බ්‍රිතාන්‍යයේ බර්මින්හැම් නුවර ජේතවන බෞද්ධ විහාරයේ දහම් පාසල් දුදරුවන් වෙනුවෙන් වෙසක් පිං කමක් පැවැත්විණි.
ජේතවන විහාරාධිපති කැප්පෙටියගොඩ ගුණවංශ නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සංවිධානය කර තිබු ළමා වෙසක් පුන්‍යකර්මය සඳහා පුජ්‍ය මාපලගම සෝරත හිමි සහ කින්ග්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ විරාරස්ථානයේ නේපාලයේ සුමන හිමියන් සහභාගී වුහ.
දහම් පාසැලේ සියලුම දරු දැරියන් සහභාගීවූ සිද්ධාර්ථ නානුමුර මංගල්‍යය සහ වෙසක් භක්තිගීත වැඩසටහනද පැමිණ සිටි සැමගේ සිත් දිනාගැනීමට සමත්විය.
ශ්‍රී ලංකාවේ වෙසක් උත්සව සමයේ සෑම බෞද්ධ නිවසකම දක්නට ලැබෙන වෙසක් කුඩු පිළිබඳව එංගලන්තයේ ජීවත්වන ශ්‍රී ලාංකික දෙමාපියන්ගේ දුදරුවන්හට අවබෝධයක් ලබාදීමේ අරමුණෙන් දහම් පාසල් සිසු සිසුවියන් තම දෙමාපියන්ගේ උපකාර ඇතිව සකස්කළ වෙසක් කුඩු තරඟයක්ද පවත්වනු ලැබීය. මේසඳහා වෙසක් කුඩු නිර්මාණය කල සියලුම දුදරුවන් වෙත වටිනා තෑගී ප්‍රධානය කිරීමටද කටයුතු යොදා තිබුණි. ළමා වෙසක් වැඩ සටහන සඳහා අනුග්‍රාහකත්වය ලබාදුන්නේ දොස්තර ප්‍රභාත් සුරවීර සහ දොස්තර අශාන් ගුණරත්න යන දෙපල සහ එම පවුල්වල සාමාජිකයින් විසිනි.
වෙසක් පින්කමේ වැදගත්ම කොටස වුයේ දහම් පාසලේ සිසු සිසුවියන් 40 දෙනෙකු එදින සිල් සමාදන්වීමය. එදින දවස් පුරාවටම දනා සීල භාවනාදී වැඩසටහන් රැසක්ම පවත්වනු ලැබීය.
ජේතවන විහාරස්ථානයේ ප්‍රධාන වෙසක් පිංකම වෙසක් පුන් පොහෝදින විහාරස්ථානයෙදී පැවැත්වීම සඳහා කටයුතු යොදා ඇතිබව විහාරාධිපති කප්පෙටියාගොඩ ගුණවංශ හිමියන් පැවසුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
.වෙසක් අරුත කියා දෙන එක ලොකු දෙයක් නොදන්නා අයට . බුදුන්ගේ තෙමගුල් ඉපදීම බුදුවීම පිරිනිවන්පෙම . යන අරුත්වත් නොදැන පන්සල් වල එන අය ඉන්නවා (අ)
වෙසක් අරුත කියලා දීලා ඉවරවෙලා, බුදුන් ගේ ධර්මය අනුව ජීවත්වෙන්න දැනුවත් කොලොත් හොදයි.(නදී)
සම්බුදු තෙමගුලේ වෙසක් සිරියෙන් ලක් මව බෑබලේවා.(නදී)
මේ වෙසඟේ, සියලු අවිද්‍යාවන්ගෙන් ගිනියම් වූ සිත් සතන් සිහිල් වේවා! (නි)