යාල ජාතික වනෝද්‍යානය සැප්තැම්බර් මස 07 වැනිදායින් පසු සංචාරකයින් සඳහා වසා තැබෙන බව වනජීවී දෙපාර්තුමේන්තුව පවසයි.
සෑම වසරකම මෙම කාල සීමාව උද්‍යානය වසා තැබීම සිදුකෙරේ. උද්‍යානයේ අභ්‍යන්තර මාර්ග පද්ධති අලුත්වැඩියාව, සංචාරක බංගලා නවීකරණය මෙන්ම වන සතුන්ගේ අභිජනන ක්‍රියාවලිය සඳහා ද මෙම කාලය වෙන් වන බව සඳහන් වේ.
පසු ගිය දිනවල උද්‍යානය නැරඹීම සඳහා දේශිය මෙන්ම විදේශීය සංචාරකයින්ද විශාල පිරිසක් පැමිණ තිබේ. පැවැති වියළි කාලගුණික තත්ත්වය පවා නිම කරමින් පසුගිය දා යාලට මහ වැසි ඇද හැළීමෙන් උද්‍යානයේ වැව් සහ දිය කඩිතිද පිරී පැවැතිණි.මෙම හේතුවෙන් සංචාරකයින් සඳහා වන සතුන් නැරඹීමේ හැකියාවක්ද ඇතිවිය.
සංචාරකයින් සඳහා යාල ජාතික වනෝද්‍යානය නිල වශයෙන් වසා දැමුවද විවිධ පුද්ගලයින් ඉහළින් අවසර ලබාගෙන එම කාලයේද යාලට පැමිණීම අපේක්ෂිත අරමුණු වලට බාධාවක් වන බව වනජීවී නිළධාරීහු කියති.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
998
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘වැසු පසු යාලට ඒම ලෙඩක්’
සෑම් Sunday, 06 September 2015 09:50 AM
මේ කාල සීමාවේ කව්රුවත් එන්නේ නැහැ . ලැජ්ජා වෙන්නේ නැතිව අභිජනනයේ යෙදෙන්න කියලා බෝඩ් ටිකක්වත් ගැහුවානම් මේක සාර්ථක වේවි. නැතුව මේක සත්තුන්ට දැනගන්න විධියක් නැහැනේ (බ)
චන්න බුවනක Sunday, 06 September 2015 02:28 PM
මේ ළමයි මෙහෙම ඇවිදින එක වැරදියි නේද?අනතුරුදායක බව වැඩිහිටියන්ට තේරෙන්නේ නැත්ද? පස්සේ දුක්වෙලා වැඩක් නැහැ. (නි)