IMG-LOGO

වැසිකිළි වළකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවෙයි

(  සිතුම් චතුරංග)

මුලතිව්, අලම්පිල් ප්‍රදේශයේ ගෙවත්තක පැරණි වැසිකිළිවළක තිබි කාලතුවක්කු සඳහා යොදාගන්නා මෝටාර් උණ්ඩ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව මුලතිව් පොලිසිය පවසයි.

දීර්ඝ කාලයක් භාවිතා නොකළ වැසිකිලි වළක් ඉවත් කිරීම සඳහා ඉඩම් හිමිකරු විසින් සූදානම්වූ අවස්ථාවේ ඒ තුළ තිබූ මෝටාර් උණ්ඩ තොගය දැක ආරක්ෂක අංශ දැණුවත් කොට ඇති බවද පොලිසිය පැවසීය.

මුලතිව් පොලිසිය විසින් අදාල ස්ථානය පරීක්ෂා කිරීමෙන් අනතුරුව  මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිශ්ක්‍රීය අංශ නිලධාරීන් වැසිකිලි වළේ තිබූ මෝටාර් උණ්ඩ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයාගනු ලැබීය.

එම වැසිකිළි වළෙහි තිබි මිලිමීටර 81 වර්ගයේ මෝටාර් උණ්ඩ 49 ක්, මිලිමීටර 60 වර්ගයේ මෝටාර් උණ්ඩයක්, මිලිමීටර 81 වර්ගයේ පැරා උණ්ඩ 13ක් ,  විදේශ රටක නිශ්පාදිත එම් 75 වර්ගයේ අත්බෝම්බ 56 ක්,  ටි.56 වර්ගයේ උණ්ඩ 2000ක් මිලිමීටර 60 වර්ගයේ පැරා උණ්ඩයක් , පැරා මෝටාර් චාජර් හා ආර්.පි.ජි වර්ගයේ උණ්ඩ හයක් සොයාගත් බව පොලිසිය පැවසීය.

යුද සමයේ ආරක්ෂක අංශ ප්‍රහාර හමුවේ පලායන එල්.ටි.ටි.ඊ ත්‍රස්තවාදීන් නැවත ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් මෙම පුපුරණ ද්‍රව්‍ය වැසිකිලි වළටදමා යන්නට ඇති බවත්  පොලිසිය සැකපලකරති.

සොයාගත් පුපුරණ ද්‍රව්‍යවලින් කොටසක් දිරාපත්ව තිබූ අතර  මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ නිශ්ක්‍රීය කිරීමට නියමිතව තිබුණි.     

  

 



අදහස් (1)

වැසිකිළි වළකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවෙයි

sena Tuesday, 11 July 2023 12:28 PM

ජාතික ආරක්ෂාව අනතුරේ කවුරු හරි දියසේන කුමාරයෙක් අවශ්‍යයි රටේ බේරගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 53 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 238 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 49 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site