දෑත පුරා ‘රෙඩි මේඩ් වෙසන් කූඩු‘ බකට්, වෙස් මුහුණු, බෞද්ධ කොඩි, විදුලි වැල්, සව්කොළ බට මිලට රැගෙන යති.
අද කොළඹ වැසි පැවතියත් වෙසක් සැරසිලි සොයා ආ අයගෙන් අඩුවක් නොවීය.
සුපිරි වාහනවලින් යන අයද ලෑලි කඩ අසල නැවතී අටපට්ටම්ථ බකට් ආදිය මිලට ගනිති.
සෑම බොදු නිවසක්ම වෙසක් සැරසිලිවලින් අලංකාර කැරෙයි.
කොළඹ හා තදාසන්න පාසල්හි ළමයින් ද වෙසක් කූඩු තනා අමතර ආදායමක් උපයා ගනිති.
වෙසක් කූඩුවක අඩුම මිල රුපියල් 100කි.
විදුලි ආලෝකයෙන් ප්‍රභාවක් වීමට නියමිත තොරණ රාශියක් කොළඹ හා අවට ප්‍රදේශවල ඉදි කෙරෙයි.
බත්, බීම, අයිස්ක්‍රීම්, කඩල, සුප් ආදි දන්සල් ප්‍රචාරක පුවරුද බොහෝ තැන්වල ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ වෙසක් තෙමගුලක් වේවා..!(ස)
මේ සම්මා සම්බුදු තෙමඟුලෙන් රටම ආලෝකමත් වේවා. (ස)
මේවා වෙළද බාන්ඩ උන එක තමා වැරැද්ද...? (ස)
ඔව් ජනක, තමන්ම හදාගත්තාම වටිනාකම වැඩි තමා. ඒත් දැන් ලංකාවේ අපේ කට්ටිය පුරුදු වෙලා තියෙන්නේ හැමදේම කඩෙන් ගන්න නේද? තව කල් යනවිට මොනවා වේවිද මන්දා (නි)
ලුම්බිණි, නත්තල වානිජකරණයට ලක් වුණා කියලා එහි ගෞරවය, වටිනාකම හෑල්ලු වී නැහැ. ඔබ පවසන්නේ එහි ගරුත්වයක් නැති ගානටනේ (නි)
බුදු හිමියනේ මකර තොරණ ලග තබා ආවා මගේ පව් ගැල... ටිකක් ආවා විහාරය වෙත හිමියනේ ඔබ නැමද යන්නට... හිතේ සැනසීමක් උපන්නා ඔබේ මුනි බන පද අසා මම... යළිත් පව් ගැල ඔසවා යමි මම මකර තොරණින් නික්ම ගියහම... (නි)
මෙම කාලයට පුදු විදියට හිතට වෙනසක් දැනෙනවා. ඒකට හේතුව බුදුගුණ ගී පදවල් ධර්මදේශනා සහ රටපුරා වෙසක් තෙමගුලේ සිරි නිසා කියල මට හිතෙනවා.(නදී)
මුලු මහත් ශ්‍රී ලංකා ජනතාවටත්,සියලු විදේශගත මිතුරු මිතුරියන්ට හා ලංකාදීප කතු මණ්ඩලයටත් සුබම සුබ වෙසක් මංගල්‍යක් වේවා! (නි)
සාදු සාදු ! (නි)
වෙසක් උත්සවයත් නත්තල වගේම වානිජකරණයට අසු වෙලා. මිනිසුන් මේ තුලින් යමක් උපයා ගත්තට බුදු දහමේ තිබෙන ගරුත්වයට ඒකෙන් හානියක් වෙන එකක් නැහැ. (නි)
වෙසක් කාලෙට රටම හරි විචිත්‍රයි මේවා නිසා (නි)
මේ සම්බුදු තෙමගුලයි (නි)
මුදලාලිලාට නම් හොදයි (නි)
ප්‍රතිපත්ති පුජාව මෙයට වැඩිය උසස්. (ස)
සෑම බොදු නිවසක්ම වෙසක් සැරසිලිවලින් අලංකාර කර මෙලෙස සිතන්න බුදු ගුණ අනන්තයි! බුදු බල අනන්තයි! බුදු තෙද අනන්තයි! (ස)
ඒ වෙසක් තොරණ රාජයාණන් ඩිජිටල් උනත් කමක් නැහැ, බෞද්ධ අපේ රටේ 24,25,26 තෙදින එක මිනී මැරුමක්වත් සිද්ධ නොවුනොත්, තෙරුවන් සරණයි.! (ස)
අපේ සම්බුදු තෙමගුල හරිම ලස්සනයි. අපිට බලන්න බැරි උනත් මෙහෙම හරි බලන්න ලංකාදීපය කළ මේ ක්‍රියාවට ස්තුතියි.(ස)
වෙසක් කුඩුවක් කඩෙන් මිලදී ගන්නවට වඩා එය තමන්ම නිර්මාණය කර ගැනීම වටිනවා.අපි කුඩා කාලයේ කලේ ඒ අයුරින්. ඒ තුල වෙසක් අසිරිය අපුරුවට ගැබ් වෙලා තිබුණා.(ස)