බම්බලපිටියේ ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය මහාධිකරණයේ විශේෂ විනිෂ්චය මණ්ඩලය ඉදිරියේ විභාග කරනවාද නැද්ද යන්න ගැන තීන්දුවක් දීම ලබන 25 වැනි දා ට කල් ගියේය.
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු හා පොලිසියේ කිහිප දෙනකුට එරෙහිව මේ නඩුව පවරා ඇත.
රෝහිණී වල්ගම, ලලිත් ජයසූරිය හා ලියෝන් සෙනවිරත්න යන විනිශ්චය මණ්ඩලය හමුවේ විත්තිය ලිඛිත හා වාචික විරෝධයක් මතු කරමින් කියා සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අතඅඩංගුවට ගත් සැකකරුවනට එරෙහිව අපරාධ විධිවිධාන සංග්‍රහය යටතේ නඩු විභාග කිරීම සාධාරණ යුක්ති ධර්මයට පටහැනි බවයි.
එහෙයින් නඩුව ඉවත දමන්නැයි විත්තිය ඉල්ලා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ නඩුව ඉවත දමලා එයාට ගෙදර යන්න දෙන්න. මෙයාල කියනවා වගේ. අනේ ඉතින් මේවා කාට කියන්නද බලමාලු කෑවානම් (නදී)
මෙපමණ චෝදනාවන් ඉදිරිපත් වෙලත් තව තවත් ඇදෙමින් යනවා . රබුර් වගේ, මෙයාලට ආයුධ පෙන්නන්න එක්කයන්න කව්රුත් නැති හැටි (නදී)
විත්තිකරු හිනාවෙවී බන්ධනාගාර රියට නගිනකොට මා හිතුවා මේ නඩුව මෙවැනි දෙයකින් කෙලවර විය හැකියැයි කියා. (නදී)
එතකොට වින්දිතයින්ට සාදාරනය ඉස්ට වෙන්නේ නැද්ද? (නදී)
අනේ ලංකාවට ගිය කල (නදී)
නොකෙරෙන මොකක්දෝ එ්හෙකට කෝඳුරු තෙල් හත්පට්ටයකුත් ටිකක් ඕනා කිව්වලුනේ. (නදී)
අහන්නේ නැති නම් ඒක අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක් (දී)
ඔහු රටටත්, ජාතියටත්, පොලිසියටත් අවශ්‍ය පුද්ගලයෙක් (නි)
හොඳ කෙස් පැලෙන තර්කයක්. අත් අඩංගුවට ගත්තේ එක පනතකින්, නඩුව අහන්නේ තව පනතකින් කියලනේ මේ කියන්නේ. පොඩි එකා ඉස්කෝල වත්තේ අඹ හොරෙන් කඩල ගෙදර ආවහම කෝටු පාරක් දෙන්නේ 'පාසල් විනය' යටතේද, ගෙදර විනය යටතේද? (නදී)
වැරද්දක් දැක දැක මුදල් මත නිවැරිදි කරන්න හදන ලංකාවේ දුෂිතම ස්ථානන ඔය කලුකෝට් දමාගෙන මහත් වරු ඉන්න ස්ථානයි. (නදී)
එතකොට අර මැරුම් කාපු කෙනාටයි පවුලේ අයටයි සාදාරණයක් එපාද ? (නදී)
වාස් මහත්තය හොඳ මනුස්සයෙක්. (දී)
සුපිරිගනයේ ආයෝජනයක්. ඉතිහාසයේවත් නැති. (නදී)
නඩුනම් අහන්න එපා අනේ ගෙදර යන්න දෙන්න පව් නේද? (නදී)