වස විස නැති ආහාර ද්‍රව්‍ය වලින් සපිරි තුන් දින ප්‍රදර්ශනයක් ජාතික හෙළ උරුමයේ අතුරුලියේ රතන හිමියනිගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. මෛත්‍රීපාල සිරිසේන ජනපති එහි ප්‍රධාන ආරාධිතයාය.
ආරක්ෂාකාරී ලෙස නිෂ්පාදනය කළ එළවළු වර්ග ද කෑම බීම ද එහි විය.
වස විසෙන් තොර ආහාර පාන පිළිබඳ මෑතක සිට මහජනයා අතර උනන්දුවක් පවතී. මෙවැනි එළවළු හා පලතුරු අලෙවි කරන තැන් කොළඹ නගරයේ ස්ථාන කිහිපයකම ඇත. සම්බුද්ධාලෝක විහාරයේ ධරනාලෝක කුසලධම්ම හිමිගේ මුළුතැන් ගෙය ද නාරාහේන්පිට ආර්ථීක කලාපයේ කඩ දෙකක ද දෙල්කඳ හංදියේ වෙළඳපොලේ සමහර වට්ටි අම්මලා ලඟ ද මෙවැනි ආහාර පාන අලෙවි කෙරේ.
ඇමැති එස්.බී. දිසානායක මහතා අද පැවසූයේ මෙවැනි අලෙවි හල් දිස්ත්‍රික්කයක් පාසා පිහිටවීමේ යෝජනාවක් ඇති බවයි. මෙම වැඩපිළිවෙළට ජනාධිපති කාර්යයාලය, කෘෂිකර්ම අමාත්‍යංශය සහාය දෙයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ඇතුළු ප්‍රදේශ වල කුණු කඳු ඉවත් කිරීමේ හොඳම ක්‍රමය කොම්පෝස්ට් පොහොර සැදීම. කීයක් ගියත් එය හදිසි දෙයක්. වෙනම ඇමති කෙනෙක් දැම්මත් කමක් නැහැ. පොහොර ප්‍රශ්නයට හොඳම විසඳුම එය. ප්‍රශ්න කීයකට උත්තර ලැබෙනවද? (නි)
අඳුකොළ නයා විදියටත්, නයා අඳුකොළ විදියටත් පෙන්නා ජනතාව මෝඩයට නම් අන්දන්න එපා (නි)
ඔව් ඉතින් රටක් හදන්න කියලයැ දැන්, නේද හාමුදුරුවනේ? (නි)
මේ රට ඈතුලට වස විස ගෙන්වන එක තහනම් කලානම් මුකුත් නෑනේ......(හේ)
ඊට වඩා හොඳ වස විස ලංකාවට ගෙන්වන එක නතර කිරීම, නැත්නම් තහනම් කිරීම. එවිට වස විස නැති බවට හොඳ සහතිකයක් අපි සැමට ලැබෙනවා (නි)
හොද වැඩක් අගනුවරින් පිට පලාත්වල මෙි වැඩේ කළ යුතුයි අපි මේ මහ පොළව සුවපත් කරමු (බ)
හොඳ වැඩසටහනක්.(හේ)
අපිත් උදව් කරනවා මේ දේට.(හේ)
වටිනා දෙයක් (නි)
වස විෂ ගෙන්වීම තහනම් කරන්න ආණ්ඩුව අකමැති ඇයි? මේ ප්‍රශ්නය ඇතිවෙන්නේ නැහැනේ විෂ ආනයනය නැවැත් වූවානම්.(හේ)
ලංකාවට වස විස ගෙන්වන එක තහනම් කරන්න බැරි ආණ්ඩුවේම බයිලා සංදර්ශන නිසානේ (නි)
ගොඩක් හොද වැඩක් (හේ)
මේ සංදර්ශනවල නාස්තිය දැක්කහම හරිම දුකයි. ලංකාවේ හොඳම කෘෂිකර්ම ඇමති වුණේ අනුර කුමාර සහෝදරයා. මේවාගේ දේවල් කරන්නේ නැතුව පාරේ ඉන්න ගොවියට පොහොර සහනාධාරය දෙන්න මහත්තයෝ. (නි)
සමහරු රටේ ජනතාවට දුන් වස විස ඔය කෑම කාලා මඟහරින්න බැහැ (නි)
මේවා මාධ්‍ය සංදර්ශන විතරයි. වස විස කඩවල තියෙනවා. ගොවියෝ ඒවා පාවිච්චි කරනවා. ඒවා ගේන්නේ වරායෙන් . වාරයේ ඉන්නේ රජයේ සේවකයන් . රජයෙන්න්ම ඒවා රටට විකුණන්න අවසර දෙනවා. මෙතන විතරක් වස විස නැති බඩු තියෙනවා. (ර)
අපරටේ මිනිසුන්ගේ ඔළුවලට ඇතුල් කරලා තියෙන විස ඉවත් කරන්න හැකිනම් බොහොම හොදයි. මුණසිංහගේ යෝජනාවට මමත් එකගයි. (ර)
පරමාර්ථය හොඳයි. නමුත් පහළ සමාජය හොයන්නේ මිල අඩු ආහාර (නි)
ලොක්කන් ලොකු තැනය..... යෝජනා එමටය...... ගොවියන්ගෙ දහදියය.... ඉෂ්ට කෙරුනොත් රටම සුපිරිය! (නි)
ඇත්තටම හොද උත්සහයක් 2016.03.04 දින මා නැරබුවා මෙි වැඩසටහන ඉදිරියට ගෙනයන්න මාගේ උපරිම දායකත්වය ලබාදෙනවා තෙරැවන් සරණයි (හේ)
වස විස නැති ආහාර ද්‍රව්‍ය පාරිබෝගිකයින්ට ලබාගැනීමට නොහැකිව ඇත්තේ වැඩි පලදාව ඉක්මනින් ලබාගැනීමේ අරමුණෙන් පලිබෝධිත වර්ග යොදන නිසාය. නිසි පොහොර වර්ග ලබාදීමට කටයුතු කරන්නේ නම් මැනවි (නි)