භාෂා ප්‍රතිපත්තිය පිළිබඳව ගාල්ල දිස්ත්‍රික් රාජ්‍ය නිලධරයන් ඇමතීමේ රැස්වීමකට ඇමති වාසුදේව නානායක්කාර මහතා අද නොපැමිණියේය. ගාල්ල හෝල්ඩි ගෝල් ශාලාවේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම රැස්වීමට ගාලු දිසාවේ නෙළුව, තවලම වැනි ඉතා ඈත ප්‍රදේශ වලින් ද නිලධරයෝ පැමිණ සිටියහ. ඇමති නොඑන බව දැන ගත්තේ ඔවුන් රැස්වීමට ආ පසුවය. අඩු ගණනේ සියයකට වැඩි නිලධරයෝත් නිලධාරිනියෝත් පැමිණ ආපසු හැරී ගියෝය. ඇමති නානායක්කාර මහතාගෙන් විමසූ විට ඔහු එසැණට කීවේ රැස්වීම නිසි ආකාරයෙන් සංවිධානය කැරගත නොහැකි වූ නිසා කල්තැබූ බවයි. ඒ බව කල්තියා නිලධරයන්ට දැනුම් දීමට නොහැකි වී ඇත. රජයේ නිලධරයන්ට රාජකාරී නිවාඩුවක් ලැබෙන නිසා ඔවුන් අපහසුතාවට ලක්නොවූ බව ද ඇමති කීවේය.
1
ගෙවුණු සතියේ පාතාලයට සම්බන්ධ කතා අලුත් ක-ුඩු රජා දිසානායකද?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මල්ලි ආය අනිත් පෑත්තට පෑනලකියල ආරන්චියි. අයියෝ සල්ලි නෙමේ අයියෝ වම.(නදී)
මට තේරෙන් නැ. එතකොට ඔය රාජකාරි නිවාඩු වෙනුවෙන් වැටුප් ගෙවන්නේ ගෙදරින් ගෙනාපු බූදලෙන්ද.......(ස)
දේශපාලඥයො කරන්නෙම කළොත් ඔහොම වැඩක් තමයි. (නි)
ඔබතුමාට ඔය රැස්වීමට යන්න පුළුවන් වුණාම කියමුකෝ. නිලධාරීනුත් ඔබතුමාගේ කතාව ඇහුවම කියමුකෝ. ඊට පස්සේ? (නි)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ ... මට හිතෙන්නේ එහෙමයි. (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ඔය රාජකාරි නිවාඩු වලට ගෙවන්නෙත් මහජනතාවගේ බදු මුදල් නේද? (නි)
මිනිස්සු අමාරුවේ දානවනේ මේ ඇත්තෝ. (නි)
ඇමතිතුමනි, නිර්ධන පන්ති විප්ලවය අපි එන වෙන කාලෙක කරමු. මේ නිවාඩුව නිසා වූ පාඩුව ඔබට දැනේද? (නි)
ඕක තමයි අපි හැමදාමත් කියන්නේ ... (නි)
මෙහෙම තමා වගකීමෙන් කටයුතු කරනකොට.... (නි)
මේ නිලදාරීන් සදහා ගමන් වියදම් සහ ඉන්ධන සදහා වැයවූ මුදල මෙතුමාගේ දීමනා වලින් අඩුකරගන්නයි තියෙන්නේ. (නි)
මෙතුමා කොළඹ නගරාධිපති වුණා නම්? (නි)
එතකොට මෙම නිළධාරීන් පැමිනෙන රජයේ වාහන වලට තෙල් ගහන්නේ කවුද? (නි)
දැන් ගෙදර යන්න තාලය හරි නේද?(නදී)
මම ඔබ ගෙන ගෞරවාන්විතව හිතපු කාලයක් තිබුනා. නමුත් ඒ එදා, අද ඔබ න් එකතු වෙලා ඉන්න ලොක්කොත් එක්ක බලනකොට තමුන්නාන්සේ පුස්සෙක් පමණි .පරණ විදියෙට අසරණ මහජනතාව වෙනුවෙන් අභීතව පෙනී සිටින්න, කොන්ද පන තිය ගන්න ශක්තිය ලැබේවා.(නදී)
කාටද අපි දැන් දොස් කියන්න ඕනේ (දී)
පුදුමත් හිතෙනවා එදා වාසුදේව සහ අද ඇමතිතුමා වාසුදේව දෙස බලන විට. (නි)
කොහොමද එක නිලධාරියෙක් හරින ආවේ නැතිනම් , ඒ නිලධාරියා කැමැත්තෙන් ගස් බැද ගන්නවා (දී)
නිලධාරියෝ ඉතින් ඕවා ඉවසා ගන්න ඕනේ (දී)
අයියෝ සල්ලි
ගමන් ගාස්තු ගෙවන්නේ පොලිසියෙන්ද? අපරාදේ කාලය.(නදී)
මෝඩ අය ඉන්නකන් රටට වැඩක් වෙන්නේ නැහැ. (නදී)
එතකොට මේ රජයේ නිලධාරීන්ට පඩි , ප්‍රවාහන දීමනා ගෙවන්නේ කොහෙන්ද? මේවට තමයි කියන්නේ ජාතික අපරාධ කියලා. (නි)
වරද පිලි ගන්නවාද (දී)
ගොඩක් මහත්වරු ඔහොමයි බොරු කියල ගොනට අන්දවල බලයට එනවා ඊට පස්සේ මිනිස්සු ගොනාට අන්දනවා .සමහරු පපුවට ගාගෙන කීගහනවා ජාති අලය සමාජ වාදය සමන්ත්මතව වගේ සීනි බෝල දෙනවා හැමොටම එමතිකම් දීල ගොඩක් යට වේද භෙහෙ කියල මෙයාල රටම ගනනි කතාව තමන්ට දීපු ටිකවත් ගොඩක් ධෙනට කරගන්න බැහැ (අ)
අයියෝ මොකද ඒ
වාසු ඉතින් කබරගොයා තලගොයා කරන්නත්, තලගොයා කබරගොයා කරන්නත් හරිම දක්ෂය නොවැ.(නදී)