භාෂා ප්‍රතිපත්තිය පිළිබඳව ගාල්ල දිස්ත්‍රික් රාජ්‍ය නිලධරයන් ඇමතීමේ රැස්වීමකට ඇමති වාසුදේව නානායක්කාර මහතා අද නොපැමිණියේය. ගාල්ල හෝල්ඩි ගෝල් ශාලාවේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම රැස්වීමට ගාලු දිසාවේ නෙළුව, තවලම වැනි ඉතා ඈත ප්‍රදේශ වලින් ද නිලධරයෝ පැමිණ සිටියහ. ඇමති නොඑන බව දැන ගත්තේ ඔවුන් රැස්වීමට ආ පසුවය. අඩු ගණනේ සියයකට වැඩි නිලධරයෝත් නිලධාරිනියෝත් පැමිණ ආපසු හැරී ගියෝය. ඇමති නානායක්කාර මහතාගෙන් විමසූ විට ඔහු එසැණට කීවේ රැස්වීම නිසි ආකාරයෙන් සංවිධානය කැරගත නොහැකි වූ නිසා කල්තැබූ බවයි. ඒ බව කල්තියා නිලධරයන්ට දැනුම් දීමට නොහැකි වී ඇත. රජයේ නිලධරයන්ට රාජකාරී නිවාඩුවක් ලැබෙන නිසා ඔවුන් අපහසුතාවට ලක්නොවූ බව ද ඇමති කීවේය.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වාසුගේ රැස්වීමට ආ නිලධරයෝ අමාරුවේ
චතුල වෙරෝනා Tuesday, 23 April 2013 12:13 AM
මල්ලි ආය අනිත් පෑත්තට පෑනලකියල ආරන්චියි. අයියෝ සල්ලි නෙමේ අයියෝ වම.(නදී)
රාජිත-දෝහා Tuesday, 23 April 2013 12:00 PM
මට තේරෙන් නැ. එතකොට ඔය රාජකාරි නිවාඩු වෙනුවෙන් වැටුප් ගෙවන්නේ ගෙදරින් ගෙනාපු බූදලෙන්ද.......(ස)
උපුල් Tuesday, 23 April 2013 12:34 AM
දේශපාලඥයො කරන්නෙම කළොත් ඔහොම වැඩක් තමයි. (නි)
උපාලි Tuesday, 23 April 2013 12:38 AM
ඔබතුමාට ඔය රැස්වීමට යන්න පුළුවන් වුණාම කියමුකෝ. නිලධාරීනුත් ඔබතුමාගේ කතාව ඇහුවම කියමුකෝ. ඊට පස්සේ? (නි)
කොස්වත්ත Tuesday, 23 April 2013 01:23 AM
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ ... මට හිතෙන්නේ එහෙමයි. (නි)
කපිල Tuesday, 23 April 2013 05:26 AM
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ඔය රාජකාරි නිවාඩු වලට ගෙවන්නෙත් මහජනතාවගේ බදු මුදල් නේද? (නි)
දම් Tuesday, 23 April 2013 05:41 AM
මිනිස්සු අමාරුවේ දානවනේ මේ ඇත්තෝ. (නි)
චන්ද්‍ර නව සීලන්තය Tuesday, 23 April 2013 05:48 AM
ඇමතිතුමනි, නිර්ධන පන්ති විප්ලවය අපි එන වෙන කාලෙක කරමු. මේ නිවාඩුව නිසා වූ පාඩුව ඔබට දැනේද? (නි)
සෑම් Tuesday, 23 April 2013 06:10 AM
ඕක තමයි අපි හැමදාමත් කියන්නේ ... (නි)
ලුම්බිණි Tuesday, 23 April 2013 06:12 AM
මෙහෙම තමා වගකීමෙන් කටයුතු කරනකොට.... (නි)
ජයන්ත Tuesday, 23 April 2013 07:33 AM
මේ නිලදාරීන් සදහා ගමන් වියදම් සහ ඉන්ධන සදහා වැයවූ මුදල මෙතුමාගේ දීමනා වලින් අඩුකරගන්නයි තියෙන්නේ. (නි)
බණ්ඩා Tuesday, 23 April 2013 01:49 PM
මෙතුමා කොළඹ නගරාධිපති වුණා නම්? (නි)
වරුණ Tuesday, 23 April 2013 07:41 AM
එතකොට මෙම නිළධාරීන් පැමිනෙන රජයේ වාහන වලට තෙල් ගහන්නේ කවුද? (නි)
නිෂා Tuesday, 23 April 2013 07:47 AM
දැන් ගෙදර යන්න තාලය හරි නේද?(නදී)
දිසා Tuesday, 23 April 2013 08:00 AM
මම ඔබ ගෙන ගෞරවාන්විතව හිතපු කාලයක් තිබුනා. නමුත් ඒ එදා, අද ඔබ න් එකතු වෙලා ඉන්න ලොක්කොත් එක්ක බලනකොට තමුන්නාන්සේ පුස්සෙක් පමණි .පරණ විදියෙට අසරණ මහජනතාව වෙනුවෙන් අභීතව පෙනී සිටින්න, කොන්ද පන තිය ගන්න ශක්තිය ලැබේවා.(නදී)
අමන්තා Tuesday, 23 April 2013 08:33 AM
කාටද අපි දැන් දොස් කියන්න ඕනේ (දී)
සරත් Tuesday, 23 April 2013 08:43 AM
පුදුමත් හිතෙනවා එදා වාසුදේව සහ අද ඇමතිතුමා වාසුදේව දෙස බලන විට. (නි)
කසුන් Tuesday, 23 April 2013 08:47 AM
කොහොමද එක නිලධාරියෙක් හරින ආවේ නැතිනම් , ඒ නිලධාරියා කැමැත්තෙන් ගස් බැද ගන්නවා (දී)
සිසිර Tuesday, 23 April 2013 09:55 AM
නිලධාරියෝ ඉතින් ඕවා ඉවසා ගන්න ඕනේ (දී)
ගමගේ Tuesday, 23 April 2013 03:43 PM
අයියෝ සල්ලි
අමිල Monday, 22 April 2013 09:28 PM
ගමන් ගාස්තු ගෙවන්නේ පොලිසියෙන්ද? අපරාදේ කාලය.(නදී)
සීල ද සිල්වා Monday, 22 April 2013 09:33 PM
මෝඩ අය ඉන්නකන් රටට වැඩක් වෙන්නේ නැහැ. (නදී)
ද සිල්වා බෙර්ලින් Monday, 22 April 2013 09:40 PM
එතකොට මේ රජයේ නිලධාරීන්ට පඩි , ප්‍රවාහන දීමනා ගෙවන්නේ කොහෙන්ද? මේවට තමයි කියන්නේ ජාතික අපරාධ කියලා. (නි)
මහේෂ් Tuesday, 23 April 2013 10:57 AM
වරද පිලි ගන්නවාද (දී)
සම්පත් Tuesday, 23 April 2013 04:55 PM
ගොඩක් මහත්වරු ඔහොමයි බොරු කියල ගොනට අන්දවල බලයට එනවා ඊට පස්සේ මිනිස්සු ගොනාට අන්දනවා .සමහරු පපුවට ගාගෙන කීගහනවා ජාති අලය සමාජ වාදය සමන්ත්මතව වගේ සීනි බෝල දෙනවා හැමොටම එමතිකම් දීල ගොඩක් යට වේද භෙහෙ කියල මෙයාල රටම ගනනි කතාව තමන්ට දීපු ටිකවත් ගොඩක් ධෙනට කරගන්න බැහැ (අ)
රත්නසිරි Tuesday, 23 April 2013 11:49 AM
අයියෝ මොකද ඒ
වීරසේකරගේ Monday, 22 April 2013 11:55 PM
වාසු ඉතින් කබරගොයා තලගොයා කරන්නත්, තලගොයා කබරගොයා කරන්නත් හරිම දක්ෂය නොවැ.(නදී)