නව ආණ්ඩුවේදීද වස විසෙන් තොර ගොවිතැනක්,පරිසර හිතකාමී ආහාර රටාවක්,ජනතාවට නීරෝගී දිවිපෙවෙතක්, ලබාදීම වෙනුවෙන් පෙනී සිටින බව පාර්ලිමෙන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.
ඒ සම්බන්ධයෙන් වන ව්‍යාපෘතියක් භාරගැනීමේ කැමැත්තෙන් සිටින බවද උන්වහන්සේ කීහ.
බලාපොරොත්තු වන්නේ එවැනි විෂයයක් පිළිඹඳ අමාත්‍යධූරයක්දැයි විමසූ අවස්ථාවේ,අමාත්‍යධූරයක් බලාපොරොත්තු නොවන නමුත් යම් වගකීමක් භාරදෙනු ඇතැයි විශ්වාස කරන බවත් එය පරිසර හිතකාමී වසවිසෙන් තොර ගොවිතැන පිළිඹද ව්‍යාපෘතියක් වන්නේ නම් ඉතා කැමැත්තෙන් එය භාරගන්නා බවත් උන්වහන්සේ පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය අලුත් ආණ්ඩුවට කියන්න එළවලු වල ගණන් අඩුකරන්න කියලා.(නදී)
එක කුප්පියක් තියා ගන්න්න. (අ)
හොඳ වැඩපිළිවෙලක්.(හේ)
හොද අදහසක්,ලංකාවේ දරුවන්ටවත් වස විස නැතිව අනාගතයක් ලැබෙයි (හේ)
මොකා මොනා කීවත් හාමුදුරුවනේ ඔය වැඩේ කරන්න බාරගන්න කියල මන් මුලින්ම ඉල්ලනවා ...පට්ටම මොකක් උනත් බාර ගන්න ඇමති හරි අධයක්ෂක හරි කමක් නෑ මේ රටේ මිනිස්සුන්ට දැන් ලෙඩ වැඩි කෑම නිසා වෙන බෙහෙත් වලින් නෙමේ අපේ අතීත මිනිස්සු කෑවේ අපේම අල වර්ග කොළවර්ග ගෙඩිවර්ග ඒවාට රසායනික ගැහුවේ නෑ. එ්වා ගහල සත්තු මරන්න තරම් ඒ ඉඩමට සත්තු ආවේත් නෑ. අද කෘෂිකර්මය හොඳයි. එ්ත් තාම අපිට රට පුරාවටම ගුණාත්මක එළවළු පලතුරු නෑ. අනික සුද්ද අපිට දීපු ඉලව්වක් නැහැනේ. අපේ ඉඩම් ටික විනාශ කරලා තව ප්‍රශ්ණ මිසක්. (නදී)
පිලට කුප්පියක් තියන්න. (නදී)
මහජනයාගේ බඩ හා නිරෝගී භාවය ගැන සිතන මේ අදහස වැටුපක් නොලබන ස්වේච්ඡාවෙන් කරන සත් ක්‍රියාවක් ලෙසින් ගණන් ගැනීම වරදක් නොවෙයි නේද අවසර.?(නදී)
ගොඩක් හොද අදහසක් මේ රට මෙහෙමවත් තියෙන්නේ ඔබවහන්සේලාට පින්සිදුවෙන්න. (අ)
තනිවම නිවන් පුරනාවට වැඩිය සමාජයේ සිටින මිනිසුන්ගේ අධියත්මය වරුණ ගොන්කත නොකියව. හොද දෙය අගය කිරීමත් වැරදි දෙය විවේචනය කිරීමටත් ඉගෙන ගන්න. සමාජ සහ සංස්කෘතික දියුණුවට යහපත් චේතනාව පෙරදැරි කරගෙන කටයුතු කිරීම තනිවම නිවන් මගට යාමට වඩා පහසුවෙන් සහ කලින් නිවන් මගට යාමට පුළුවන. බුදුහමුදුරුවොත් ආත්මාර්ථකාමී ලෙස කටයුතු කර තනියම පරිනිවනට ගියේ නම් මේ ලෝකයේ කිසිම බෞධයෙක් දක්නට නොලැබේ. (අ)
තවත් අමතිකමක්ද? අනේ මන්ද මොනවා වනවාද කියල (අ)
අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ කලින් පටන් ගත් ව්‍යපෘති වල ප්‍රගතිය ගැන ඊට කලින් ජනතාව දැනුවත් කළා නම් හොඳ නැද්ද. (නදී)
පින් මදි වෙන්නැති තවමත් සංසාරේ! (නදී)
දැන් බැංකු කතාව ඉවරද? (නදී)
මතක තියාගන්න යාලුවනේ එදා මේද තුර මේ රටට කරදරයක් වුනු හැම අවස්ථාවක දීම දිවි පරදුවට තබා මේ රට බේරා ගන්න ඉදිරියට ආවේ හාමුදුරුවරු (නදී)
සුද්දන්ගේ ආර්ථික රටාවට කැමති වෙලා සුද්දට ඕන විදියට ඔක්කොම කරමින් ඔබ වහන්සේ හිතනවද සුද්ද ඕන විදියට ලංකාවේ කෑම කන්න දේවි කියලා. (නදී)
හාමුදුරුවනේ, ඔය යන ගමනේදී මතක් උනොත් ධර්ම රාජ්‍ය පිළිබඳවත් සිතක් පහල උනොත්, නැතිවීගෙන යන වෙහෙර විහාර ටිකත් නගා සිටුවන්න කෙටි කාලයක් හරි මිඩංගු කලොත්, තව ටික කලක් සම්බුද්ධ සාසනය රැකේවි (නදී)
මේ වැඩේට ඇමති තුනතුරක් දුන්නත් කමක් නෑ..කාලෝචිත ක්‍රියාවක්..අපිත් ඔබ වහන්සේට සහයෝගය ලබාදෙනවා..මේ වෙනුවෙන් අධිකාරියක් පිහිටුවා උන් වහන්සේට එහි අධ්‍යක්ෂ ධූරය දීමත් වැදගත් (අ)
චීවරය දරාගෙන පාර්ලිමේන්තු එන්නේ මොනාට ද ? පන්සලට වෙලා දහම හදාරා නිවනට යන්න නැතුව කාමසුකල්ලිකානු යෝගය ගත කරන හාමුදුරුවරුනට සුදුසු නෑ (අ)