ශ්රී ලාංකික ගෘහසේවිකාවක එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේ ඉන්දියා ජාතික නිවසේ හිමිකරු සහ ඔහුගේ බිරිඳ නොමැති අවස්ථාවක නිවසේ තිබූ රන් ආභරණ සොරාගෙන පලායමින් සිටියදී පසුගිය පෙබරවාරි 12 වැනි දා ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
නිවසේ හිමිකරු සහ ඔහුගේ බිරිඳ තම රාජකාරි සඳහා නිවසෙන් ගොස් සිටියදී තම දරුවන් ගැන සොයා බැලිමට නිවසට දුරකථන ඇමතුම් කීපයක් ලබාදී ඇත.පසුව ඔහුගේ දරුවෙකු දුරකථනයට පිළිතුරු දෙමින් කියා සිට ඇත්තේ නිවසේ මෙහෙකාරිය නිවසේ නොමැති බවය.
වහා ක්‍රියාත්මකවූ ඉන්දියා ජාතිකයා නිවසට පැමිණ සෝදිසිකර බැලූවිට ඔහ්ට දක්නට ලැබුනේ රු.1952500 (ඩිරාම් 55000) වටිනා රන්ආභරණ අතුරුදන් වී ඇති බවයි .ඔහු වහාම පොලිසියට දැනුම්දීමෙන් අනතුරුව දින හතරකට පසුව ලංකාවට පිටත්විම සඳහා සකස්කරනලද ගමන්මලුත් සමග අල්බඩා ප්‍රදේශයේදී ඇය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කාන්තාවන් දැන් අලුත් දෙයක් පටන් අරගෙන වගේ.(නදී)
ඔය වගේ අපේ අය කොච්චර මෝඩ වැඩ කරනවාද මේ රට වල නිතිය දැන දැනත්. දැන් ඉතින් ලැබේයි ඊට දෙගුණයක් දඩුවන්.(නදී)
ලංකාව අපකීර්තියට පත් කරන්න හොරකම කරන්න ඇති. (නදී)
ඒක්සත් අරාබි එමිරය නිසා හොදා. සෞදියේ එහෙම නම් අතක් නැතිව තමා එන්න වෙන්නේ.(නදී)
අයියෝ බඩු ටික ගත්තම එන්න එපයැ. මොනවා කරනවද දවස් 4 ක්. (නදී)
ලක්දෙරණට හොඳ නමක් තියපු ගෘහ සේවිකාව.(නදී)
මෝඩ ගැණු පිටරටකට ඇවිත් රැකියාව උනත් වංචා කිරීමෙන් ලැබෙන පල විපාක නොදන්නවාද ? දැන් ඉතින් හිරේ ලැගපන්කෝ.(නදී)
ලජ්ජා සහගත වැඩක්. නඩුවෙන් වැරදි කරු උනාම රජයට දොස් නගාවී (දිල්)
කලින් සිටම කල සැලසුමක්.රන් ආභරණ දැක්කාම කෙළ හල හල ඉන්න ඇති.දැන් ඉතින් කෙලවත් ගිලෙන්නේ නැතිව ඇති?(දිල්)
රට විරුවෝත් වැඩේ පටන්ගෙන වගේ. (නදී)