කලට වැසි ලැබි ගොවිතැන් බත් සරුවේවා යැයි ප‍්‍රර්ථනා කරමින් නොච්චියාගම ඉට්ටිකුලම ගම්වාසිහු මුට්ටි නැමිමේ මංගල්‍යය පැවැත්වූහ.
සෑම වසරකම අලූත් අවුරුද්ද පසුවෙනවාත් සමග කෙම්මුර දිනයකදි මෙම මුට්ටි නැමිමේ මංගල්‍ය ඉට්ටිකුලම ගම්වාසින් විසින් නොකඩවා සිදු කරති.
ඉට්ටිකුලම ශ‍්‍රී සවර්ණබිම්බාරාම විහාරස්ථානය සහ ඉට්ටිකුලම වැව මුල්කරගෙන මෙම මුට්ටි නැමිමේ මංගල්‍ය සිදුවේ.
ඉට්ටිකුලම ගම්මානයේ දී හදාගත් කිරි ආහාර කැවුම් කෙසෙල් පෙරහරින් විහාරස්ථානයට පුජා කර පසුගිය වසරේ භාරහාර ඔප්පු කිරීම සම්ප්‍රදායයි.
අනතුරුව වැවේ කෙලවරක කිරි උතුරා කිරිබතක් උයා ගම්වාසීහු එක්ව අනුභව කරති. මෙසේ උතුරාගත් රජ කිරි මුට්ටිය ලිපෙන් බානවාත් සමග සියලූ දෙනා විශ්මයට පත්කරමින් වැසි ලැබිණි.
ශ‍්‍රී සවර්ණබිමිබාරාම විහාරාධිපති නොච්චියාගම ඉන්ද්‍රරතන හිමියන්ගේ අනුශාසනා මත මෙම මුට්ටි නැමිමේ මංගල්‍යය සිදුවිය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුරාණයේ සිරිත් නැවත දැකීමත් සතුටක්. (ර)
ලංකාවේ පුරාණ සිරිත් විරිත් කරවීම සහ එය අනාගත පරපුරට ලබාදෙන ඔබලාට මගේ ප්‍රණාමය. (ර)
බලන් කඩතුරා හැර දෑසේ .....(ම)
අපේ පැරණි දේවල් අද ටත් දැකගන්න ලැබෙන එක කොච්චර දෙයක්ද , හරිම සතුටු හිතෙනවා (ම)
හරිම සතුටුයි (හේ)
මගේ ප්‍රියතම කෑම කිරිබත් කෙහෙල් කොලේ සමග ලංකාවේ හිටියනම් කන්න තිබුනා. මේක රස ඇති. (හේ)
මේ මගේ ගමේ පැවත්වෙන ලොකුම පින්කමයි ස්වාමින් වහන්සේ මගේ සහෝදරයයි මෙකේ අසිරිය බලන්න ඊලඟ අවුරැද්දේ ඔයාලත් එන්න (හේ)
චතුරි, අනුන්ගේ කිරිබත් වලට කෙල ගිලින්නේ නැතුව ඔයා ඉන්න රටේම කිරිබත් හදාගෙන කන්න. කෙහෙල් කොළ නම් ඕනෑම ආසියාතික කඩේකින් ගන්න පුළුවන්නේ. ලංකාවට කිරිබත් කන්න එන්නේ බලාගෙන. කට කපන්න බලාගෙන ඉන්නවානේ කට්ටියක්........ (නි)