වස විස නැති රටක් බිහිකිරීමට තමන්ද දිවි හිමියෙන් ක්‍රියාකරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
කෘෂිකර්ම අමාත්‍යංශය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සංවිධානය කළ ‘වස විස නැති රටක්‘ කෘෂිකාර්මික වෙළඳ ප්‍රදර්ශනයේ දෙවැනි දිනය වූ අද (7) ඊට එක්වෙමින් ජනපති එසේ කීවේය.
රජ දරුවන් ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ධාන්‍යාගාරය බවට පත් කළාසේ දශක දෙක තුනක් ඇතුළත ලොවට වස විස නැති ආහාර දෙන මධ්‍යස්ථානයක් බවට පත් කිරීම ජාතික රජයේ අරමුණ බව ඊට එක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
638
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වස විස නැති රටකට ජනපති අගමැති පොරොන්දු දෙති
සුසන්ත Monday, 07 March 2016 10:14 AM
ලෝකයේ ආහාර මධ්‍යස්ථානය කෙසේ වෙතත් තව අවුරුදු කීපයක් යද්දී වගාවක් කරන්න ගොවියෙක් හොයාගන්න නැති වේවි රජය දැන් ගොවියන්ට සලකන සැලකිල්ලට. (ර)
සුසන්ත Monday, 07 March 2016 10:24 AM
ගොවි ජනතාවගේ සබැ ගැටළු විසඳලා හිටියොත් නරකද - අර නිදහස් මන්දිරයේ පෙම්වතුන්ට ඉන්න සලසල දුන්න තරම් ඉක්මනට ගොවීන්ගේ ගැටළු විසඳන්න කිසි උනන්දුවක් ඇති බවක් නම් පෙනෙන්නේ නෑ. (ර)
ජීවන්ත Monday, 07 March 2016 10:48 AM
අපි පතෝල හිටවමු.(හේ)
කුමාර් මෙන්ඩිස් Monday, 07 March 2016 08:55 PM
අරහේ රෝල්ස් කාලා දරුවෙක් මැරිලා. තුන් දෙනෙකට අන්‍තිමයි. අනේ. වස විස පිරිලා (නි)
ඩිල්ෂාන් Monday, 07 March 2016 11:21 AM
අපි කටින් බතල කොළ හිටවමු. (බ)
විහඟ Monday, 07 March 2016 11:31 AM
මෙන්න මාත් පොරොන්දුවක් දෙනවා, ඡන්දෙට පහුවදාට රටේ තිබෙන සියලුම විස ඉවත් කරන බවට. (බ)
හිරාන් Monday, 07 March 2016 11:23 AM
කෘෂිකර්ම ඇමති මෙතන බබා වගේ ඉන්නවා. පොහොර ටික පිළිවෙලට දෙන්න බැරි ආණ්ඩුව මේවා කරයිද පිළිවෙලට. මේ ඇමති මණ්ඩලේ ඉන්නේ වැඩ බැරි ටාසන්ලා (බ)
ශානක Monday, 07 March 2016 09:40 PM
අනේ මහත්තයෝ, කලින් දුන් පොරොන්දු ටික ඉටුකරලා තව පොරොන්දු දුන්නොත් නරකද? (නි)
නවින් Monday, 07 March 2016 11:51 AM
ඉතාමත් හොද වැඩක්.... ජයෙන් ජය ....(හේ)
කිංග්ස්ලි පෙරේරා Monday, 07 March 2016 11:44 AM
වස විස නැති රටක් හදන එක කෙසේ වෙතත්.ගොවියන්ගේ ප්‍රශ්න නිරාකරණය කරලා නොදුන්නොත් ඒ අයට වස බිලා මැරෙන්න තමයි වෙන්නේ.(හේ)
උපුල් Monday, 07 March 2016 11:49 AM
මේ ප්‍රදර්ශන කොළඹ තිබ්බට ගමේ ගොවියට තාක්ෂණය යන්නේ නැ. ගොවියට උදව් කරන්න නැ , කෘෂි උපදේශකලා ගමේ නැ. හැම තැනම රැස්වීම් උත්සව විතරයි , යථාර්ථයෙන් බොක්කෙන් වැඩ නැ. ජනාධිපති තුමනි උත්සව වලට රැස්වීම් වලට ගිහින් කතා පැවැත්වීම නවතා කෙලෙන්ම ප්‍රශ්නයට අදාල මිනිස්සු ලගට ගිහිල්ල හරි ලගට අරගෙන හරි උත්තර දෙන්න. බොරු උත්සව තියල වැඩක් නැ වැඩ කරමු (බ)
නුවන් Tuesday, 08 March 2016 12:08 AM
වප් මඟුල් උත්සවය කියන්නේ එදා රජවරු කුමාරවරු සිටුවරු කුඹුරට බැහැලා වැඩකරපු කාලයට. අපේ රටේ ජනතාවගේ බදු මුදල් වලින් විශාල ප්‍රමාණයක් මැති ඇමති විපක්ෂ මෙකි නොකී සියලු දෙනාගේ වියදම් සදහා වැයවෙනවා. නමුත් විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුනට විශාල කාර්ය භාරයක් නැහැ. ඉතින් මේ සියලු දෙනා එක්ව රජයේ මුඩු ඉඩම් යොදාගෙන දැවැන්ත ප්‍රමාණයේ වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න. මෙවැනි ව්‍යාපෘතියකින් ජනතාවටත් දේශපාලකයින්ටත් වාසි රැසක් අත්වෙනවා. (නි)
පෙහාලි Tuesday, 08 March 2016 02:33 AM
සහතික ඇත්ත නුවන්. අපේ මන්ත්‍රී කෙනෙකුට තමුන්ගේ කණ්ඩායමත් එකතුකරගෙන මහජනතාව වෙනුවෙන් එක්කෙනා අක්කර දෙකක් ගානේ වගා කරලා දෙන්න පුළුවන් නම් අක්කර 450 ක් අස්වද්දන්න පුළුවන් නේද? මිනිසුන්ට කොච්චර සහනයක්ද එක? වාහන පර්මිට් ටිකත් නැති කළා නම් එතනත් ලක්ෂ 45000 ක්. අපේ රටට වෙන ණය ගන්න ඕනෑ නැහැ. මේ සල්ලි ටිකයි මේ අස්වැන්නයි ඇති මිනිස්සුන්ට හොඳට කාලා ඇඳලා ඉන්න. (නි)
ගයාන් Monday, 07 March 2016 01:57 PM
ඉතින් එතුමා ඇත්ත නේ කියල තියෙන්නේ. ගොවීන් වස බිව්වම රටට ගෙන්නපු වස ඉවර වෙනවා. ඊට පස්සේ වගා කරන්න කවුරුවත් නැති නිසා වස ගේන්න වෙන්නේ නෑ. (බ)
කුමාර Monday, 07 March 2016 02:42 PM
කොළඹ හැමදාම සංදර්ශන තියනවා. ගමේ ගොවියා පාරේ බුදියනවා.(හේ)
මහින්ද සෞදි Monday, 07 March 2016 04:07 PM
වස විස නැති කරන්න කතා කරන ඔබලාගේ අයම නේද පසුගිය දවස්වල වේදිකාවටත් වහ කුප්‍පි රැගෙන ආවේ. (බ)