කොළඹ 7 ග්‍රෙගරි පාරේ බෞද්ධයා මාධ්‍ය ආයතයන පරිශ්‍රයේ ආරම්භ කළ කාබනික වගා බෝග අළෙවි මධ්‍යස්ථානට අද දින පාරිභෝගිකයින් විශාල පිරිසක් පැමිණි බව සෙත්සුව මැදුර ව්‍යාපාරික මධ්‍යස්ථානයේ සංවිධායක සුරැකිමු ලක් මව සංවිධානයේ ලේකම් සුසන්ත පරණගම මහතා කියයි
වෙළන්දෝ 30 කට ආසන්න පිරිසක් භෝග අළෙවිය සඳහා එක්වූ අද පාරිභෝගිකයෝ 1000 ක් පමණ පැමිණ සිටියහ
උදෑසන අටට ආරම්භ වූ වෙළදාම් කටයුතු සවස හතර දක්වා විවෘතව තැබීමට කටයුතු යොදා තිබූවද දහවල් 11 වන විට සියළු භාණ්ඩ හමාර වීය
සම්බෝධි විහාරාධිපති දරණාගම කුසල ධම්ම නා හමියන්ගේ උපදෙස් මඟ පෙන්වීම මත රජයේ වෛද්‍ය නිලධරයන්ගේ සංගමය මෙහි උපදේශකත්වය දරයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ පලදාව විකුනා ගන්නට බැරි යයි කියමින් බෙරිහන් දෙන වෙලදුන්ට නිවැරදි වෙලද පොල හදුනා ගැනීමට මෙය හොද අවස්තාවක්.(නදී)
ලෝකේ අලුතෙන් හදමු. (ත)
ඉතාමත් හොඅ සත් ක්‍රියාවක් තව වැඩි වෙලාවක් බඩු මිලදී ගන්න තිබුනා නම් තවත් හොඳයි.(නදී)
මෙවැනි පොළවල් ගමක් ගමක් පාසා ඉදිඋනොත් අපේ අනාගත පරපුර නිරෝගිමත් වේවි ඉතාම හොද ක්‍රියාවක් (දී)
ඉතාම වටිනා කටයුත්තක්!ඒ උනාට අපේ හාමුදුරුවනේ ඕක දිගට ගෙනියනවානම් හොඳට අදීක්ෂණය කරවන්න වෙනවා .පුලුවන්නම් සමහරු ඔතනත් ජරාව විකුනන්න බලාවි පහු වෙනකොට. (දී)
බොරු නෙමෙයි ඇත්ත නේද (දී)
වටිනා අගය කල යුතු සත් ක්‍රියාවක් (දී)
ගොවි සමිති සමග එක්වී මෙවැනි දේවල් සෑම නගරයකම පවත්වනවානම් ගොවියන්ටත් පරිබෝගිකයාටත් යහපතක් වේවි (ත)
මේක හරිම වටිනා නුවණැති පියවරක්. තව මුදල් යොදවල පිරිසිදුවට වවන දේ වැඩි කරන්න. පිනක් වගේම ජාතියේ ආරක්ෂාවටත් හොඳයි. (ත)