පුනරුත්ථාපනය වූ හිටපු කොටි සාමාජිකයින්ට විස එන්නත් ශරීරගත කර ඇත්දැයි සෙවීම සදහා සිදුකළ වෛද්‍ය පරීක්‍ෂණ සදහා මේ වන විට හිටපු කොටි සාමාජිකයින් 146 දෙනෙකු පෙනී සිට ඇතැයි උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.
උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී සත්‍යලිංගම් මහතාගේ නිර්දේශය පරිදි පත්කර ඇති විශේෂ වෛද්‍ය කමිටුවක් විසින් සිදුකරන මෙම වෛද්‍ය පරීක්‍ෂණය අනුව මෙතෙක් විස එන්නත් ශරීරගත වූ කිසිදු හිටපු කොටි සාමාජිකයෙකු හමුවී නැති බවද අමාත්‍යංශ ආරංචිමාර්ග සදහන් කරයි.
යුද සමයේදී ආරක්‍ෂක හමුදාව වෙත භාර වී පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයින් 105 දෙනෙකු හදුනා නොගත් රෝගවලට හා පිළිකා රෝගවලට ගොදුරු වී මියයාමත් තවත් බහුතර පිරිසක් එම රෝගවලට ගොදුරු වීමත් විස එන්නත් ශරීරගත කිරීමකින් සිදුවූ බවට චෝදනා එල්ල වීමත් මත හිටපු කොටි සාමාජිකයින් වෛද්‍ය පරීක්‍ෂණයන්ට ලක්කිරීම සදහා උතුරු පළාත් සභාව විසින් යෝජනාවක් සම්මත කර ගත්තේය.
මේ අනුව යාපනය දිස්ත‍්‍රීක්කයේ හිටපු කොටි සාමාජිකයින් 29 දෙනෙකුත් කිලිනොච්චිය දිස්ත‍්‍රීක්කයේ 24 දෙනෙකුත් මුලතිව් දිස්ත‍්‍රික්කයේ 81 දෙනෙකුත් වව්නියාව දිස්ත‍්‍රික්කයේ 07 දෙනෙකුත් මන්නාරම දිස්තී‍්‍රක්කයේ 05 දෙනෙකුත් වශයෙන් 146 දෙනෙකු වෛද්‍ය පරීක්‍ෂණයන් සිදුකරගෙන ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ ප්‍රචාර ලොකුවට කරලා, ඊටපස්සේ එ්ක බොරු කියලා ඔප්පුවෙන එක කොච්චර හොඳද? (නි)
පාලකයනි, නුඹලාට තවත් පලිගැනීමට අවශ්‍යනම් ඒකාබද්ධයේ කට්ටියගෙන් හෝ එය ඉටුකරගන්න. අපට නිදහසේ ජීවත්වෙන්න පරිසරය හදලා දීපු රණවිරුවන් තවදුරටත් බිල්ලට දෙන්න එපා. එක එක්කෙනා කිවුවා කියලා මෙවැනි දේවලින් රණවිරුවන්ගේ හිත තලන්න එපා. (නි)
විග්නේශ්වරන් හරි කියලා අපේ දේශපාලකයින් කියනවා නම්, මේ කියන කතාත් ඇත්ත වෙන්න ඇති. සමහරවිට මෙතන අදහස් ලියන සමහර අයට ඒවා ඇහෙන්නේ නැතුව ඇති. (නි)
අපේ රණවිරුවන් කවදාවත් ඔය වගේ වැඩ කරන්නේ නෑ.(හේ)
දැන් කරන්න තියෙන්නේ චෝදනා එල්ලකළ අයට අපහාස නඩු දාලා වන්දියක්වත් ගන්න එක. එ්කෙන් අඩුගානේ ගිය වියදමවත් පියවා ගන්න පුළුවන් වෙයි. එහෙම නැතිවුණොත් ඒකත් අපේ ගිණුමටම තමා. (නි)
ලහිරු ජනිත්, ඔබේ නිගමනය පාදක කළ කරුණු පැහැදිලි කිරීමට අවශ්‍ය කරුණු හා සාක්ෂි ඉදිරිපත් කරන්න. ආවාට ගියාට ප්‍රතිචාර දක්වා බෙදුම්වාදීන්ට උඩගෙඩි දෙන්න එපා (නි)
මේක බොරුවක් කියලා ඔප්පුවුණේ පරීක්ෂණය කරපු නිසානේ. යුධ අපරාධ චෝදනා වලටත් මෙහෙම විවෘත පරීක්ෂණයක් කරලා ඒවා බොරු කියලා ඔප්පුකරලා පෙන්නමු (නි)
මෙන්න මේ වගේ තමයි වෙන්න ඕනේ.(හේ)
මේ මිනිස්සු කොටිත් එක්ක හිටියා නම් උන්නද මළාද කියලාවත් දැනගන්න ලැබෙන්නේ නැහැ. හිරේ හරි ඉඳගෙන මනුස්සයන් හැටියට ජීවත්වෙලත් බොරු චෝදනා කරන්නේ, මොකක්හරි ලංකාවේ ක්‍රමයේ වරදක් තියෙනවා. (නි)
විෂ තියෙනවා ඇත්තේ ඒගොල්ලන්ගේ හිතේ. (බ)
හැමදාමත් බොරුවෙන් ජීවත්වෙන්න බැහැ (නි)
අපිට තලන්න ඕනේ මඩු වලිගෙන් ..? දුප්පත් අපේ බදු මුදලින් කොටින්ට කිරිපොවල ..කොට්ටේ තියල හුරතල් කරලා නැටුම් ගැයුම් වැයුම් දස්කම් වලින් සර්කස් එකට ගැලපෙන ..හොද මානව දයාව එකතු කරලා ..සයනයිඩ් කරල ගලවලා බිම දමලා ...?වැටෙන්නේ නැතිව ඉනිමගේ යන්න, කොන්ද කෙලින් කරගෙන දෙපයින් හිටගන්න අපේ සිංහල කොල්ලෝ කියල දුන්න නම්බුවද ඔය ....? (බ)
බොරුවට වැඩි ආයුෂ නැහැ කියනවනේ (නි)
මේ ක්‍රියාවලිය අගය කළයුතුයි. චෝදනා තියෙනවා නම් ඒවා වැරදයි කියලා ඔප්පු කරන්න පුළුවන් වීම ගැන. හා අපේ හමුදාව පිළිබඳ හොඳ ආකල්පයක් ඇතිවුණා මේ දේ නිසා. වෛරයෙන් වෛරය නොසන්සිඳේ. අපිට නැවත යුද්ධයක් අවශ්‍ය නැහැ (නි)
අපේ සිංහල මිනිස්සු ඔය වගේ පව්කාර වැඩ ගැන අහලවත් නැහැ . මෙයාල බොරු කියනවා විතරක් නෙමෙයි සමාජයට ඉතා භයානක ආදර්ශයන් දෙනවා ... (බ)
අතීතයේ ඉඳලාම කළේ සිංහලයාට අරියාදු, බොරු හා කපටිකම්. දැන් බොරුව අතේ පත්තුවෙලා! ඉස්සර බෙල්ලේ එල්ලගෙන හිටිය සයනයිඩ් කරල් දැන් කොහෙද දන්නේ නැහැ හංගලා තියෙන්නේ? (නි)
මේවට තමයි අභියෝග කියන්නේ.(හේ)
වීරවංශ මන්ත්‍රී තුමනි ! ඔන්න හොද අවස්තාවක් තුන්මුල්ලේ උපවාසයකට (හේ)
මෙය රටටම ජාත්‍යන්තරව බලපාන ලද ප්‍රකාශයක්. (ර)
එසේනම් බොරු චෝදනා කල අයට තද දඩුවම් ලබාදිය යුතුයි. (ර)
මම නම් කියන්නේ මේ වෛද්‍ය වාර්තාව පදනම් කරගන මේ විෂ ප්‍රචාර ගෙනගිය අයට එරහිව නීතිමය පියවර ගත යුතුමයි.(හේ)
මේ දේ ප්‍රචාරය කලේ හිටපු සාමාජිකයන් හදුනා ගන්න, දැන හදුනා ගන්න. කොහෙද අපේ අයට මේවා තේරෙන්න තව කල් යනවා.(හේ)
මේ කථාවේ යම් ඇත්තක් තියෙනවා. දැන් සිංහළ කුහකයන් අතර වගේම සිංහළ පාතාල සාමාජිකයන් අතරත් මේවා තිබේ. කෑමට හරි බීමකට හරි දුන්නොත් ප්‍රධාන වශයෙන් ආහාර ජීර්ණ පද්ධතියට බලපා ඒ ආශි්‍්‍රත පිළිකා ඇතිවී මේ අවධානමක් පවතිනවා (හේ)
හෆීල් ඔබ හරි. මේ කරුණ නිසා අපේ හමුදාවේ කීර්ති නාමයට වුණ හානිය සුළුකොට තැකිය නොහැකියි (බ)
විෂ එන්නත් නිසා නෙවෙයි. පවුකාරයෝ විඳවලා මැරෙන්නේ දිට්ටධම්මවේදනීය කර්මය නිසා.(බ)
මේ සියලු ප්‍රචාර ඇමරිකාව මුලිකව සිදුකර යි .සදාම් හුසේන්ට රසායනික අවි චෝදනාවක් කර එරට ආක්‍රමණය කළා. දැන් විස කන්න වෙලා තිබෙන්නේ සිංහලයන්ට යි (බ)
සිංහල මිනිස්සු ගැන අපි දන්නවා . ඔය වගේ පව්කාර වැඩ කරන්නේ නෑ... (හේ)
මෙයාල මේ කාට විරුද්ධවද මෙවැනි කටයුතු කරන්නේ. මෙහෙම බොරු චෝදනා කරන අයට ඇයි නීතියෙන් පියවරක් ගන්නේ නැත්තේ. (ර)
රවිදු, මම හොද සිංහල භාෂාවෙන්මයි ලියලා තියෙන්නේ කියවලා උපමා, තේමා, සමග මනසින් වටහා ගන්න. (ර)
දැන් තේරෙනවනේ ගිය අන්ඩුවෙයි මේ අන්ඩුවෙයි වෙනස... (ර)
අලි බොරුවක් මේක.(හේ)
රූපවතී මොනවාද ඔය කියවන්නේ? (නි)