ලොව වටිනාම සුවඳ විළවුම් නිශ්පාදනයට ගන්නා වල්ලපට්ටා කිලෝ 13489ක් කොළොන්නාවේ නිවසක තබී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ බලකා ආරංචි කියයි.
එම තොගයේ වටිනාකම රුපියල් විසි කෝටියක් වෙතියි ඇස්තමේන්තු කර ඇත.
මෙතෙක් අසුවූ විශාලම තොගය මෙයයි.
ඉන්දියා ජාතිකයන් දෙදෙනක් ද , ශ්‍රී ලාංකිකයෝ සිව් දෙනෙක් ද අත්අඩංගුවට ගනු ලැබ සිටිති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීල් කියනවා වගේ මේවා ව්‍යාපාරික මට්ටමෙන් වගා කළා නම් ඉවරනේ. එතකොට එස්.ටී.එෆ්. එකෙන් පනින්න ඕනෑත් නැහැනේ. (නි)
"අපේ අයියලා මොකවත් කරන්නෙත් නැහැ කරන අයට කරන්න දෙන්නෙත් නැහැ-සෝක්" (පුදුමයි ලමයෝ නුඹෙ ඔය අදහස හැදුනොත් ඔහොමට නුඹටම වෙයි දොස) "මම ලමයෝ මින් මැලියම් නොපතමි යුතුකම පමණක් ඉටුකොට තබනෙමි පෙර උන් අය සිටවූ වල්ලපට්ටා ගස් ඵලයෙන් අප කවුරුත් ලබනෙමි පල" "අපෙන් පසුව එන අයටත් එම ඵල ලැබෙන්න සැලසුම අපගේ යුතුකම" (නි)
අනේ ඉතින් මේවා දැන් පුච්චනවද? (නි)
වෙන නමක් තියනවද? (ස)
වල්ලපට්ටා පොතු මෙහෙම ගත්තම ගස් ඉතුරු වෙයිද? (ස)
මේක අනිවාර්යෙන්ම කාගේවත් මහන්සියෙන් දියුණු වෙන්න බලන කෙනෙකුගේ දෙයක්. දේශපාලනය කරන අයට මේවට හරිම හිතට අමාරුයි. (නි)
අනේ අපරාදේ! එලොවටත් නැහැ මෙලොවටත් නැහැ. මොකද අපේ රටේ ඔය කියන සෙන්ට් හදන එකක් යෑ..... (නි)
මෙතරම් වටිනා කියන දේවල් තියෙද්දීනේ, අපේ දේශපාලුවෝ අනුන්ගෙන්ම අරන් අපිට කවන්නේ, තව තවත් ණයකාරයෝ කරන්නේ. (නි)
වල්ලපට්ටා ගසක පින්තුරයක් දාන්න.
මොන නීතියද මෙතනදී කරලා තියෙන්නේ? දැනගන්න ආසයි .(නදී)
මේවා ලොක්කෙක් ළඟ තිබුනානම් එස්ටීෆ් එකෙන් අල්ලන්න පනීවිද ?(නදී)
නීල්, ඔය කියන ඒවා කරනවාට වඩා කොයිතරම් ආඩම්බරයක්ද අයි.එම්.එප් එකෙන් නයට අරගෙන කෑම. අයි.එම්.එප් එක අපිට නය දෙන්නේ අපි වැදගත් සැලකිය යුතු අය නිසා නොවේද? (නදී)
ඔය වල්පට්ටේට වඩා කොළොඹ කැසිනෝ එකක් හදන එක කොයිතරම් හොඳද?(නදී)
මේකෙ නම තමයි හරි නැත්තේ ටිකක් විතර.(නදී)
වල්ල පට්ට අපේ රටට ඇති රත්තරන් නිධියක් බව නැවත පැහැදිලි වුනා. නමුත් එයින් රටට වැඩක් ගන්න විදියට පසුබිම සකසන්න පාලකයන්ට, නිලධාරීන්ට හා විද්වතුන්ට තවම බැරිවීම රටේ අවාසනාවක්. වල්ල පට්ට ගස නිකම්ම ඇති විට කිසිම ආර්ථික වටිනාකමක් නැත. එයට පරිසරයේ ඇති පුස් වර්ගයක් ආක්‍රමණය කළ විට සෑදෙන ද්‍රව්‍ය මගින් පමණි සුවද විලවුන් නිපදවිය හැක්කේ. නිකම් ගස් කපන එක අපරාධයකි. (නි)
වල්පට්ට ආරක්‍ෂිත ශකයක්ද?(නදී)
දැන් ඔකේ තියෙන වැරැද්ද මොකද්ද ? ඔවා වවන්න බැහැ කියලා නීතියක් නැහැ නේ.(නදී)
මෙහි විද්‍යාත්මක නාමය මොකක්ද? (නදී)
කළ යුතු දේ... නීති සම්පාදනය කර වන දර්ශ ආරක්ෂා කිරීම, වල්ල පට්ට වල පරිසර විද්‍යාව අධ්‍යයනය කිරීම(වැවීමට සුදුසු පරිසර, බීජ ප්‍රචාරණය අධ්‍යනය ),මෙයට ආක්‍රමණ කරන දිලීරය සොයා ගැනීම, නිපදවෙන රෙසිනයේ තත්වය හා ආර්ථික වටිනකම නිර්ණය, වගා කරන ක්‍රම සහ දිලීරය එන්නත් කරන ක්‍රම හා සුදුසු කාලය නිර්ණය,පලදාව නෙලන කාලය හදුනා ගැනීම.... මෙම පර්යෂණ කර හැකි විද්වතුන් අපේ විශ්වවිද්‍යාල වල ඇත. අවශ්‍ය වන්නේ නිවැරදි සහයෝගය පමණි. මේ ආර්ථික සංවර්ධන ඇමතිතුමාගේ, පරිසර ඇමතිතුමාගේ හා විද්‍යා හා තාක්ෂණ ඇමති තුමාගේ අවධානය පිණිසයි. (නි)
සුවද වුණාට නම කැතයි (නි)
මේවා වවල පිටරට යවමු. ඔය ඕනෑතරම් රජයේ හිස් ඉඩම් තියෙන්නේ මේක වැවැලි බෝගයක් විදියට අපනයනය කරමු . අපි හැමදාම එක තැන පල්වෙනවා යම්කිසි අලුත් දෙයක් කරන්න උත්සහයක් නැහැ.(නදී) .
කරුමේ ...කරුමේ ...කරුමේ ...
මේවා කරනකල් නිලධාරීන් බලා හිටියාද
සිල්වා මහත්තයෝ, හොද අදහසක්. ඒත් ඉතින් අපේ පාලකයන්ට ඔය අහහස් ඕනෑ නැහැනේ (නි)
වැල්ල පට්ට වලින් ගන්න රසායනික මොනවද? හොර තක්කඩි නම් මේ ඔක්කොම දන්නවා. කෝ අපේ විශේෂඥයෝ? ලෝකෙම තියෙන උපාධි කරනවා. මේවා ගැන අහලත් නැතුව ඇති. (නි)
අපිට පුළුවන් මෙතුලින් කර්මන්ත ශාලාවක් පටන්ගන්න. ඔය තියෙන්නේ රැකියා, දේශීය නිෂ්පාදන ලංකාවේ නිෂ්පාදනය කරන ලද. අඩුම තරමේ යම්කිසි දෙයක් ලෝකෙට ගෙනියන්න පුලුවන්නේ. ඔහොම යන් (නි)
නීල් සමග එකගයි. මෙය හොද ආදායම් මාර්ගයක් ලෙස වගා කරන්න ඇයි යොමුවෙන්නේ නැත්තේ. රජයෙන් මේ සදහා ආධාර දෙන්න ඕනේ. මෙය වගා කිරීමට.(නදී)
අපි දන්නා වල්ලපට්ට පට්ටා සදහා බාවිතා කරනවා (නි)
මෙතන ගොඩක් අය කියනවා වගේ ඇයි අපට අපේ වියාපාර කරන්න බැරි. ඔක්කොම හුරුවෙලා ඉන්නේ නිකන් ඉදන් සල්ලි හොයන්ට. අන්තර් ජාල බිස්නස්, පිරමිඩ බිස්නස්, අතරමැදි වෙළදාම, සීට්ටු දැමිලි වගේ. අන්තිමට පෙළපාලි යනවා ජාතිය පිරිහෙනවා කියලා.(නදී)
මෙහෙමනේ නීල්, යථාර්තය නම් මේ රට කම්මලියන්ගෙන් පිරිලා. පන්ති බේදේ ඔඩුදුවලා. දෙමවිපියෝ බලන්නේ දරුවා දොස්තර කෙනෙක් කරලා සැපට තියන්න. කය වෙහෙසා වැඩ කරන කෙනෙක්ට කසාදයක් වත් කරගන්ට බැහැ. පම්පෝරි ගහනවා අපේ සංස්කෘතිය ගැන. එහෙම මානසිකත්වයක් එක්ක මේවා කරන්න බැහැ.(නදී)
දඩුවම් දෙන්න
ලංකාවේ සාරය
නීල් , ඔබ නිවැරදියි. (නි)
මෙම ගස ගැන මිනිසුන් දැනුම්වත් කරන්න. මේ ගස කැළයේ හා මුඩු බිමි වල වවන්න. මීට පෙර මේවාට ආර්ථික වටිනාකමක් තිබුනේ නැත.(නදී)
අපිට නැති වෙන්නේ මේ ලංකාවේ ජිවය නේද (දී)
නීල්, l පොතු විතරක් තිබුනට මදි තාක්ෂණය ඕනා. යන්ත්‍ර සුත්‍ර වගේම හොද වෙළද පොලක් ඕනා. පොතු මිරිකලා සෙන්ට් හදන්න බෑ.(නදී)
මේ පැල නීත්‍යානුකුලව ඔබේ ගෙවත්තේ වවන්න පුළුවන්. පැලයක් රු.1400 යි. තාක්ෂණික උපදෙස් සමග පැල ලබා ගැනීමට අමතන්න - රුචිර - 0729832868 (නි)
රටේ ආර්ථිකයට විදේශ විනිමය ලැබෙන දෙයක් මේක. (නි)
මේ ශාකය මම දැකලා නැහැ. පුලුවන් නම් පින්තූරයක් දාන්න. ස්තුතියි. (නි)
තාක්ෂණික උපදෙස් සමග පැල ලබා ගැනීමට අමතන්න - රුචිර - 0729832868.(නදී)
වල්ලාපට්ටා පැල මිලදී ගන්න තැනක් තියෙනවද? (නි)
ඇයි මේවා මහා පරිමාණයෙන් වගාකර ලෝකයේ වටිනාම සුවඳ විලවුන් ලංකාවේ නිෂ්පාදනය කිරීමට රජයේ අවධානය යොමු නොකරන්නේ ? (ස)
අපේ වත්තෙත් ගස් කීපයක් තියෙනවා ගන්නවානම් කව්රු හරි කියන්නකෝ මෙච්චර වටිනවා කියල මම දන්නේ නේ දන්නවනම් ඉතුරුටිකෙත් වැල්ල පට්ටම හිටෝනවා.(ස)
නීල් ඔබ හරි. (ස)
මේ ශාඛය මේ තරම් වටිනවා නම් රට පුරාම ඇති පොල්වතුවල පොල් ගස් තරට වගාවක් ලෙස දැම්මා නම් හරිනේ.(නදී)
අපේ අය්යල මොකවත් කරන්නෙත් නැහැ කරන අයට කරන්න දෙන්නෙත් නැහැ. (ස)
නීල් ඔයාට පිස්සුද ? එහෙම ක්‍රම කොහෙන්ද කොමිෂන් ? (නදී)
උහුලන්න බැරි තරම් ණය අරගෙන විදේශීය කොම්පැනි තර කරනවා. අපේ මිනිස්සු බහුතරකට සිද්දවෙලා තියෙන්නේ ඒවා දෙස බලමින් හුල්ලන්න ඉදිරි පරම්පරා කීපයක් දක්වාම ණය වූ ණයකරුවන් ලෙස. ලංකාවේ හැමදා හිටියේ යුද්ධ කරපු මහන්සිවී වැඩ කරපු මිනිස්සු. එවැනි උතුම් මිනිසුන්ට අවස්ථාව දිය යුතුයි ස්වශක්තියෙන් නැගී සිටින්න.(නදී)
අපෙන් අරගෙන අපිටම දෙයි මොකාක් හරි නමක් දාල
එහෙමනම් ඔය ටික කෝටි 20 කට විකුණා එම මුදල 'අපි වෙනුවෙන් අපි' අරමුදලට බැර කරමුද ? (නි)
නීල් ඔබ හරි. සුදුසු පරිසරය තෝරාගෙන මෙය වගා කරන්නට සැලැස්සුවනම් හොඳයි නේද. රජයේ අවදානය යොමුවේවා! (ස)
මේවා අපේ රටට වෙන විදේශ බලපෑම්
උසාවි දානකොටත් කිලෝ ගණන නොවෙනස්ව පැවතිය යුතුයි (නි)
දැන් ඉතින් මොනවාහරි අල්ලගෙන රජය ඔහේ යනවා. රජය පැත්තෙන් ඉන්න අයට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ.(නදී)