IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වීසා ජාවාරමෙක් කොටු වේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක)

ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලයට අනුබද්ධ මහනුවර වීසා මධ්‍යස්ථානයේ වෙබ් අඩවියට හොර රහසේ ඇතුළු වී අධික මුදලකට ඉන්දියන් වීසා නිකුත් කළ සංවිධානාත්මක ජාලයක මහ මොළකරු වන දත්ත සැපයුම්කරු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

එම සැකකරු සමඟ එම මහා පරිමාණ වංචාව සඳහා යොදාගත් ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් සහ ස්මාර්ට් ජංගම දුරකථනයක් පොලිසිය භාරයට ගෙන ඇත.

ඉන්දියන් වීසා බලපත්‍ර වැඩි මිලට අලෙවි වන බවට බම්බලපිටිය තුම්මුල්ල පිලිප් ගුණවර්ධන මාවතේ ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රධාන දේශීය නියෝජිතවරියට ලද රහසිගත තොරතුරක් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ලබාදීමෙන් අනතුරුව එහි සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතාගේ උපදෙස් මත ඒකක හය ස්ථානාධිපති පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස සැකකරු පිළිබඳ තොරතුරු අනාවරණය කර කරගැනීමට කර ගැනීමට හැකි වී ඇත.

ප්‍රධාන සැකකරු වන දත්ත සැපයුම්කරුගේ දුරකථන අංකයක් ඔස්සේ ඉතා සූක්ෂම ලෙස විමර්ශන සිදුකර ඉන්දියන් වීසා ලබා ගැනීමට අවශ්‍ය බවට සැකකරු හා දුරකථනයෙන් පොලිස් උපාය දූතයකු සම්බන්ධ වී ආවේක්ෂණ රාජකාරි සිදු කරමින්. තොරතුරු හුවමාරු කරගෙන මහනුවර වත්තේගම උත්සව ශාලාවක මංගල උත්සවයට සහභාගී වෙමින් සිටි සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි

 



අදහස් (0)

වීසා ජාවාරමෙක් කොටු වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 440 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1034 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site