බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් වෙඩි තබා මරා දැමී යැයි සැකපිට හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ පුත් රවිදු ගුණවර්ධන අද අළුයම බොරලැස්ගමුවේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංච් මාර්ග කියයි.
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාද මේ නඩුවේ සැකකරුවෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජන මුදලින් යැපෙන රජයේ නිලදාරීන් සහ ඔවුන්ගේ පවුල් බහුතරය බලනකොට අවුල්නේ.... (නි)
වාස් පුතා කිසි දෙකට බයවෙන්න එපා. නියම මිනීමරුවා කවදා හෝ එලියට ඒවි.ටිකක් ඉවසන්න. ඔයාගේ තාත්තා අවංක නිලදාරියෙක්.කොහොමත් අවංක අයට රටේ තැනක් නැති බව අපි කව්රුත් දන්නවා.ඔබට සහ ඔබේ තාත්තට දෙවි පිහිටයි! (නි)
තාම කිසි කෙනෙකුට කියන්න බැ වැරදිකරුවෝ කව්ද කියල තීන්දුව දුන්නම බලමු.එතකන් යාලුවනේ හීන බලන්න එපා.වස් ගුණවර්ධන මේ ලක්බිමට සේවයක් කරපු හොද නිලධාරියෙක්.අපි බලන් ඉමු මොකද වෙන්නේ කියල. (ස)
ඇයි ඉතින් මෙපමණ කල් සැගවිලා හිටියේ? (නි)
යකඩ හොර කොහේ අල්ලන්නද රාමන්? ඊයේ පෙරේදත් ප්‍රසිද්ධ තැනක ප්‍රසිද්ධියේ පෙනී හිටියේ? (නි)
ලංකා,වරුණ, අදහසට මමත් එකගයි. ඒ අසරණ මිනිසුන්ගේ දෙනෙත් වලින් ගලන කදුලක් කදුලක් ගානේ සාප වෙනවා. (නි)
දැන් ඉතින් තවත් හංගාගෙන ඉඳලා වැඩක් නැහැ. කියමුකෝ බලන්න වෙච්ච දේ මුල සිටම. (නි)
අනේ මන්දා පිස්සු වගෙයි (නි)
මංජු,සුසන්ත,ඔයාලා ෆේස් බුක් බලන්නේ නැද්ද?එයාලා අවි ආයුධ සමග ගත්ත ඡායාරූප බැලුවේ නැද්ද?අනික ඔයාලා නඩු වාර්තා බැලුවේ නැද්ද? (නි)
දැන් ඉතින් කරන්න දෙයක් නැහැ 'පොඩි වාස්' (නි)
දැන් හැබැයි පුතාව අල්ලලා නම් වාස් නෝනා නිකන් ඉන්න එකක් නැහැ. සේරම කියනවා කිව්වා නේද? දැන් ඉතින් කියයි ඔක්කොම කට්ටිය එකතු වෙලා කරපු කෙරුම් (නි)
ඉක්මන් පියවර ගැනිමක් ඇරෙන්න වෙනත් විකල්පයක් නැත (ස)
කුම්බල මාළු කෑවා නම් දුක විඳවපන් බලලෝ කියන්නේ කට කහනවට නෙමෙයි පුතේ (නි)
හරි. ඇත්ත. එහෙත් සියල්ල ඔප්පු වෙනතුරු මේ සියලු දෙනා වැරදිකරුවෝ නොවේ (නි)
කරනකොට එකට. විදවනකොට වෙනම. අපේ අයට ඕවා තේරෙන්න කාලයක් යාවි. (නි)
බලය අතට ලැබුණ විට මිනිසුන් නොමිනිසුන් බවට පත් වෙති. දේශපාලනයේ දී බලය යනු මනෝ අන්ධභාවයකි. ‘බලය’ සහ ‘බලය’ අහිමි වීම පිළිබඳ හොඳම උදාහරණය සපයන්නේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන වාස් ගුණවර්ධනයි. වැලිවේරියේ නිරායුධ ජනයාට වෙඩි තබා, ඔවුන්ට කරදර කළ උදවියටදා කවදා හෝ මේ සත්‍යට මුහුණ දීමට වනු ඇත. නමුත් එදාට මේවාට උඩගෙඩි දුන් කිසිවෙකුදු මොවුන් බේරා ගැනීමට එන්නේ නැත. (නි)
වතුර කලවම් තෙල් හැමදාම ලැබෙන ලෝකයේ එකම රට,මුළු ලෝකයේම තහනම් කළත් ඕනෑම වස ජාතියක් හොදයි කියලා ජනතාවට කවන රට,නඩු ජනතාවට අමතක වෙනතුරු කල් දමමින් සිට බලවතුන් නිදහස්වෙන රට,ඇපයට තබන්නට රුපියල් දහ දාහක් නැතුව පොඩි එකා ජීවිතාන්තයටම හිරේ යන රට,බොන්නට වතුර ඉල්ලුවම සීතල වතුර වෙනුවට ගිනියම් මුනිස්සම් වලින් නහවන රට.... මොකක්ද ඒ රට? (නි)
යකඩ හොර අල්ලන්නෙම නැද්ද? කමක් නැහැ. බලමුකෝ..... (නි)
හැමෝම කරපු සෙල්ලම් අනාගතයෙදි බලාගන්න පුලුවන් (නි)
කරන කලට පව් මිහිරිය මී සේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ (නි)
වරුණ, මාත් මේ කට ඇරගෙන බලාගෙන ඉන්නේ හෙළිකරන රහස් මොනවද කියො. (නි)
ලංකාගේ කතාව සහතික ඇත්ත ඕක විතරක් නොවේ ලංකා හලාවත ධීවරයා ,කටුනායක කලාපේ සේවකයා ඔය සේරටම වෙඩි තිබ්බ කට්ටියට එලියට එන්නම වෙනවා ඒ දවස එනකම් අපි බල සිටිමු එදාට මොවුන්ගේ විලාපය දැක ගන්න පුළුවන් අර රූකන්තලට ගහපු කට්ටියට වුණා වගේ?එදාට උපදෙස් දෙන්න බේර ගන්න කවුරුත් නැහැ කියල වෙඩි තැබූ කට්ටිය තේරුම් ගත්තොත් හොදයි (අ)
කවද හරි අහවලාවත් මේ විදියට අත්අඩංගුවට ගත්තා කියලා ප්‍රවෘත්තියක් පළවේවි (නි)
පව් අනේ,අනිත් අයටත් ආදර්ශයක්ම වේවා. (නි)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමයට... (නි)
මිත්‍රවරුනි, ඕනෑවට වඩා මොන දේ ගැන වුණත් බලාපොරොත්තු තියාගන්න එපා. (නි)
සුසන්ත,පොඩි වාස් වරදක් කරලා නැත්නම් ඇයි මෙපමණර කල් හැංගිලා හිටියේ? (නි)
කොහොමත් අපිට නීතිය ගැන නම් ලොකු බලාපොරොත්තුවක් නැහැ. (නි)
වාස් මහත්තයට නැද්ද ලොකු දේශපාලන සවියක් එහෙම? (නි)
වාස් දන්නේ නැතුව ඇති වරදක් කර හැංගිලා ඉන්න එක වරදක් බව.... අනේ ඉතින් මේ වගේ අයනේ අපේ රටේ නීති පද්ධතිය ක්‍රියාත්මක කළේ? (නි)
අපි බලමු මොකද වෙන්නෙ කියලා (ස)
අනාගත නායකයෝ නේද මේ? (නි)
ඔය ඇමති පුතාලගේ කෙරුම් වලට නීතිය හරි පියවර ගත්තා නම්, සාමාන්‍ය ජනතාව අතින් වෙන වැරදි ගොඩක් අවම කරගන්න පුළුවන්. (නි)
රූකාන්තට චන්ද්‍රලේකාට ගහපු අයට අවුරුදු 13 කට පස්සේ උපරිම දඬුවම් ලැබුණා. ඒ වගේ මෙයාලටත් දඩුවම් ලැබෙයි කියලා බලාගෙන ඉඳිමු.(ස)
උසාවි වල නඩු වැඩි නිසා, දෙවියොත් නඩු අහන්න පටන් අරන් වගෙයි. (ස)
අපේ අරයා ඔය ළමයාව පොඩි කාලෙ වඩාගෙනත් හිටියා (නි)
දැන් මේ සිදුවීමට සම්බන්ධ අනෙත් අය කෝ? කලින් කිව්වා පොලිසියේ කට්ටියක් වෙඩි තිබ්බේ කියලා. දැන් කියනවා වාස් ගේ පුතා කියලා. මට හිතෙන්නේ වාස්ගේත් සම්බන්ධයක් ඇති මේකට. නමුත් තව මොනවාද මොනවාද තිබෙනවා වගෙයි. (නි)
වාස් ට තිබුන බලතල වල හැටියට ඔහු මෙවැනි මිනීමැරුම් කළා නම් මෙයට තම පුත්‍රයා යොදාගැනීමට අවශ්‍ය නැහැ. අනිත් සැකකටයුතු ප්‍රශ්නය ඇමතිවරයෙකුගේ හිටපු සම්බන්ධිකරණ ලේකම්ගෙන් කප්පම් ගත බවට කරන ප්‍රකාශය... එවැනි දේශපාලන බලතල තිබෙන පුද්ගලයකු ගෙන් කප්පම් ඉල්ලුවා නම් ඔහු නිකන් ඉදීවිද? (නි)
පොඩි වාසුත් අහුවුණා එහෙනම්! (නි)