සාමාන්‍ය පෙළ විශිෂ්ට ප්‍රතිඵල ලැබූ 1 ඒබී පාසල් (උසස් පෙළ විද්‍යා, කලා, වානිජ විෂයන් ඇති පාසල්) සිසුන් උසස් පෙළට ජනප්‍රිය පාසල්වලට ඇතුළු කර නොගැනීම ගැන සොයා බැලීමටත්, අසාධාරණයක් වී ඇත්නම් ඒ ගැන මහින්ද රාජපක්ෂ ජනපතිට දැන්වීමටත් ජාතික අධ්‍යාපන කොමිසම තීරණය කර ඇත.
සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ගත් සිසු සිසුවියන්ගේ දෙමාපියන් පිරිසක් පෙරේදා (8) එහි ගොස් පැමිණිලි කිරීමෙන් පසු එම තීරණය ගත් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
ජාතික අධ්‍යාපන කොමිසමේ සභාපති මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලක මහතා හමුවූ දෙමාපිය පිරිස අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිකුත් කර ඇති නව චක්‍රලේඛය නිසා තම දරුවනට දැඩි අසාධාරණයක් වන බවත්, තම දරුවන් මානසකිව ඇද වැටී ඇති බවත් පැවසූහ.
අධ්‍යාපන ප්‍රතිපත්ති පිළිබද තීන්දු තීරණ ගන්නේ අධ්‍යාපන අමාත්‍යංශය නොව ජාතික අධ්‍යාපන කොමිසම බව ද, උසස් පෙළ සිසුන් ඇතුළත් කිරීම ගැන අමාත්‍යංශය ගෙන ඇති තීරණය නීති විරෝධී බව ද කියමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතාගේ අත්සනින් ඊයේ (9) ජාතික අධ්‍යාපන කොමිසම වෙත ලිපියක් යැවීය.
කොළඹ විශාඛා සහ නාලන්ද විද්‍යාලය ආදී පාසල් කිහිපයක් මේවන විට සම්මූඛ පරීක්ෂණ පවත්වා සිසුන් තෝරාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහේ ඉස්කෝල වුණත් දක්ෂයාට තැන දෙන්න. ඒක දිගුකාලින ආයෝජනයක් ලංකාවට. (නි)
ස්තුතියි ඔබට මහාචාර්්‍ය ලත්ෂමන් ජයතිලක මැතිදුනි.(නදී)
මෙම ක්‍රමය නිසා සිසුන්ගේ තමන් කැමති පාසලක් සදහා යාමට ඇති අයිතිය උල්ලංගනය වෙනවා .මටද සුදුසුකම් සපුරා තිබුනද උසස් පෙළ සදහා වඩාත් හොඳ පාසලකට යාමේ අයිති මෙම චක්‍රලේකය මගින් ඇහිරී තිබෙනවා. මන් ඉල්ලා සිටින්නේ මෙම චක්‍රලේකය සංශෝදනය කර උසස් පෙළ සදහා තම සුදුසුකම් මත තමා කැමති පාසලකට යාමේ අයිතිය තහවුරු කරන ලෙසය. එමගින් මේ අසාදාරණයට ලක්වූ සියලුම සිසුන්ට සාධාරණයක් ඉටුකරන ලෙස වගකිව යුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.(නදී)
ඇත්තටම මෙවැනි පියවරක් ගැනීමෙන් උසස් පෙලට නව පාසලක් බලාපොරොත්තුවෙන් සිටින අපි වැනි සිසුන්ට මහත් වූ අසාධාරනයක් වෙනවා. ගොඩක් මහන්සි වෙලා පාඩම් කරලා රෑ වෙනකන් අමතර පන්ති ගිහින් හොදට විභාගය ලියලා ඒ සාමාර්ථ අටක් නවයක් ගත්තේ ඉන්න ඉස්කෝලෙට වැඩිය හොද ඉස්කෝලෙකට යන්න . අපි වංචාවෙන් නොවෙයිනේ නව පාසලට යාමට උත්සහ කරන්නේ . අපි ලබපු සුදුසුකම් මතවත් නව පාසලකට යාමට අපිට අවස්ථාවක් ලබා දෙන්න කියා මම සිසුවෙක් හැටියට වග කිව යුතු අංශ වලින් ඉල්ලා සිටිනවා. (නි)