IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


වස විස නැති රටක් හදන්න රතන හිමි පෙරමුණේ

වස විස නැති ආහාර ද්‍රව්‍ය වලින් සපිරි තුන් දින ප්‍රදර්ශනයක් ජාතික හෙළ උරුමයේ අතුරුලියේ රතන හිමියනිගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. මෛත්‍රීපාල සිරිසේන ජනපති එහි ප්‍රධාන ආරාධිතයාය.

ආරක්ෂාකාරී ලෙස නිෂ්පාදනය කළ එළවළු වර්ග ද කෑම බීම ද එහි විය.

වස විසෙන් තොර ආහාර පාන පිළිබඳ මෑතක සිට මහජනයා අතර උනන්දුවක් පවතී. මෙවැනි එළවළු හා පලතුරු අලෙවි කරන තැන් කොළඹ නගරයේ ස්ථාන කිහිපයකම ඇත. සම්බුද්ධාලෝක විහාරයේ ධරනාලෝක කුසලධම්ම හිමිගේ මුළුතැන් ගෙය ද නාරාහේන්පිට ආර්ථීක කලාපයේ කඩ දෙකක ද දෙල්කඳ හංදියේ වෙළඳපොලේ සමහර වට්ටි අම්මලා ලඟ ද මෙවැනි ආහාර පාන අලෙවි කෙරේ.

ඇමැති එස්.බී. දිසානායක මහතා අද පැවසූයේ මෙවැනි අලෙවි හල් දිස්ත්‍රික්කයක් පාසා පිහිටවීමේ යෝජනාවක් ඇති බවයි. මෙම වැඩපිළිවෙළට ජනාධිපති කාර්යයාලය, කෘෂිකර්ම අමාත්‍යංශය  සහාය දෙයි.

IMG_0261 IMG_4763 IMG_4774 IMG_4779 IMG_4781



අදහස් (0)

වස විස නැති රටක් හදන්න රතන හිමි පෙරමුණේ

මුණසිංහ Monday, 07 March 2016 02:54 AM

කොළඹ ඇතුළු ප්‍රදේශ වල කුණු කඳු ඉවත් කිරීමේ හොඳම ක්‍රමය කොම්පෝස්ට් පොහොර සැදීම. කීයක් ගියත් එය හදිසි දෙයක්. වෙනම ඇමති කෙනෙක් දැම්මත් කමක් නැහැ. පොහොර ප්‍රශ්නයට හොඳම විසඳුම එය. ප්‍රශ්න කීයකට උත්තර ලැබෙනවද? (නි)

:       0       0

අමිත් Monday, 07 March 2016 02:50 AM

අඳුකොළ නයා විදියටත්, නයා අඳුකොළ විදියටත් පෙන්නා ජනතාව මෝඩයට නම් අන්දන්න එපා (නි)

:       0       0

කපිල Monday, 07 March 2016 03:00 AM

ඔව් ඉතින් රටක් හදන්න කියලයැ දැන්, නේද හාමුදුරුවනේ? (නි)

:       0       0

චරිත Monday, 07 March 2016 03:10 AM

මේ රට ඈතුලට වස විස ගෙන්වන එක තහනම් කලානම් මුකුත් නෑනේ......(හේ)

:       0       0

තුසිත Monday, 07 March 2016 03:10 AM

ඊට වඩා හොඳ වස විස ලංකාවට ගෙන්වන එක නතර කිරීම, නැත්නම් තහනම් කිරීම. එවිට වස විස නැති බවට හොඳ සහතිකයක් අපි සැමට ලැබෙනවා (නි)

:       0       0

අශෝක රුවන් Wednesday, 09 March 2016 08:58 AM

හොද වැඩක් අගනුවරින් පිට පලාත්වල මෙි වැඩේ කළ යුතුයි අපි මේ මහ පොළව සුවපත් කරමු (බ)

:       0       0

අසංක Monday, 07 March 2016 04:32 AM

හොඳ වැඩසටහනක්.(හේ)

:       0       0

සේනක Monday, 07 March 2016 04:40 AM

අපිත් උදව් කරනවා මේ දේට.(හේ)

:       0       0

පද්මසිරි Sunday, 06 March 2016 10:57 AM

වටිනා දෙයක් (නි)

:       0       0

දිල්ශාන් Monday, 07 March 2016 11:39 AM

වස විෂ ගෙන්වීම තහනම් කරන්න ආණ්ඩුව අකමැති ඇයි? මේ ප්‍රශ්නය ඇතිවෙන්නේ නැහැනේ විෂ ආනයනය නැවැත් වූවානම්.(හේ)

:       0       0

ඩිල්ෂාන් Sunday, 06 March 2016 11:58 AM

ලංකාවට වස විස ගෙන්වන එක තහනම් කරන්න බැරි ආණ්ඩුවේම බයිලා සංදර්ශන නිසානේ (නි)

:       0       0

චමින්ද Monday, 07 March 2016 06:14 AM

ගොඩක් හොද වැඩක් (හේ)

:       0       0

ඩෙන්සිල් Sunday, 06 March 2016 12:33 PM

මේ සංදර්ශනවල නාස්තිය දැක්කහම හරිම දුකයි. ලංකාවේ හොඳම කෘෂිකර්ම ඇමති වුණේ අනුර කුමාර සහෝදරයා. මේවාගේ දේවල් කරන්නේ නැතුව පාරේ ඉන්න ගොවියට පොහොර සහනාධාරය දෙන්න මහත්තයෝ. (නි)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Sunday, 06 March 2016 12:35 PM

සමහරු රටේ ජනතාවට දුන් වස විස ඔය කෑම කාලා මඟහරින්න බැහැ (නි)

:       0       0

විපුල Tuesday, 08 March 2016 06:44 AM

මේවා මාධ්‍ය සංදර්ශන විතරයි. වස විස කඩවල තියෙනවා. ගොවියෝ ඒවා පාවිච්චි කරනවා. ඒවා ගේන්නේ වරායෙන් . වාරයේ ඉන්නේ රජයේ සේවකයන් . රජයෙන්න්ම ඒවා රටට විකුණන්න අවසර දෙනවා. මෙතන විතරක් වස විස නැති බඩු තියෙනවා. (ර)

:       0       0

ස. රත්න Monday, 07 March 2016 06:48 AM

අපරටේ මිනිසුන්ගේ ඔළුවලට ඇතුල් කරලා තියෙන විස ඉවත් කරන්න හැකිනම් බොහොම හොදයි. මුණසිංහගේ යෝජනාවට මමත් එකගයි. (ර)

:       0       0

නෞෂාඩ් Sunday, 06 March 2016 05:39 PM

පරමාර්ථය හොඳයි. නමුත් පහළ සමාජය හොයන්නේ මිල අඩු ආහාර (නි)

:       0       0

අශෝක Sunday, 06 March 2016 05:56 PM

ලොක්කන් ලොකු තැනය..... යෝජනා එමටය...... ගොවියන්ගෙ දහදියය.... ඉෂ්ට කෙරුනොත් රටම සුපිරිය! (නි)

:       0       0

ආර්.එමි.ලලිත් ප්‍රියන්ත බණ්ඩාරනායක Tuesday, 08 March 2016 04:37 AM

ඇත්තටම හොද උත්සහයක් 2016.03.04 දින මා නැරබුවා මෙි වැඩසටහන ඉදිරියට ගෙනයන්න මාගේ උපරිම දායකත්වය ලබාදෙනවා තෙරැවන් සරණයි (හේ)

:       0       0

ලියොන් ගුණවර්ධන Monday, 07 March 2016 01:20 AM

වස විස නැති ආහාර ද්‍රව්‍ය පාරිබෝගිකයින්ට ලබාගැනීමට නොහැකිව ඇත්තේ වැඩි පලදාව ඉක්මනින් ලබාගැනීමේ අරමුණෙන් පලිබෝධිත වර්ග යොදන නිසාය. නිසි පොහොර වර්ග ලබාදීමට කටයුතු කරන්නේ නම් මැනවි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 638 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site