සාමාන්‍ය පෙළ විශිෂ්ට ප්‍රතිඵල ලැබූ 1 ඒබී පාසල් (උසස් පෙළ විද්‍යා, කලා, වානිජ විෂයන් ඇති පාසල්) සිසුන් උසස් පෙළට ජනප්‍රිය පාසල්වලට ඇතුළු කර නොගැනීම ගැන සොයා බැලීමටත්, අසාධාරණයක් වී ඇත්නම් ඒ ගැන මහින්ද රාජපක්ෂ ජනපතිට දැන්වීමටත් ජාතික අධ්‍යාපන කොමිසම තීරණය කර ඇත.
සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ගත් සිසු සිසුවියන්ගේ දෙමාපියන් පිරිසක් පෙරේදා (8) එහි ගොස් පැමිණිලි කිරීමෙන් පසු එම තීරණය ගත් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
ජාතික අධ්‍යාපන කොමිසමේ සභාපති මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලක මහතා හමුවූ දෙමාපිය පිරිස අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිකුත් කර ඇති නව චක්‍රලේඛය නිසා තම දරුවනට දැඩි අසාධාරණයක් වන බවත්, තම දරුවන් මානසකිව ඇද වැටී ඇති බවත් පැවසූහ.
අධ්‍යාපන ප්‍රතිපත්ති පිළිබද තීන්දු තීරණ ගන්නේ අධ්‍යාපන අමාත්‍යංශය නොව ජාතික අධ්‍යාපන කොමිසම බව ද, උසස් පෙළ සිසුන් ඇතුළත් කිරීම ගැන අමාත්‍යංශය ගෙන ඇති තීරණය නීති විරෝධී බව ද කියමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතාගේ අත්සනින් ඊයේ (9) ජාතික අධ්‍යාපන කොමිසම වෙත ලිපියක් යැවීය.
කොළඹ විශාඛා සහ නාලන්ද විද්‍යාලය ආදී පාසල් කිහිපයක් මේවන විට සම්මූඛ පරීක්ෂණ පවත්වා සිසුන් තෝරාගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
97
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
144
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විශිෂ්ටයන්ගේ පිහිටට ජාතික අධ්‍යාපන කොමිසම
ලක්මාල් Thursday, 09 May 2013 04:08 PM
කොහේ ඉස්කෝල වුණත් දක්ෂයාට තැන දෙන්න. ඒක දිගුකාලින ආයෝජනයක් ලංකාවට. (නි)
එරල් සහබන්දු Thursday, 09 May 2013 10:31 PM
ස්තුතියි ඔබට මහාචාර්්‍ය ලත්ෂමන් ජයතිලක මැතිදුනි.(නදී)
එස්. රාජපක්ෂ Thursday, 09 May 2013 05:25 PM
මෙම ක්‍රමය නිසා සිසුන්ගේ තමන් කැමති පාසලක් සදහා යාමට ඇති අයිතිය උල්ලංගනය වෙනවා .මටද සුදුසුකම් සපුරා තිබුනද උසස් පෙළ සදහා වඩාත් හොඳ පාසලකට යාමේ අයිති මෙම චක්‍රලේකය මගින් ඇහිරී තිබෙනවා. මන් ඉල්ලා සිටින්නේ මෙම චක්‍රලේකය සංශෝදනය කර උසස් පෙළ සදහා තම සුදුසුකම් මත තමා කැමති පාසලකට යාමේ අයිතිය තහවුරු කරන ලෙසය. එමගින් මේ අසාදාරණයට ලක්වූ සියලුම සිසුන්ට සාධාරණයක් ඉටුකරන ලෙස වගකිව යුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.(නදී)
එස් . රාජපක්ෂ Thursday, 09 May 2013 05:44 PM
ඇත්තටම මෙවැනි පියවරක් ගැනීමෙන් උසස් පෙලට නව පාසලක් බලාපොරොත්තුවෙන් සිටින අපි වැනි සිසුන්ට මහත් වූ අසාධාරනයක් වෙනවා. ගොඩක් මහන්සි වෙලා පාඩම් කරලා රෑ වෙනකන් අමතර පන්ති ගිහින් හොදට විභාගය ලියලා ඒ සාමාර්ථ අටක් නවයක් ගත්තේ ඉන්න ඉස්කෝලෙට වැඩිය හොද ඉස්කෝලෙකට යන්න . අපි වංචාවෙන් නොවෙයිනේ නව පාසලට යාමට උත්සහ කරන්නේ . අපි ලබපු සුදුසුකම් මතවත් නව පාසලකට යාමට අපිට අවස්ථාවක් ලබා දෙන්න කියා මම සිසුවෙක් හැටියට වග කිව යුතු අංශ වලින් ඉල්ලා සිටිනවා. (නි)