වස විස නැති රටක් බිහිකිරීමට තමන්ද දිවි හිමියෙන් ක්‍රියාකරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
කෘෂිකර්ම අමාත්‍යංශය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සංවිධානය කළ ‘වස විස නැති රටක්‘ කෘෂිකාර්මික වෙළඳ ප්‍රදර්ශනයේ දෙවැනි දිනය වූ අද (7) ඊට එක්වෙමින් ජනපති එසේ කීවේය.
රජ දරුවන් ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ධාන්‍යාගාරය බවට පත් කළාසේ දශක දෙක තුනක් ඇතුළත ලොවට වස විස නැති ආහාර දෙන මධ්‍යස්ථානයක් බවට පත් කිරීම ජාතික රජයේ අරමුණ බව ඊට එක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ ආහාර මධ්‍යස්ථානය කෙසේ වෙතත් තව අවුරුදු කීපයක් යද්දී වගාවක් කරන්න ගොවියෙක් හොයාගන්න නැති වේවි රජය දැන් ගොවියන්ට සලකන සැලකිල්ලට. (ර)
ගොවි ජනතාවගේ සබැ ගැටළු විසඳලා හිටියොත් නරකද - අර නිදහස් මන්දිරයේ පෙම්වතුන්ට ඉන්න සලසල දුන්න තරම් ඉක්මනට ගොවීන්ගේ ගැටළු විසඳන්න කිසි උනන්දුවක් ඇති බවක් නම් පෙනෙන්නේ නෑ. (ර)
අපි පතෝල හිටවමු.(හේ)
අරහේ රෝල්ස් කාලා දරුවෙක් මැරිලා. තුන් දෙනෙකට අන්‍තිමයි. අනේ. වස විස පිරිලා (නි)
අපි කටින් බතල කොළ හිටවමු. (බ)
මෙන්න මාත් පොරොන්දුවක් දෙනවා, ඡන්දෙට පහුවදාට රටේ තිබෙන සියලුම විස ඉවත් කරන බවට. (බ)
කෘෂිකර්ම ඇමති මෙතන බබා වගේ ඉන්නවා. පොහොර ටික පිළිවෙලට දෙන්න බැරි ආණ්ඩුව මේවා කරයිද පිළිවෙලට. මේ ඇමති මණ්ඩලේ ඉන්නේ වැඩ බැරි ටාසන්ලා (බ)
අනේ මහත්තයෝ, කලින් දුන් පොරොන්දු ටික ඉටුකරලා තව පොරොන්දු දුන්නොත් නරකද? (නි)
ඉතාමත් හොද වැඩක්.... ජයෙන් ජය ....(හේ)
වස විස නැති රටක් හදන එක කෙසේ වෙතත්.ගොවියන්ගේ ප්‍රශ්න නිරාකරණය කරලා නොදුන්නොත් ඒ අයට වස බිලා මැරෙන්න තමයි වෙන්නේ.(හේ)
මේ ප්‍රදර්ශන කොළඹ තිබ්බට ගමේ ගොවියට තාක්ෂණය යන්නේ නැ. ගොවියට උදව් කරන්න නැ , කෘෂි උපදේශකලා ගමේ නැ. හැම තැනම රැස්වීම් උත්සව විතරයි , යථාර්ථයෙන් බොක්කෙන් වැඩ නැ. ජනාධිපති තුමනි උත්සව වලට රැස්වීම් වලට ගිහින් කතා පැවැත්වීම නවතා කෙලෙන්ම ප්‍රශ්නයට අදාල මිනිස්සු ලගට ගිහිල්ල හරි ලගට අරගෙන හරි උත්තර දෙන්න. බොරු උත්සව තියල වැඩක් නැ වැඩ කරමු (බ)
වප් මඟුල් උත්සවය කියන්නේ එදා රජවරු කුමාරවරු සිටුවරු කුඹුරට බැහැලා වැඩකරපු කාලයට. අපේ රටේ ජනතාවගේ බදු මුදල් වලින් විශාල ප්‍රමාණයක් මැති ඇමති විපක්ෂ මෙකි නොකී සියලු දෙනාගේ වියදම් සදහා වැයවෙනවා. නමුත් විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුනට විශාල කාර්ය භාරයක් නැහැ. ඉතින් මේ සියලු දෙනා එක්ව රජයේ මුඩු ඉඩම් යොදාගෙන දැවැන්ත ප්‍රමාණයේ වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න. මෙවැනි ව්‍යාපෘතියකින් ජනතාවටත් දේශපාලකයින්ටත් වාසි රැසක් අත්වෙනවා. (නි)
සහතික ඇත්ත නුවන්. අපේ මන්ත්‍රී කෙනෙකුට තමුන්ගේ කණ්ඩායමත් එකතුකරගෙන මහජනතාව වෙනුවෙන් එක්කෙනා අක්කර දෙකක් ගානේ වගා කරලා දෙන්න පුළුවන් නම් අක්කර 450 ක් අස්වද්දන්න පුළුවන් නේද? මිනිසුන්ට කොච්චර සහනයක්ද එක? වාහන පර්මිට් ටිකත් නැති කළා නම් එතනත් ලක්ෂ 45000 ක්. අපේ රටට වෙන ණය ගන්න ඕනෑ නැහැ. මේ සල්ලි ටිකයි මේ අස්වැන්නයි ඇති මිනිස්සුන්ට හොඳට කාලා ඇඳලා ඉන්න. (නි)
ඉතින් එතුමා ඇත්ත නේ කියල තියෙන්නේ. ගොවීන් වස බිව්වම රටට ගෙන්නපු වස ඉවර වෙනවා. ඊට පස්සේ වගා කරන්න කවුරුවත් නැති නිසා වස ගේන්න වෙන්නේ නෑ. (බ)
කොළඹ හැමදාම සංදර්ශන තියනවා. ගමේ ගොවියා පාරේ බුදියනවා.(හේ)
වස විස නැති කරන්න කතා කරන ඔබලාගේ අයම නේද පසුගිය දවස්වල වේදිකාවටත් වහ කුප්‍පි රැගෙන ආවේ. (බ)