බම්බලපිටිය  ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනයෙන් පසුව හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා කළගෙඩිහේනෙන් සොයා ගත් පුපුරණ ද්‍රව්‍ය  වනසා එම සුන්බුන් හා අවි රජයේ රස පරීක්ෂකට යවන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ එම් සහාබ්දීන් මහතා නියෝග කළේය.

රහස් පොලීසියේ ඉල්ලීම අනුව මහේස්ත්‍රාත් එම නියෝගය කළේය.

වාස් ගුණවර්ධන ,ඔහුගේ පුත් රවිදු ගුණවර්ධන හා පොලීසියේ දෙදෙනෙක් මේ නඩුවෙන් චෝදනා ලැබ සිටිති.