කොල්ලුපිටියේ ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රඳවාගෙන සිටින නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා අසනීප වී කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ බව රහස් පොලිස් සහකාර අධිකාරී ශානි අබේසේකර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ එම් සහබ්දීන් මහතාට දැනුම් දුන්නේය.
නියෝජ්‍ය පොලිස්පති වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අජිත් පතිරණ මහතා පැවසුවේ ඔහු දියවැඩියාව, අධිකර රුධිර පීඩනය හා හදවත් අසනීපයකින් පෙළෙන බවයි.
ඔහු විසින් කැරුණු පරීක්ෂණ අනුව අත්අඩංගුවට ගත් අපරාධකරුවන් රැසක් බන්ධනාගාරයේ සිටින බවත්, ඔහු රිමාන්ඩ් කරන්නේ නම් බන්ධනාගාර රෝහලේ රිමාන්ඩ් කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.
අගතියට පත් පාර්ශ්වයේ නීතීඥවරු ඊට විරෝධය නොදැක්වූහ.
මහේස්ත්‍රාත් රෝහලට ගොස් නියෝජ්‍ය පොලිස්පතිගේ තත්ත්වය නිරීක්ෂණය කර ලබන 25 වැනිදා දක්වා රිම්න්ඩ් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මතක තබා ගන්න මෙවෙනි දේ කරන අනෙක් පුද්ගලයොත්....පැණි වරකා ගහටත් හෙන ගහනවා කියන දෙය.....(අ)
කට වාචාල කමට මේකට ලියන්න එපා. මෙම නිලධාරියා පොලිස් සේවයේ දූෂිතයෙක් නොවේ! අපි බලමු කතාව ඉවර වෙනකල්.බොහෝ දෙනෙක් ලියන්නන් වාලේ ලියනවා. (ත)
සංජීව හරි. (ත)
අවංකව කෙලින් හිටපු නිලධාරියෙක්.(නදී)
සැකයේ වාසිය විත්තියට කියනවානේ. මෙයත් විත්තිකාරයෙක්. (ත)
මෙතුමා ගාල්ලේ සේවය කරන කොට ඇමති තුමාගේ ගෝලයන්ට විරුධව නිතිය ක්‍රියාත්මක කරා, රත්නපුරේදී ආණ්ඩුපක්ෂයේ ඇමැති කෙනෙක් සමගත් හැප්පුනා. මෙතුමාට අධික රුධිරපිඩනය සහ දියවැඩියාව තිබෙන බවට පුවතක් කුරුණෑගල සේවය කරන කාලේ පුවත්පත්වල පළ වුණා. (ත)
රෝග විනිශ්චය කරන්න හොඳම ක්‍රමය නම් ඔහුව රිමාන්ඩ් කරන එකයි. එක්ස්රේ කළා වගේ අගේට ලෙඩ ටික අහු වෙනවා. හැබැයි අපි වගේ අය නෙමෙයි, ලොකු අය. (නදී)
ඔය ලොකු අයගේ වැඩ ඔහොම්මම තමයි. බලය තිබෙනකොට මොළය නැහැ. මොලය තිබෙනකොට බලය නැහැ. (ත)
සසිත්- ඔය ලෙඩ සේරම හැදුනම එකපාරට මැරෙන්නේ නෑ. බෙහෙත් වලින් ලෙඩේ පාලනය කරගන්න පුළුවන්. හරියට බෙහෙත් පාවිච්චි කරනවානම් අතුරු අබාද අවම වෙන්න ලෙඩේ පාලනය කරගන්න පුළුවන්. මොනවා කලත් කර්ම ශක්තියත් බලපානවා. (ත)
සුබවාදීව හිතන්න (නි)
ලොකු ලොකු අය එළියේ ඉදන් අපරාධ කරනකන් ඉහෙන් බහින කිසි ලෙඩක් නැත. නීතියට කොටු උනගමන් රටේ නැති ලෙඩ. නමුත් දුප්පතාට කෝ මෙහෙම සහන? (නදී)
රජතුමාත් වරද කරලා තියේ නම් පඩිසන් දෙනවමයි. එක තමයි ස්වාභාව ධර්මේ. අනේ සාදු, සිල්වා මහත්තය ගෙන් අහන්න කැමති මෙයාට කෝටි ගණන් හම්බවුනේ කොහොමද කියලා.(නදී)
රිමාන්ඩ් කරන එක නම් හරි මදි. මොනා උනත් තාම පොලිසියේනේ, වැරදි කාරයද, නිවැරදි කාරයද කියලා පස්සේ දැනගන්න ඇහැකි. හරි විදියට පරීක්ෂණ කලොත්, එතකන් අපි බලන් ඉන්නම්, මෙතුමාගේ හොද වැඩ වගේම වැරදි වැඩ එහෙමත් තියෙනවා. නිල ඇදුම දාගෙන කැම්පස් කොල්ලන්ටත් තැලුවා කියලා අපට මතකයි.(නදී)
චන්ද්‍ර වීරසිංහ කොහොමද තොරතුරු දන්නේ? මාලබේ තොරතුරු තාක්ෂනේ ළමයි එතකොට කියන්නේ බොරුද?(නදී)
අසාධාරනකම් අඩු වැඩි විදියට ලෝකේ කොහෙත් වෙනවා. නිතිය ගැන විස්වාසය තබන්න. එසේ නොවුනොත් ඉතුරු වී ඇති නීතියද රැකගන්න අමාරු වේවි. මොහු ලොක්කෙක් නම් අත්අඩංගුවට ගැනීම තරා තිරම නොබලා හොද ක්‍රියාවක්. හැබැයි නීතියෙන් මොහු තවම වැරදි කරුවෙක් වෙලා නැහැ. සැකකරුවෙක් විතරයි.(නදී)
හොඳ වැඩ කරනවා වගේම එයත් නරක කරන වෙලාවලුත් තියෙනවා. සමහරු උඩින් හොඳයි, රහස් ජීවිතය නරකයි. අපි කවුරුත් මුදලට වාසියට නැමෙන අය. කවුරුත් වැරදි කරන අය. (නි)
වරද වරද විදියට දකින්න. (ත)
අපේ ඔබ තුමා සමගි.ඔබ නියම අවංක නිළධාරියෙක් .අපි ඔබ තුමගැන හොදට දන්නවා.සත්ත්‍ය කවද හරි ජයගන්නවා.ඔබට නිරෝගී සුවය සමග ජයග්‍රහණය පතනවා.(අ)
අන්තිමට වෙන්නේ මට මතක නැහැ (අ)
ඇතුලේ ඉන්න අපහසු නිසා යන්න ඇති. (ත)
මෙයාගෙත් තරු පටි ළඟදීම ගැලවෙයි වගේ. (අ)
කෙනෙක් හොද ඇති කියල හිතාගෙන ඉඳලා එම පුද්ගලයා නරක මිනිහෙක් බව එලි වුනාම පිලිනොගෙන මුල් සිහිනයේම හිදිමින් "අපි ඔබ සමගයි,ඉදිරියට ඇවිත් අපිව ගලවාගන්න" කියන බොහෝ පිරිසක් පසුගිය කාලය තුල අපි දුටුවෙමු. මේවා දකිනකොට මට ගීතයක් මතක් වුණා. මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න මගෙ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න.......// (නි)
මතක නැති ලෙඩේද?(නදී)
මෙතැන මොකක් හරි රහසක් තියෙනවා. වැරදි කරුවන්ට උපරිම දඬුවම් දියයුතුයි. මැරුවේ මුස්ලිම් ද සිංහල ද ප්‍රස්නයක් නෑ. අහිංසක ජීවතයක්.
මීට පෙර ලොකු ලොක්කෝ නොයෙකුත් අපරාද කරන කොට, එයින් විපතට පත් උන උදවිය ඔහේ අතහැරලා ගියා. ඒත් මේ මුස්ලිම් කට්ටිය බය නැතිව මූණ දෙනවා. එයාලගේ නිර්භීත කම අගයන්න ඕන. එතකොට තමය් ලොක්කෝ ටිකක් හීලැවෙන්නේ (අ)
මොහු දක්ෂ නිලධාරියෙක් .බය නැතුව කතා කරන කෙලින් වැඩ කරන කෙනෙක් .අපරාධ රැසක මුල් උදුරා දැමුවේ ඉතාම සුක්ෂම ලෙස .කොටකෙතන හා ගාල්ල ඒ අතරින් කිහිපයක්. මෙහෙම කෙනෙක් මිනීමැරුමක් කරලා සාක්ෂි ඉතුරු කරාවිද ? උගුලකට අසුවුනා වෙන්න බැරිද ? (ත)
ලැජ්ජයි.(නදී)
සේනාව කෝ? (ත)
ඝාතනයට ලක්වුණා ව්‍යාපාරිකයාගේ චරිතය ගැනත් ටිකක් හොයා බැලිය යුතුයි (නි)
සංජිව ඇතුළුව බොහෝදෙනෙක් පක්සව ප්‍රතිචාර දක්වල තියනවා , අපි කුරුත් යථාර්තය දන්නා , නමුත් ගින්නක් නැතුව දුමක් නගින්නැ නේද ,, පොලිසිය මුදලටත් බලයටත් යටයි, ලක්සේ ගන්නැති කෙනා 10,00000 ගන්නවා ,, පොලිසි යේ තත්වයත් ඔකතම නේද ,වස් කොතන ඉදල ඔතනට අවදා මා දැන්නැ, අපි තම තේරුම් ගන්න ඕන,,(අ)
ඩී අයි ජි වාස් ගුණවර්ධන අති දක්ෂ නිලධාරියෙක් පොලිස් සේවයේ දැනට ඉන්න. එනිසා නිතිය ගැන දන්නා මොහු ඕවට පැටලෙන්නේ නැති බව ඉදිරියේදී ඔහු ඔප්පු කරනවා නොඅනුමානය !!!!! (ත)
ප්‍රසන්න ,නමේ හැටියට ඔබේ ප්‍රතිචාරයත් ඉතා ප්‍රසන්නයි. මෝඩයෝ ඔහොම තමයි. මොනවද ලියන්නේ මොනවද කියන්නේ මොනවද කරන්නේ කියලා තේරෙන්නේ නැහැ. ඔය වගේ අය තමා දැන් අපේ රටේ කවදත් නැති සිංහල මුස්ලිම් අසමගියක් ඇති කරන්න උත්සාහ කරන්නේ. මා දන්නා තරමින් වාස් ගුණවර්ධන එඩිතර නිර්භීත නිහතමානි චරිතයක්. අපි හදිසිවෙලා මොකක්වත් නොලියා ඉවසලා බලමු මොකක්ද ප්‍රතිපලය කියලා. (නි)
හමීඩ් වෙත, හැමදේටම මෝඩ විදියට සේනාව හවුල් කරගන්න එපා.හොදට බලන්න මේකට කොන්ත්‍රාත් එක දීලා තියෙන්නෙ මොන ජාතිකයෙක්ද කියලා. ඒ නිසා උඩ බලාගෙන කෙල ගහන්න එපා. කවුරු වැරැද්ද කළත් මුස්ලිම්,සිංහල,දෙමල ප්‍රශ්නයක් නැහැ දඩුවම සහ නිතිය හරියට ක්‍රියාත්මක කළ යුතුයි. අපි හැමෝම එකතු වෙන්න ඕනෑ නිතිය ක්‍රියාත්මක කරන්න බල කරන්න. අපි බෙදුනොත් ඒකෙන් වාසිය ලැබෙන්නෙත්, හොරුන්ට, මංකොල්ලකරයන්ට.මොහමඩ් ශියාම් , අපි ලැජ්ජා වෙන්න ඕනෑ, ඔබ හරි. නමුත් අපි එකතුවෙන්න ඕනෑ නිතිය රකින්න. එතකොට ඔබත් මමත් රැකේවී. (නි)
ඇයි මේ තරම් ලෙඩ තියාගෙන ඔය වගේ රාජකාරි කරන්නේ. කරුණාකර තව ලෙඩ්ඩු ඉන්නවානම් තරුණ අයට තැන දීලා විශ්‍රාම යන්න.(නදී)
එතුමාව සිංගප්පුරුවට හරි නවලෝකෙට හරි අරින්න. (නි)
ලොකු ලොකු ඔක්කොටම ලෙඩ වෙන්නේ උසාවි ගිහාම තමයි. අනේ මන්දා. (ත)
මෙච්චර සල්ලි ගොඩක් නියෝජ්‍ය පොලිස්පතිකෙනෙකුට කොහොම ලැබුනාද වැරදි වැඩක් නොකර. ජනපතිතුමනි කරුණාකර ඔබතුමා මැදිහත් වී රට රැකදුන්නාසේ රටේ නීතියද රැකදෙන්න. (අ)
බලන්න නීතිය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන හැටි. (ත)
ලොකු ලොක්කෝ හුඟක් අය අත්අඩංගුවට ගත්තම ඉස්පිරිතාලේ නවත්තන්න තරම් අසනීප වෙන්නේ මොකද දන්නේ නැහැ නේද? (ත)
ඔකොම ලෙඩ එන්නේ එක පාරටම නේ..(අ)
කොළඹ ජාතික රෝහලට නෙමෙයි වෙන රෝහලකටයි ගෙනියන්න තිබුනේ.(අ)
මේ අයට අසනීප වෙනකොට දැනෙන වේදනාව තවත් මනුස්සයෙක් ඝාතනයේදී නොදැනෙනවා නොවෙයිනේ,,වරදක් කරන්න මත්තෙන් එහි ප්‍රතිවිපාක ගැන හිතුවානම් ඔය අසනීපත් නැනේ,, මිනී මරුවන් අල්ලන්න ඉන්න යම එහි වරදකරුවන් උනාම මොන නීතියක්ද,, මෙතුමා මෙහි වරදකරුද නැද්ද යන්න නම් දන්නේ නැහැ එත් එය කලානම් මේවා වලංගුයි,, (අ)
මෙයත් ලෙඩෙක්ද? (අ)
ලොකු අයෙක් වරදක් කර අසුවූ වහාම රෝහලට පොඩි අයෙක් වරදක් කර අසුවුනාම් බන්දනගරයට (අ)
එතුමාට මුකුත් මතක නැතුව ඇතිද දන්නෙ නැහැ දැන්? (නි)
සිංහයා වගේ හිටියට ලෝක ලෙඩෙක් නේ (අ)
නියෝජ්‍ය පොලිස්පති වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අජිත් පතිරණ මහතා පැවසුවේ ඔහු දියවැඩියාව, අධිකර රුධිර පීඩනය හා හදවත් අසනීපයකින් පෙළෙන බවයි." නොදන්න නිසා අහන්නෙ.. මෙච්චර ලෙඩ තියෙන කෙනෙක්ට නියෝජ්‍ය පොලිස්පති කෙනෙක් වෙලා ඉන්න පුලුවන්ද ? (අ)
හොඳයි
ලොක්කා පක්ෂය මාරු කරලාවත්ද?(නදී)
ලෙඩ අත්අඩංගුවට ගත්තම තමා ඔක්කොටම ලෙඩ
එයාලට වෙනම එකක් (අ)
කරන කලට පව් මිහිරිය මී සේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ ඇඳින එපව් දුරුලන උපදේ සේ නුදුණ මැනවි තුන් දොර අවකා සේ (අ)
ඉල්ලා අස්කරගත්තු තවත් අපරාධ නඩුවක් වේවි මේකත් කවදාහරි (අ)
මේකට තමයි කියන්නේ බල්ලොත් එක්ක නිදා ගත්තම නැගිටින්න වෙන්නේ මැක්කොත් එක්ක කියල. (අ)
ජරාව කෑවා නම් ලෙඩ හැදෙනවා. මේහෙම දෙයක් කළ නම් මේ ලෝකේ අයට පේන්නම පලදෙන්න ඕනේ. මිනිස්සු රජයේ සල්ලි වලින් වැටුප් අරගෙන මිනි මරණවා. (නදී)
අනේ! මටත් උණ ..(අ)
අත්අඩංගුවට ගත්ත ගමන් අසනීප වෙනවා ඔක්කොමලට .(අ)
රටේ සියලු බන්ධනාගාර ජාතික රෝහල් බවට පත්කරන්න තියෙන්නේ (අ)
මොනවා කරන්නද. (අ)
පුදුම වැඩක් ඇතුලට ගත්ත ගමන් අසනීප වෙනවා සේරම (අ)
කව්ද හරි කව්ද වැරදි කියන්න අපි දන්නේ නැහැ.. නමුත් දාල තියෙන ප්‍රතිචාර නිසා කියන්නේ,, හැම දෙයකම දෙපැත්තක් තෙයෙනවා ,, බුද්දියෙන් හිතන්න .. මේ මනුස්සය ගොඩක් වැඩකරපු කෙනෙක් .. සමහර විට ලොක්කෙකුට දඬුවම් දුන්න ද දන්නේ නෑ තරාතිරම නොබලා,, , මේ ඒවායේ ප්‍රතිපල වෙන්නත් පුළුවන්, (අ)
එතුමාව සිංගප්පුරුවට යවන්න (අ)
සකලවැසි මුස්ලිම් ජනතාවම පෙරට ඇවිත් මේ මිනී මැරුම් නවත්වනවා නම් අපි ඔවුන්ට ගරු කරමු.(නදී)
බලන් යද්දි ලොකු තෑන්වල ඉන්න ඔක්කොම ලෙඩ්ඩුනෙ (අ)
බොරු වලක වැටිලා. මේ වෙලාවට ආතතිය සීමාවක් නෑ. කාටත් හොඳ පාඩම්.(නදී)
මෙයාට මේච්චර කල් කිසිම ලෙඩක් නැතුව හිටියා. එක පාරටම අසනීප ගොඩක් හැදිලා. (නදී)
මංජු ,සිල්වා ,නිමල් ,සමන් රණසිංහ , මමත් ඔයාල වගේම තමා මේ පුද්ගලයාව දකින්නේ. ඔයාලට ගොඩක් ස්තුතියි මනුෂත්වයෙන් බුද්ධියෙන් යමක් දිහා දකින්න පුරුදුවෙලා තිබීම ගැන. ගම්පහ කාගේ හෝ උදහසට ලක්වෙලා කියල තමයි මටත් කියන්න තියෙන්නේ. මෙයා ඊලග පොලිස් පති වෙලා අවොත් දන්නවා ලංකාවේම දේශපාලන කෙරුවාවල් වැඩ වරදින වග. ඊට පෙර හොදා මේ විදියට ඇගපුරාම ගදගහන අසූචි ගොඩක් තැවරුවාම. අපි බලමු මෙයාගේ මොන වරදක්ද ජනතාවට පෙන්නන්නේ කියලා. එහෙම නැතිනම් හස්තයක්නම් මෙයාට හිරෙන් එලියට එන්න දෙන් නැහැ , එක තමයි කෝකටත් තෛලය කියලා හාර්ට් අටැක් එක මුල් වෙලා තියෙන්නේ? සියල්ලම නිදහස් මැරුණම. ඇයි හාර්ට් ඇටෑක් නේ.(නදී)
ඇස් වහට ලෙඩ වෙන්න ඇති..(අ)
ඔහු වෛද්‍ය හේතුන් මත රාජකාරියට යෝග්‍ය නැති නිසා පොලිස් සේවීයෙන් අස්කළ යුතුයි.(නදී)
මම කියන දේ සාදාරණද බලන්න. එය ඔයාලට බාරයි. මහ ලොකුවට මනුස්සකම සාදාරණය, මානව හිමිකම් ගැන අපි කතාකරනවා. ඒත් දුප්පත් මිනිහෙකු වරදක් කලාම ඒ මිනිහව කෙලින්න්ම හිර ගෙදරට දානවා. ඒත් මුදල් තියෙන බලය තියෙන මිනිසෙකු වරදක් කල සැනින් අසනීප වෙනවා. එහෙම වෙන්නෙ කොහොමද. පෙරකදෝරුවොත් ලැජ්ජා නැතිව මුදල් වලට රටේම බොරු කියනවා. අපරාද කරපු ලොකු අය වෙනුවෙන්. ඒවට ඉහල අය සවන් දෙනවා. පවු අහිංසක මිනිහෙකුට වරදක් කරාම මේ මොනවත් වරප්‍රසාද නැහැ. හිරගෙදර නිදාගන්න, නාන්න,ගෙදර අය අවාම හරියට කතාකරන්න වෙලාවක් නැහැ. අසරණයා හැමදාම අසරණ වෙනවා. තියෙන කෙනා බලවත් කෙනා වරද කරනකොට හොද සනීපෙන් ඉන්නවා. අහු වුණ ගමන්ම ලෙඩ වෙනවා. මිය ගිය අයගෙ පවුලේ අය කදුලු බොන කොට අපරාදකරුවො රජ සැප විදිනවා. මේවා ගැන නැති මිනිහටත් එක ලෙස සලකන්න ඕනා.(නදී)
පක්ෂපාති අපරාධකරුවන් නිදහස් කිරීමේ මුල්ම පියවර මෙයයි. සමහරවිට හදිසි හදවත් සැත්කමකට සිංගප්පුරු ගොස් මොකොවත් මතක නැතුව ලංකාවට පැමිණ මීට වැඩ ලොකු ධූරයක් බාර ගනියි. (ත)
අනේ මන්දා. මගේ රටට දළදා හිමිසරණයි.(නදී)
මේකත් ලංකාවේ ඉක්මනින්ම විසදිය යුතු ප්‍රශ්නයක්. ලොකු අය වැරදි කරපු ගමන් රෝහල් ගතවෙනවා. එහෙම වෙන ලෝකයේ එකම රට. වැරදි කරන ලොකු අයට සැප විදින්නට තියන ක්‍රමයක්. ඒත් කවුරුත් මේක නවත්වන්නට යන්නේ නෑ. මොකද ඔක්කොම අය දන්නවා තමනුත් මේ විදිහට කවදාහරි ගැලවෙනවා කියලා. පුදුම නීතියක්. ලොක්කන්ට අපරාධ කර ගැලවෙන්නට තිබෙන මේ සිදුරු වහන තුරු අපරාධ නවතින්නේ නෑ. ඒත් අපි හරිම අපක්ෂපාත අදිකරණයක් කියන ඔය කිසිවෙක් මේවා වෙනස්කරන්නේ නෑ.(නදී)
රංදි, සිල්වා,නිමල් ...ඔයාල බලන්නේ මොන කන්නාඩියෙන්ද. කෝටි ගණන් බිරිදගේ, පුතාගේ නමට සල්ලි ආවේ කොහොමද? ඒක ටිකක් සැක නැද්ද. මෙයා අම්බලන්ගොඩ කෙනෙක්. මම දන්නවා ඔවුන් සාමාන්‍ය මධ්‍යම පන්තියේ මිනිස්සු. දැන් කෝටිපතියෝ. මෙයා සම්බන්ද ගොඩක් දේවල් තියෙනවා. පස්සේ එළිවෙවී. මේවා අසුච් ගහන්න ලියපු කතා නොවේ හරිද.?(නදී)
මේ කතාවේ අන්තිම ජවනිකාව රහස් පොලිසි යේ ලොක්කා මරු කරන එක. ඔන්න බලන්න කෝ වෙන දේ..(අ)
මෙයා ඇමැති කෙනෙක්ගේ නෑයෙක් ද? (ත)
වාස් ගුණවර්ධන මහතාටත් කඩේ යන්න කට්ටිය ඉන්නවා .අද කාලේ මොනවා උනත් ආණ්ඩුවේ වැරද්ද . මේක පෙරලලා වෙන ආණ්ඩුවක් අවම එකටත් ඔයදේම තමා. කොහොමත් අපි සිංහලයන් ඈත අතීතයේ සිටම එක එකට කඩේ යන එකනේ කරේ . කාලය වෙනස් උනාට කඩේ යේම වෙනසක් නැහැ (අ)
අනේ මන්දන්නේ නැහැ .මොකද මේ හෙම එකටම ආණ්ඩුවට බනින්නේ . තාම මේකේ සුල මුල එළිවෙලා නැහැ . පන්මලු අරන් ෂොපින් කරන අය ප්‍රතිචාර දාන්නේ (අ)
ලාල් දන්නේ නැද්ද?(නදී)
මෙයා අපේ රට කාලා තියෙන්නේ.(නදී)
මගේ අම්මේ ලෙඩ ගොඩක්නේ. තියෙන්න ඕන ඔක්කොම තියෙනවා වගේ. මේ බෝවෙන ලෙඩ වලින් අපි පරිස්සම් වෙන්න ඕනා.(නදී)
අර දුමින්ද යැව්ව රෝහලටම ඒ යවපු කෙනාම ඉක්මන් කරලා මෙයාත් යැවිවා නම් හරි. නැත්නම් පවුලේ කට්ටියත් කොන්වල ඉන්න නිසා සාක්කි රටෙන් මුදාහරින පිට රට රෝහල් ප්‍රතිපත්තිය පොලිස් මහත්තයටත් අස්වැසිල්ලක් වේවි. (නදී)
මේ මනුස්සයා විසදපු අපරාධ ගැනවතු පොලිස් දෙපාර්තමේන්තුව හිතලා නෑ. (ත)
වාස් මහත්තයා කහවත්තට යනකම් සී.අයි.ඩී එකටවත්, වෙන කාටවත් බැරි වුනා ඒ අපරාධ නවත්වන්ඩ. ඒ කේ කෙළෙහි ගුණවත් තියන්නේ නැහැ. අපේ වාස් මහත්තයව ඉක්මනින් නිදහස් කරන්ඩ.(නදී)
කහවත්තේ ඝාතන දිගටම සිදුවෙද්දී එහෙ කට්ටිය නැගී සිටියා නේද? ඒ වගේම එහේ අපරාධ නවත්තපු නායකයව බේරලා දෙන්න කියලත් නැගී සිටින්න.(නදී)
කොළඹ කටුගෙයි හොරකමේ කන් ගැට්ටා වගෙයි නේද?(නදී)
මේක වාස් ගුණවර්ධනට අටවපු උගුලක්.(නදී)
වැරැද්දක් කළා නම් නීතියෙන් ගැලවෙන්න ලැබුනත් ,ස්වභාව ධර්මයෙන් ලැබෙනවා දඩුවම් (නි)
අනේ මන්ද රටකට යන කලක්. බලන් ගියාම ඔක්කොම උසාවියට ගියාම ලෙඩවෙන අයනේ ඉන්නේ. (ත)
චතුර ඔබ සමග 100% ක් ම එකගයි.(නදී)
මට ආසයි හිනා වෙන්න.(නදී)
ඇත්ත නේන්නම්. අපේ ලොක්කෝ ඔක්කොටම තියෙන ලෙඩ ටික අත්අඩංගුවට ගත්ත නිසා හොයා ගන්න පුළුවන් වුණා නේද? (නි)