෙනකොට වෙන්න ඕනි ඔක්කෝම වෙලා ඉවරයි, බොරුවට කාලෙයි සල්ලි නාස්ති වෙන එක විතරයි ඉවෙන්නේ (ම)
හොරුන්ට නිසි දඬුවම් දෙමු. (ර)
නීතිපති දෙපාර්තමේන්තුවට බාරදුන්නා නම් එලම තමයි. තව අවුරුදු ගාණක් අදාළ දෙපාර්තමේතුව ගාණ කපාගෙන රණ්ඩුවෙලාට වෙන දෙයක් නැහැ (බ)