වෙසක් උත්සවය නිමිත්තෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු අද බැති ගී ගායනා කළහ. වෛද්‍යවරු කණ්ඩායමක් බැති ගී ගයද්දී තවත් වෛද්‍යවරු පිරිසක් සංගීතය ලබාදුන්හ. රෝහලේ වාට්ටුවෙන් වාට්ටුව යමින් ඔවුහු ගී ගයමින් රෝගීන්ට සෙත් පැතූහ.
වෙසක් උත්සවය නිමිත්තෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු අද බැති ගී ගායනා කළහ. වෛද්‍යවරු කණ්ඩායමක් බැති ගී ගයද්දී තවත් වෛද්‍යවරු පිරිසක් සංගීතය ලබාදුන්හ. රෝහලේ වාට්ටුවෙන් වාට්ටුව යමින් ඔවුහු ගී ගයමින් රෝගීන්ට සෙත් පැතූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙරුවන් සරන ලැබේවා ඔබ සැමට! (නි)
රෝගීන්ගේ සිත් සතන් සතුටු කරන්න මෙම ක්‍රියාව ඉතා අගෙයි. (නි)
දොස්තරවරු මිහිපිට දෙවියන් ලෙස හැදින්විමට පුළුවන. ආයුරක්ඛන්තු ආවඩා! ඔබට ජය! (නි)
වෛද්‍යවරු බෙරගහනවා, වෛද්‍යවරියන් ගායනා කරනවා. නර්ස්ලා ඇටෙන්ඩන්ට්ලා නටනවා. තව කෙනෙක් රතු පටිය ඉනේ බැඳ තාලෙට අඩි තියමින් දුම්මල ගහනවා. බටහිර වෙදකම ලංකාවේ නොතිබුණු ඒ කාලෙත් ආතුරයන්ව සුවපත් කළේ ඔයවිදිහටම තමා. අපරාදේ මේ රටේ මිනිසුන්ගේ සල්ලි. (නි)
ඔබ වහන්සේලාට බොහොමත්ම පින්. වෛද්‍යවරු සදසේ බැබලේවා, දිනේවා!. ලෝකෙම දුක නිවන්න යෝධ බල විර්යය ලැබේවා. සියලුම දෙවි දේවතාවන්ගේ පිහිට ලැබේවා, ලෝකයේ ඉහලම තැන හදවතෙත් මොල්යෙත් ඉහලම තැන ඔබලාය. අපි ගොඩක් අදරෙයි. ඒ වගේම ගොඩක් ගරු කරනවා.(නදී)
මේ ආදර්ශය උතුම් හොද වැඩක්. අනාගතයේ අපේ දරුවන් අම්මේ, වෙසක් කියන්නේ මොකක්ද , කියලා විමසන කාලයක් උදාවේවි .මේවා සැම වසරකම කලයුතු දේවල්. (නි)
මම මේ අපහාසයට කියනවා නෙමෙයි, මොකද මම කියන්නේ තිත්ත, අපි අහන්න පිළිගන්න කැමති නැති, එහෙත් ඇතුලාන්තයෙන් අපිට දැනෙන ඇත්ත. මේ මිනිස්සුන්ගේ කිසිම "ලස්සනක්" නැහැ. ඇහැට ප්‍රිය නැහැ. මේ තමයි මට තේරෙන විදියට මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ. අපිට එක එකා නොරුස්සන්නෙත්, ඔය නෝනලා ඔහොම අද සින්දු කිව්වට හෙට ලෙඩ්ඩුන්ට බනින්නෙත් ඒක නිසා කියලා තමයි මට වැටහෙන්නේ. පැහැපත්, ලස්සන රුප ලක්ෂණ ලැබෙන්නේ පෙර කරපු පින්වල බලෙන් කියල තමයි බුදු බනේ තියෙන්නේ. මම හිතන්නේ අපි ඇවිල්ලා පෙර ආත්මවල පින් කරපු කට්ටිය නෙමෙයි. අපේ රූප ලක්ෂණ වලින් ඒක හොඳට පේනවා. (නි)
මම දකින විදිහට දොස්තරවරු මිහිපිට දෙවියන්. අත්දැකීමෙන් කියන්නේ. විශේෂයෙන්ම නුවරඑලිය රෝහලේ මට උදව් කළ අයට මගේ හද පිරි ස්තුතිය. .දිර්ගායු වේවා! බොහොම පින්. (නි)
සල්ලි මත පදනම් වූ ජීවිත මිහිපිට අපායක් (අ)
අර මාතරින් මාරු කරපු ලෙඩා මේ ගොල්ලෝ බාර ගන්න බැහැ කියලා පස්සේ කොළඹ යැවුවා. පස්සේ ඒ ළමයාගේ අතක් කපන්න වුණා. එදා ඒ දොස්තර නිවාඩු නැතුව ගමනක් ගිහිල්ලා. දැන් මේගොල්ලෝ සින්දු කියනවා ,බෙරගහනවා ,නටනවා. මිහිපිට දෙවියෝ ඉන්නේ ටිකයි . (නි)
වෛද්‍ය වරුන්ට ඔයිට වැඩිය කාලෝචිත වැඩක් තියනවා කරනවානම් ජාතික රුපවාහිනියේ ඉරිදට යන නිර්සත්වයෝ කියන උසස් ගනයේ ටෙලි නාට්‍යය බැලුවනම්.(නදී)
නිලා වගේ අය ඉන්නේ මිනිසුන්ට ගරහන්න. අගය කළ යුතු අය අගය කරන්න නෙමෙයි.(නදී)
නියම ඉසිවරු.(නදී)
ඔය නෝනලාත් මහත්වරුත් කරන වැඩ දෙකෙන්ම කරන්නේ මනුෂ්‍යන්ගේ සිතත් ගතත් දෙකම සුවපත් කරන එකයි. ඔබලාට පින්! (නදී)
ටිරාන් මේක සිංහල බෟද්ධ රට. වෙසක් එකට භක්ති ගීත කියන්නේ නැතුව නත්තලට කියන්නද කියන්නේ. රෝහලේ ඉන්න බහුතරය බෞද්ධ නම් ඒ අය මේකට කැමතිනම් ඔයාට තියන ප්‍රශ්නේ මොකද්ද. සෞදිය මුස්ලිම්ලාගේලු, එංගලන්තේ ඉන්ග්රීසින්ගේලු. ඒ වගේ තමයි ලංකාව සිංහලුන්ගේ. අනිත් අයට සහයෝගයෙන් ඉන්න පුළුවන් හැබැයි අයිතිවාසිකම් කියන්න බැහැ. අන්න ඒක තේරුම් ගන්න.(නදී)
මේ වෙසක් සතියේ අගය කළ යුතු වැඩක්. සියළු දෙනාටම පින්.(නදී)
ෂා! නියම දොස්තරලා ටිකක්නේ. අනේ වාසනාවන්, ලෙඩුන්ටත් හරි සතුටු ඇති නේද? අපිටත් සතුට දැනුනා. සුබ වෙසක් මංගල්‍යයක් වේවා, දොස්තර මඩුල්ලටත් ලෙඩුන්ටත් ලංකා වාසි සැමටත්! (නි)
ගොඩක් වටිනා පිංවන්ත ක්‍රියාවක්. ගතින් රෝග වී සිටින අසරණ අයගේ සිත සුවපත් වේවා. (නදී)
කෝ වර්ජනයක් තියනව කිව්වට භක්ති ගී ප්‍රසංගයක්නෙ තිබිල තියෙන්නෙ.(නදී)
උසස් ක්‍රියාවක් මහත්වරුනි.(නදී)
ඉතා හොඳ වැඩක්. ඔබට තෙරුවන් සරණයි! (නි)
නියම ඉසිවරු.උසස් ක්‍රියාවක් මහත්වරුනි. (නි)
ආදර්ශමත් වැඩක්! අගය කළ යුතුයි (නි)
මේ ඇතිවූ පහන් සිතුවිලි ,සේවා කාලය පුරාවටම අසරණ වූ ලෙඩුන් වෙනුවෙන් දෙන්න. එයයි නියම භක්ති ගීතය. සුබ වෙසක් මංගල්‍යයක් වේවා! (නි)
නමුත් හැමෝගෙම මුහුණු වල අවංක සිනාවක් තිබුනා නම් මේ කරපු දේ 100% සාර්ථක වෙනවා. මොකද ඒක රෝගීන්ටත් මානසික නැග්මක්, කරපු දෙය අගය කරනවා (නි)
බොහොම පින් ක්‍රියාවක්. හරිම සන්තෝෂයි. ආදර්ශමත් වැඩක්. (නි)
මේ කරුණා පෙරදැරි මානසිකත්වය වෙසක් සමයෙන් පසුවත් ඔබතුමන්ලා තුල පවතීවා! (නි)
ඉතාමත් ශ්‍රේෂ්ට දෙයක්. වෙදකම වගේම මානසික සහනය දීමත් ලොකු පිනක්. (නි)
පවු අහිංසක ලෙඩ්ඩු ටික (නි)
මේ වගේ වැඩක් අන්‍ය ආගමකින් කලොත් නම් ඉවසන්නම බැරී වෙනවා අපේ ඇත්තන්ට (නි)
වැරදියට වටහාගන්න එපා. මම මිනිසුන්ට ගරහන්නේ නැහැ, එහෙත් විවේචනය කළ යුතු තැන එසේ කරනවා. මගේ බිරිඳත් වෛද්‍යවරියක්. ඇය නම් වෙසක් දිනයේදීත් කරන්නේ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ රෝගීන් බලාගැනීම. මේ සිදුවීම තොවිලයකට උපමා කලේ වෛද්‍ය ක්‍ෂ්ත්‍රයේ අඩුපාඩු උපහාසයට ලක්කරන්න. (නි)