පුත්තලමේ ගම් තුන් සියයකට කරදර කරන වල් අලි රංචුවක් තබ්බෝව ඔස්සේ විල්පත්තුවට පන්නා දැමීමේ විසි දින මෙහෙයුමක් පුත්තලම කල්ලඩියෙන් අද ඇරැඹිණි. නිලධරයන් ද සිවිල් ආරක්ෂක බළකාය ද යුද හමුදාව ද මීට එක් වෙයි. පුත්තලම, නවගත්තේගම, මහකුඹුක්වල හා කරුවලගස්වැව ගම් 300ක ජනයා මේ ප්‍රශ්නයට මුහුණ දී සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කොහෙටද අලි එලවන්නේ? (දී)
අලින්ට කලින් කසිප්පුකාරයෝ ටික පන්නන්න ඕනෑ. (දී)
පාර්ලිමේන්තුවේ ඉන්න අලි ටිකත් එලවන්න බැරිද ඇත්තටම (ස)
මමත් එනවා. මොනවද දන්නේ නැහැ එනකොට අරන් එන්න ඕනෑ? (දී)
අලි උද්ගොසනයක් ලගදීම. (ස)
වරුණ හරියටම හරි. තව මාස තුනකින් ලංකාදීප කියවන්න. එතකොට හෙඩ් ලයින් එක මම දැන් කියන්නම්. "වයඹ ගම් තුන්සීයකට වල අලි කරදර " (දී)
නිල්මිණි මුකුත් එපා. ඔයා විතරක් ආවොත් ඇති. පුළුවන් නම් තව දෙතුන් දෙනෙක් එක්කන් එන්න (දී)
වරුණ, සංජීව දෙමස්සිනොද මන්ද , ජන්දයක් ඇත ළඟ තියාගෙන මේ කොරන්න හදන වැඩේ ප්‍රජාතන්තරේට විරුද්දයි හොඳේ..(ස)
අනේ අලියනේ, ඔන්න එනවා දුවපල්ලා. (දී)
කිස් එකක් දීල යන්ඩ කියන්න අලියා පැත්ත පළාතක එන්නේ නැහැ (අ)
නන්ද, ලාබෙට කඩේ යනවා වගෙය් .. හොදයි හොදයි (අ)
අලි ටික කෑම බීම හොයා ගන්න පුළුවන් පැත්තකට යවන්න. එතකොට ජනතාවත් කරදරයක් නැතුව ඉන්න පුළුවන්. අලි සම්පතත් සුරැකෙනවා (දී)
තව වනාන්තර එලි කරලා හෝටල් හදන්න. එතකොට හරියි. පව් අහිංසක සත්තුත් විදවනවා. (අ)
ඔයිට හොඳ නැද්ද 30 දින මෙහෙයුමකින් දවසට ගම්මාන දහය ගානේ ඉවත් කළා නම්. (දී)
ඒකනං හොද වැඩක් නැත්තන් නිරපරාදේ අලි මිනිස්සු දෙගොල්ලොම මැරෙනවා.අලි කියන්නේ දැන් වද වීගෙන යන සත්තු ජාතියක්.ඔහොම අදහසක් ආව එකට සතුටු වෙනවා . (දී)
වරුණ කොහොමත් අනුන්ගේ වැරදි හොයනවා හැමතැනම. එයා තෘප්තිමත් වෙන කෙනෙක් නෙමෙයි (දී)
අසේල ඔයා පාර්ලිමේන්තුවේ ඉන්න අලින්ට කැමති නැද්ද? (දී)
කොහොම හරි කමක් නැහැ, දෙපාවටයි, සිවුපාවටයි කිසිම කරදරයක් නැතුව ප්‍රශ්නේ හොඳින් ඉවර වෙනවා නම්. කාටත් ලොකු සහනයක් වෙයි. (දී)
පොරොන්දු වැසි වසින්නයි යන්නේ .(දී)
ඔය අලි ටික එකතු කරලා ප්‍රභල විපක්ෂයක් හදාගන්න බැරිද (දී)
පළාත් තුනක අලි පන්නන මෙහෙයුම පටන් අරගෙන තියෙන්නේ (අ)
ඕවා නිකන් අතීසාරේට අමුඩ ගහනවා වගේ වැඩක්. හෙට රෑ වෙනකොට අලි ටික ආපහු ඇවිල්ලා කියයි, නාස්තිකරන සල්ලි වලින් අලි වැටවල් ටික ගහලා හරි නඩත්තුවක් කළා නම් මෙහෙම ප්‍රශ්න ඇති වන්නේ නැහැ කියලා. මේවා භාරව ඉන්න නිලධාරීන්ගේ මොලේ වැඩ කරන්නේ නැති එක තමා ප්‍රශ්නේ (දී)
අලිත් එක්ක බැහැ
අලි වැඩේ. අලින්ව නෙමේ මින්සුනේ මින්සුන්ව එ කල ප්‍රදෙසව්ලින් අයින් කොට ක්‍රමානුකූලව ජනවස ඇති කරන්ඩ ඕන. මේ මහජනයා නැගෙනහිර පළාතට ගෙන ගොස් පදිංචි කිරීමේ වැඩ පිළිවෙලක් සකසමු. (අ)
ඔය පින්තුරේ ඉන්න හමුදාවේ මහත්තය පතරොම් දැම්මට කමක් නැහැ. වෙඩි තියන්න එහෙම ලෑස්ති වෙන්න එපා. ඔයගොල්ල ඇතට එලවන්න හදන්නේ රටේ උසස්ම සම්පතක්. තුවක්කුව වෙනුවට මල්මාලා අරගෙන යන්න ඕන ඒ කට්ටිය ලඟට හරිනම්. (අ)
යුද්දයක් කරලා රට බේරගත්තා වගේ දින 20ක මෙහුයුමක් කරලා බැරිද, ඔය වනාන්තර එළිකරන , දේශපාලකයෝ ටිකයි , වනාන්තර ඇතුලේ බංගලාවල් හදාගෙන සතුන් දඩයම් කරගෙන සති අන්තේ නිවාඩු ගතකරන දේශපාලකයෝ ටිකයි පන්නලා දමන්න. පස්ස පැත්තට අලි වෙඩි 10 ක් , 15 ක් පත්තුකරලා දමපුවම දුවයි මගේ හිතේ. එවිට වල් අලි ටික කැලේට දුවනවා පස්ස නොබලා... ම. (නි)
නිශාර්ඩ්ගේ කතාව හරි.කිසිම සතෙකුට හිංසා කරන්න හොඳ නැහැ. (දී)
මේ රජය හැම වෙලාවේම හිතන්නේ අලි මහා ජනතාවගෙන් ඈත් කරන්න. නමුත් ඒක හරි යන්නේ නෑ තව ටික කාලෙකින් මහා ජනයා අලි හොයාගෙන යනවා.(නදී)
වයඹ ඡන්දය ළගයිනේ. (දී)
ඔයාලා ඔක්කොම ඔය අලි වෙඩි ටිකත් අරගෙන පාරිලිමේන්තුව ඇතුලට එන්න තව අලි ටිකක් ඉන්නවා එතනත්. ඔය අහිංසක සත්තුන්ට පාඩුවේ ඉන්ට දීලා අලි වෙඩි අතේ පත්තු වෙයි බලාගෙන.(නදී)