බම්බලපිටියේ ව්‍යාපාරික සියාම් ඝාතනයේ වැරදිකරුවූ මරණ දඬුවම නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන අද (8) වෙනත් නඩුවක් වෙනුවෙන් අලුත්කඩේ උසාවියට ගෙන එනු ලැබීය.
රහස් පොලිස් පරීක්ෂක ශානි අබේසේකර මහතා ද අධිකරණයට පැමිණ සිටියේය.
සියාම් ඝාතන නඩුවේ පරීක්ෂණ කරද්දී වාස් ගුණවර්ධන තමාට මරණීය තර්ජන කළැයි ශානි අබේසේකර මහතා ගේ පැමිණිල්ලක් අනුව නඩුවක් ද ගොනු කර තිබිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් කියලත් හිතෙනවා. (ර)
ඉස්සර අපි නිතරම අහන්නේ චමින්ද වාස් ගැන විතරයි. දැන් ඊට වඩා ප්‍රසිද්ධ වාස්ලා දෙන්නෙක් ඉන්නවා. (ර)
අනේ අපොයි බලය අයුතු විදිහට පවිච්චිකලම ඕක වෙනවා දැන් කීපදෙනෙක්ම මේ පාඩම අපිට කියදීල තියනවනේ (කෞ)
වාස් කියන්නේ හුගක් හොද පුද්ගලයෙක්. එත් වැරදෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ... පව්.! (ර)
හොඳ නෝනා කෙනක් හිටියනම් මෙතුමා පොලිස්පති කෙනෙක් (බ)
ඇඳුමට අනුව නම් මෙතුමා ඇල් වතුරත් නිවල බොන කෙනෙක් වගේ. දැක්කම හිත නිවෙනවා. මම කිව්වේ ඇඳුම... (ර)
රහස් පොලිස් පරීක්ෂක ශානි අබේසේකර කියන්නේ ධන බලයට නිල බලයට නැමෙන්නේ නැතිව නිතිය අකුරටම ක්‍රියාත්මක කරන අවංක පොලිස් නිලධාරියෙක්. (ම)
ශානි අබේසේකර කියන්නේ ෂර්ලොක් හෝම්ස් ට නොදෙවෙනි රහස් පරීක්ෂකයෙක් (ම)