ගාල්ලේ සමනල ක්‍රීඩාංගණයේ මැයි රැලියේ වේදිකාවට ශ්‍රීලනිප සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (1) පස්වරු 4.30ට පමණ ගොඩවිය.
මහා වැසි නිසා ගාලු රැලියේ කථා මදකට නතර කැරිණි. පේන තෙක් මානයේ මහ සෙනග හතර වටේම සිටින බව වේදිකාවට පෙනේ.
ගාලු රැලියේදී හිටපු ඇමැති පියසේන ගමගේ මහතා පිළිගැනීමේ කථාව කරද්දී ඔහුගේ දිව පැටළුණේය. වේදිකාවේ සිටි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවට ඔහු පිළිගත්තේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිය. මද වේලාවකට පසු ඔහු වරද නිවැරදි කරමින් මෛත්‍රිපාල සිරිසේන මහතා පිළිගත්තේය. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ගාලු රැලියට සහභාගී නොවේ.
මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කැම්බල් පිටියේ රැලියට සෙනග දෙපැත්තකින් පෙළපාළියෙන් ගමන් කරයි.
කිරුළපන ඒකාබද්ධ විපක්ෂයේ රැලියට ලලිත් ඇතුළත්මුදලි පිටිය පිරෙන තරමට සෙනග පැමිණ සිටින බව සංවිධායකයෝ කියති. පොල්හේන්ගොඩ පැත්තේ සිට පෙළපාළියෙන් පස්වරු 4.40 වනවිටත් සෙනග පැමිණෙමින් සිටියහ.
හැව්ලොක් ටවුමේ බීආර්සී පිටියේ පැවැත්වෙන ජවිපෙ රැලියට ආ පිරිස්වලින් එම පිටිය පිරීගිය බව කියති. පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා මින් මදවේලාවකට පෙර වේදිකාවට පැමිණියේය.
ජාත්‍යන්තර කම්කරු නායකයකු වන ජෙරෝජ් මොරිකොස් ද ත්‍රී රෝද රියකින් ජවිපෙ පෙළපාළියට එක්විය.
ඡායාරූප - ඉෂාන් සංජීව
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
ඡායාරූප - ශාන්ත සෙනෙවිරත්න


















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාල්ලේ රැලියේ ඉන්නෙත් යූ.එන්.පී කට්ටියම තමයි. දෙපැත්තට බෙදිලා කැම්බල් සහ ගාල්ලට ගිය බව අපි දන්නවා. (නි)
සෙනඟ බලෙන් ගෙනල්ලා කාටවත් ආණ්ඩු හදන්න බැහැ (නි)
යෙනුරගේ මොළයේ යම් ආබාධයක් ඇති බව පේනවා (නි)
මේ ජනතා ප්‍රබෝධය දකිනකොටත් සතුටුයි (නි)
වරුණ, ඔයා තමයි මොළය පරික්ෂා කරගන්න ඕනෑ (නි)
බලෙන් ගෙනාවේ නැති ජනතාව නම් ඉන්නේ කිරුළපන (නි)
අපිත් ගියා. අපි කවදත් රටේ දියුණුව ගැනයි හිතන්නේ (නි)
වැඩිම ජනතාව කිරුළපන බවයි පෙනෙන්නේ. (නි)
කොහොමත් මොළයක් ඇති මිනිස්සු ඇත්ත තේරුම්ගන්නවා (නි)
ජනබලය කාටද බලන්න පුංචි ඡන්දෙට යමුද? (නි)
අපේ රටේ මැයි දිනය කියන්නේ, දේශපාලකයන් ජනතාවගේ මුදල් කාබාසිනියා කරමින් තම බලය පෙන්වන්නට හදන පුහු දිනයක් ලෙසයි අපි දකින්නේ. (නි)
කිරුළපනට ආවනම් ජන ගඟ මොකක්ද කියල බලාගන්න තිබ්බ..දහස් ගණන් මිනිස්සු ආපසු හැරිලා ගියා මාර්ගයකවත් ඉඩ නැති නිසා..(ම)
ඊයේ සාදුකින් පෙලන එවූ නැගිට්ටෝල අද නැතිවෙන්නම වැට් බදු ගහලා.(ම)
ගාල්ලේ ගංවතුර ගලලා වගේ නම්, කිරුලපන සුනාමි ආවා වගේ....(ම)
පොකට් කීයක් නැති උනාද කියල හෙට වෙද්දී ආරංචි වෙයි.(ම)
අයියෝ සල්ලි .....!! (නි)
කරුණාපාල සහෘදය, බුද්ධිමත් සහ අරුත්බර හොඳම අදහස ප්‍රකාශ කළ ඔබට මගේ ආචාරය!!!. (ම)
මේ ඡායාරූප වල හාමුදුරුනමකුත් ඉන්නවා. ඒත් කම්කරුවෙක්ද? (නි)
අපි නම් ගියේ කිරුළපන එකට. එහෙනේ සෙනඟ හිටියේ. පුදුම සෙනඟක් (නි)
පස්සෙන් යන අයට දැන්වත් ඇත්ත තේරුනාද දන්නේ නැහැ. බොරු කයිවාරුව විතරයි. ගාල්ලට බස් 3000 ගේනවා කිවුවට එක බස් එකක ඉඳලා තියෙන්නේ 20 විතර. කියන තරම් සෙනඟක් ගාල්ලේ නැහැ. (නි)
කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැ. ඕක තමයි යථාර්ථය. ඇත්ත (නි)
2015 ජනවාරි 8 වෙනිදාට පස්සේ කාටත් පැටළිලා. රටත් පැටළිලා (නි)
අනේ හැබෑට මෙහෙමත් කම්කරු ජනතාවක්? (නි)
ඇත්තටම මේ ගොල්ලෝ කම්කරුවන් නියෝජනය කරනවද? (ර)
බලන්නකෝ මිනිසුන්ගේ තියෙන උනන්දුවක තරම! (නි)
තව ටික දවසකින් හොට පැටලෙන හැටිත් බලමුකෝ... (නි)
කිරුළපන සෙනඟ එකට තදවෙමින් වාඩිවෙලා සිටි හැටිත්, ගාල්ලේ දුරින් දුරින් තියපු සෙනඟ මවමින් පෙන්වන ලෙස හදපු පුටු පේලි වල මිනිස්සු ඉන්න හැටිත් බැලුවහම පේනවා මවාපෑමක තරම. (නි)
1 වෙනිදා කම්කරු දිනේ 2 වෙනිදා වැට් 11% සිට 15% දක්වා වැඩිකලා කොහොමද ටිකිරි මොලේ. (ර)
ජවිපෙ විනය මුළු රටටම තිබුනා නම් කොට්චර වටිනවද? (නි)
මොනවා කරන්නද? අපිට එන්න බැරිවුණානේ. "ගතින් ඉන්නට වුණත් වෙන්වී... සිතින් අප තව හිඳිමු ළංවී...“ (නි)
දැන් කම්කරුවන්ට සනීපෙට නින්ද යයි නේද? (නි)
කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැ කියන්නේ ඒකතමයි (නි)
හොඳ වෙලාවට එදා මැයි පළවෙනිදා දිනකදී ඇමරිකන්කාරයෝ පැය අටේ සේවා මුරය වෙනුවෙන් තම ජීවිත පුජාකරලා කම්කරු අයිතිවාසිකම දිනා ගත්තේ. ඒ උතුම් මිනිස්සුන්ට පින් සිදුවෙන්නට, හෙට දවසේ පැය අටේ සේවාව ඉවරවෙලා ගෙදර ඇවිදින් මට මගේ පවුලත් සමඟ සතුටින් ඉන්න පුළුවන්. කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දිවි හිමියෙන් සටන්කළ ඒ උතුම් මිනිසුන්ට මගේ ආචාරය!!! (නි)
මෙවර මැයි රැළි වලින් වැඩි ජනතාවක් සහභාගි වුණේ එ.ජා.ප. මැයි රැළියටයි. ආඩම්බරයි අපිට. (නි)
කිරුළපනට සෙනඟ නෑනේ.(හේ)
රටේ ජනතාවට සෙනඟ පෙන්වනවා දේශ පාලකයන්ට එහෙම එත් දිනන්නේ සෙනඟ අඩු අයනේ එකනේ වැඩේ.සෙනඟ ඉන්න අය දිනන්නේ නැනේ ඇයි අනේ (හේ)
දහසක් බාධක කෙණෙහිලිකම් මැද ගැන ගඟ ගැලුවේ නම් කිරුළපනට (නි)
මේ රැස්වීම් වල ඉන්න කීදෙනේක්ගේ කම්කරු ඉල්ලීම් ඉටුවුනද දන්නේ නෑ. (හේ)
ඉන්දියන් සාගරයේ පුංචි මුතුඇටය නම් වූ අප සිරි ලංකාවේ "සැබෑ කම්කරුවා" නම් වූ ඒ දිරිමත් මිනිසා ගැන නම් මට ඇත්තේ බලවත් කණගාටුවකි. ජගත් කම්කරු දිනයේ ඔහුට නිවාඩුවක් නොමැත. ඔහු වැඩකළේ නැත්නම් අඹුදරුවෝ බඩගින්නේය. වෙනත් අය උඩ පැනගෙන පෙළපාලි ගියත්, ඔහු තමාගේ වැඩපල සුපුරුදු පරිදි නිමකර, උපයාගත් සොච්චමත් රැගෙන හවසට නිවසට යනවා ඇත්තේ ඔහුට හිමි දිනය ගැන කිසිදු තැකීමක් නැතුව වියහැකියි (නි)
හරි ජනමතය පේන්නේ ජේවීපී එකේ විතරයි (බ)
ජනක ඹයාගේ ඇස්වල සුද ඇවිල්ලද? (බ)
කොහොම වුණත් ජවිපෙ රැලිය හරි ලස්සනයි. නිර්මාණශීලීයි. (නි)
ඉනෝකාගේ කතාව හරියටම හරි (නි)
“අපේ දිනය අපිට දියවු“ කියලා වැඩකරන ජනතාව කෑගහන දවසත් වැඩි ඈතක නැහැ (නි)
රැස්වීම්, පෙළපාලි මේ හැම එකකටම සහභාගිවුණේ අපේ රටේ කම්කරුවෝ සහ දුප්පත් ජනතාව. මේ රැස්වීම්වල කතාකළ කිසිම කෙනෙක් රටේ කම්කරුවන්ට හෝ ජනතාවට දෙන සහනයක් ගැන නම් කිව්වේ නැහැ. ඔය ටික අහන්න මොන එහෙකට මිනිස්සු පොරකකා යනවද කියලා මට නම් හිතාගන්න බැහැ. මේක කම්කරු දිනය වුණාට ඇත්තටම එදාට සිද්ධවෙන්නේ ඒකද? (නි)