ගලේවෙල පට්ටිවෙල ප්‍රදේශයේ පදිංචි එස්.ඒ. රත්නපාල (51) ගොවි මහතා වසර ගණනාවක සිට රසායනික පොහොර භාවිතයෙන් තොරව එළවලු හා දේශීය ලොකු ලූනු වගාකරන ගොවියෙකි .
දෙදරු පියකු වූ ඔහු මෙවරද අක්කර 30ක් ලූනු වගාවට සැරසෙන අතර මේ සියල්ල වගා කරනු ලබන්නේ ගොම හා කාබනික පොහොර භාවිතා කරමිනි. මෙම ගොවි මහතා දිනපතා පනස් දෙනෙකුට පමණ රැකියා ලබා දෙයි. 1984 වසරේ අක්කර කාලකින් ආරම්භ කළ වගාව මිට වසර පහක සිට සම්පුර්ණයෙන් වස විසෙන් තොරව නිෂ්පාදන කිරීම විශිෂත්වයකි .
ගොම පොහොර නැගෙනහිර පලාතෙන් ගෙන්වන බවත් කාබනික පොහොර කිලෝව රු 11 බැගින් මිලදී ගන්නා බවත් ඔහු කීවේය. එක අක්කරයකින් ලොකු ලුණු කිලෝ 120000 ක් අස්වැන්නක් ලබාගැනීමට හැකිවන පරිදි පස හුරු කරගැනීමට හැකිවූ බවද රතනපාල මහතා පැවසිය.
වස විස නැති දේශීය සහල් හා එළවළු වගාව දැන් රටේ ටිකෙන් ටික වර්ධනය වෙමින් පවතී. මේ සඳහා අතුරුලියේ රතන හිමි සහ මෛත්‍රීපාල සිරිසේන ජනපති මුල්තැන ගෙන කටයුතු කිරීම ඊට ප්‍රධාන හේතුව වී ඇත.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ කුණු කන්ද ප්‍රතිචක්‍රීකරණය කරලා කොම්පෝස්ට් පොහොර හදන්නේ නැත්තේ ඇයි? කැනඩාවේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කරන සුදේශ්ගෙන් උපදෙස් අරගෙන ලංකාවේ එහෙම දෙයක් කරන්න බලන්නේ නැත්තේ ඇයි? තව ටික කලකින් ඉන්දියාවෙන් කොම්පෝස්ට් පොහොර ගෙනෙන්න අදහසක් තියෙනවද දන්නේ නැහැ නේද? අගමැතිතුමා නිතර ඉන්දියාවට දුවන්නේ ඒකද දන්නෙත් නැහැනේ (නි)
මගේ ගෞරවනීය නමස්කාරය මෙතුමාට! රට බේරාගැනීමට පැමිණි දෙවි කෙනෙක්. සියලු දෙනාටම අවබෝධ වේවා! (නි)
මෙවන් ගොවි රජවරු රටට සම්පතක් (නි)
මෙන්න මිනිස්සු. මේ ලෝකෙටයි යන ලෝකෙටයි දෙකටම වැඩ කරගන්නවා. අපි මොහුට ගෞරව කළයුතුයි. (නි)
ඔබගේ ක්‍රියාවට මල් මිටක්. (හේ)
සුමුදු දැන් ඔය කියන විදිහට මහින්ද මහත්තයා කීදෙනක් පිටරට යැවුව්වද උපාධි ගන්න. අනේ අපිටත් දැනගන්න කියන්නකෝ... (ර)
කෙතරම් අනර්ඝද වස විස නැති ආහාර අපි පොඩිකාලේ මට මතකයි බාප්පලාගෙ කුබුරැ වල යනවා පලා වර්ග කඩන්න එලවලු මැදින් පාලා හැදෙනවා, මුගුණුවැන්න, ගොටුකොල, කූර, වැනි විවිද දේවල් ඒත් දැං ඒවා දැක ගන්නත් නෑ පස හොදටම නිසරැ වෙලා රසායනික බෙහෙත් ගහන්නෙ මොටර් ටැංකි වලින් හරියට වැස්ස වගේ ඉතිං මිනිස්සු ලෙඩ නොවී තියේද? (ර)
මෙන්න රටට ආදරේ මිනිස්සු (නි)
අපෙන් ඔබට මල් මිටක්! (නි)
අනිකුත් උදවිය මෙතුමාව ආදර්ශයට ගත්තානම් හොඳටම ඇති. (ර)
එක පැත්තකින් කිරි ගොවියාටත් සෙත සැලසෙනවා මේ වැඩෙන්. ගොම ටික පොහොර කරලා මේ වස විස නැති වගාවන් සදහා ඇපකැප වෙන මෙවැනි ගොවිමහතුන්ට ප්‍රයෝජනවත් වේවි. (ර)
මොනවා කරන්නද? හරක් ටික මස් කඩේට ගියා, ගොම ටික නැතුව ගියා, කුරුණෑගලත් වකුගඩු ලෙඩ, ඇළක තිත්තයෙක් දකින්න නැහැ, කෘෂි සංවර්ධනය, වහ කනවා, ලෙඩ වෙනවා, ජනතාව ෆාමසි වල පෝළිමේ. රටකට වුණ විනාශයක්. මේ ගොවිමහත්තයා දිහා ජනපතිතුමා බලත්වා! (නි)
රටක ජනතාව නිරෝගී තත්වයට පත්වෙනවා කියන එක අහනකොටත් සතුටුයි. අතුරලියේ රතන හිමිගේ මේ කටයුත්තට සියලු දෙනා සම්මාදම් වෙන්න (නි)
මෙතුමා රටට සම්පතක් වගේම රසායනික පොහොර බෙදා හරින්නන්ට වහකදුරු වගේ ඇති එනිසා හැමවිටම අවධානයෙන් සිටීම වඩා වැදගත් වේවි රටට වැඩදායි මෙවන් මිනිසුන් සුරකිමු. (ර)
වසර 5 කට පෙර සිට දේශීය පොහොර යෙදීමට පටන්ගෙන තිබෙන්නේ එවකට දේශීය වගාව වෙනුවෙන් පෙනීසිටි කවුරු හෝ උත්තමයෙකුගෙන් ලැබුණු සහයෝගය නිසාය. එතුමාට සහ මෙම ගොවි මහතාට අපි ස්තුතිවන්ත වියයුතුය. (නි)
රසායනික පොහොර සහ බෙහෙත් නිසා බුගත ජලය විෂ වෙමින් තියනවා. අපේ ආහාර විෂ බෙහෙත් මිශ්‍රවෙමින් නොයෙක් ලෙඩ රෝග ඇතිවෙනවා. බහුජාතික සමාගම් උසිගන්වලා සමහර ගොවියන් පාරට ගේනවා. පොහොර සහනාධාරය දිය යුත්තේ කාබනික පොහොර භාවිතා කරන ගොවියන්ට විතරයි. වස විෂ භාවිතයට අනුබල නොදිය යුතුයි. (ර)
මෙන්න මිනිස්සු. ඔබට ජය! (නි)
හොඳ වැඩක්.ගොවි මහතෙනි ඔබට බුදුසරනයි.(හේ)
ලෝකෙට සාප කරමින් යයි නොදත් එකා. දන්නා උතුම් මිනිසා වැඩ පෙන්නයි මෙලෙසා. අවවාදයට වැඩියෙන් ආදර්ශය පෙන්නා. වැජඹෙනු මැනවි ලක්පුතෙකුගෙ රැස් පෙන්නා. (ර)
ගොම වලත් රසායනික ද්‍රව්‍ය අඩංගු වෙනවා නමුත් ජනහිතකාමී මේ උත්සාහය අගය කරනවා නමුත් විෂ පොහොර ගෙන්වපු අයත් බලවත් විශාල ජනතාවක් ඔවුන් සමග සිටින නිසා ප්‍රතිපල අවම වෙනවා (හේ)
මේ වගේ ගොවි මහත්වරු දැන් අඩුයි.(හේ)
ඇමතිලට වාහන වලට දෙන සල්ලි මේ වගේ ගොවි මහත්තුරුන්ට දෙන්න. රටෙන් මන්දපෝෂණය අතුගාලම දායි. (නි)
මේ ආණ්ඩුව උදව් කරන ක්‍රියාත්මක කරන ඒ ගැන වැඩියෙන් උනන්දු වෙන ක්ෂේත්‍ර තිබුනත් ඔවුන් වඩාත් උලුප්පා පෙන්වන්නේ පසුගිය රජයේ සහ හිටපු ජනාධිපතිගේ වැරදි පෙන්වාදීමටයි. ඒ මඟින් මෙවැනි ක්‍රියා වල හොඳ වැඩ ගැන ලැබෙන ප්‍රතිචාර අඩුවීයාම තම විසින්ම තමන්ගේ හොඳ ක්‍රියාවන් වසාගැනීමක්. (නි)
මෙවන් ගොවින් රැසක්ම ඉන්නවා ඔවුන් නිහඩව තමන්ගෙ වැඩේ කරනවා. දෙශපාලකයන් පස්සෙ යන්නෙ නැහැ.(අ)
ලොකු ලුණු අස්වැන්න නෙළන කාලයේදී පිටරටින් ලුණු ගෙන්වීම නතර කරන්න. එය මේ ගොවි රජවරුන්ට කරන ඉහළම ප්‍රණාමයයි (නි)
මෙි වගේ එක සැරයක් කරයි. ඵලදාව නැතිවු ගමන් ඉවරයි (හේ)
හැබෑම ගොවි මහතෙක්. මෙතුමාට උපහාරයක් තියලා තව තවත් දිරිමත් කරන්න ඕන. (ර)
සුදේශ්, බොහෝ කලක සිට කොළොඹ විශේෂ නිවාස වලට වස විස නැති එළවලු සති පතා නිවසට ගෙනවිත් දෙන දාමයක් ගැන අහලවත් නැතිද. මිනිසුන්ව අද්‍යර්යමත් කරන කතා ලියන්න එපා. (ර)
අනිත් අයටත් ලොකු ආදර්ශයක්. වැඩි වැඩියෙන් දියුණු වේවා! (ර)
මමත් මේ ගොවිපල බලන්න ගියා. ලෝකයටම කියන්න තරම් විශිෂ්ට ආදර්ශනයක් (ම)
ෂා! දකින්නත් ආසයි. ජය වේවා! (ර)
මෙය රටපුර ක්‍රියාවට නැංවිය යුතුයි. (ර)
අහන්නත් සන්තොසයි, විස වලින් අපව නොමරන ඔබට දිගාසිරි. (ර)
අර නාමල් කරුණාරත්න කියන ගොවි වීරයා ගෙන්නලා මේ ගොවි මහත්තය පෙන්නන්න, ජනතා විමුක්ති පෙරමුණ පස්සේ යන්නේ නැතුව මෙ ගොවි මහත්තය ළඟ පුහුණුවෙන්න කියන්න රට පොහොර නැතුව වගා කරන්න, පෙළපාළි ගියාට නාමල් මහත්තය ගොවියෙක්ද දන්නේ නෑ (බ)
අනුර කියන විදියට වතුරටත් විස එකතු වෙලා (බ)
මෙවැනි දේශීය ව්‍යපරිකයින්ව දිරිමත් කරන්න ජනපතිදුනි, බලන්න, පවුල් කියක් ජිවත් වෙනවද? ලස්සන සරු පස දැක්කම ආසයි. (ම)
කාබනික පොහොර යෙදු කෑම දෙගුණයක් මුදල් දී මිලට ගත්තත් ඇගට ගුණයි .....(හේ)
බුදු සරණයි ඔබට..(බ)
රටටම වාසනාවන්! මේ පුද්ගලයා ආරක්ෂා කරන්න. හොරුන්ට බැංකු ණය නොදී, මේ වගේ මිනිස්සුට අඩු පොළී ණය සහන ලබාදෙන්න. (නි)
රසායනික පොහොර ඉල්ලා පාරවල් දිගේ උද්ඝෝෂණ කරන ගොවි මහතුන්ට මෙතුමා හොඳ ආදර්ශයක් (නි)
එතාමත් සතුටුදායක ආරංචියක්. සියලු දෙනා මේ ගොවිමහතාට උදව් දියයුතුයි. ලංකාදීපයටත්, වාර්තාකළ කාංචන කුමාර මහතාටත් මාගේ ස්තුතිය පිරිනමමි. (නි)
මෙන්න ලක්මවගේ සැබෑ දරුවෙක්. අතුරලියේ හිමියන්ගේ දෑසට මේ පුවත යොමුවේවා! උන්වහන්සේ ආරම්භකළ සද්ව්‍යාපාරයට හොඳ දායකත්වයක් මේ ගොවි මහතා ලබාදෙයි. වාර්තා කළ ලංකාදීපයටත් ආරියදාස සොයුරාටත් පින්. (නි)
මහින්ද මහත්තයා හිටියා නම් මෙයා පිටරට යවලා ආචාර්ය උපාධියකුත් දීලයි නවතින්නේ. එහෙම නායකයෙක්නේ අපිට නැතිවුණේ. (නි)