අවි ප්‍රවාහනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇප මත නිදහස්ව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිඳ ශ්‍යාමලී වාස් ගුණවර්ධන ගේ ඇප කොන්දේසි ලිහිල් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් විශාන්ත පීරිස් මහතා අද (10) නියෝග කළේය.
ඒ අනුව සෑම සතියකම ඉරිදා දින රහස් පොලිසියේ පෙනී සිටීමට ඇයට නියම කර තිබූ අතර එම කොන්දේසිය සෑම මසකම අවසන් ඉරිදා රහස් පොලිසියේ පෙනී සිටින ලෙස ලිහිල් කැරිණි.
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, බිරිය ශ්‍යාමලී පෙරේරා, පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු සැකකරුවන් 7 දෙනකු අවි ප්‍රවාහනය සම්බන්ධ සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගත් අතර ශ්‍යාමලී පෙරේරා ඇප මත මුදා හරිනු ලැබ සිටී.
ඉන්දික බමුණුගේ, ගාමිණී සරත්චන්ද්‍ර, ප්‍රියංක සංජීව සහ කැළුම් රංග යන එම සිද්ධියේ අනෙක් සැකකරුවෝ බම්බලපිටි ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාස් ට මෙච්චර නඩු පැටලුනේ කොහොමද? (ර)
කරන කලට පව් මීරිය මී සේ, විඳින කලට පව් වැඩිවෙයි ගිනි සේ කියමන වැරදි නැහැ නේද නෝනා (නි)